ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව වෘත්තීය සමිති සටනේ


දයාසීලි ලියනගේ

ප්‍රතිත්‍රස්ත පනතෙන් සිදුවන හානිය නිසා එම පනතට පක්ෂව ඡන්දය නොදෙන ලෙස ඉල්ලා පාර්ලිමෙන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට වෘත්තීය සමිති 
එකමුතුව තීරණය කර ඇත.

රටේ කම්කරු ජනතාව ඇතුළු සියලු ජන කොටස්වලට මෙම පනත මගින් සිදුවන හානිය පිළිබඳව කරුණු ඇතුළත් පත්‍රිකාවක් සියලු මන්ත්‍රීවරුන්ට ලබා දෙන බව වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රකාශකයෙක් කීය.


මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත. ලබන මස 2 වැනිදා සිට මෙම පත්‍රිකා බෙදීම ක්‍රියාත්මක කෙරේ.