සුජිත් හේවාජුලිගේ
පසුගිය කාලයේදී පාරවල් නොමැති ස්ථාන රැසක පාලම් සාදා විශාල මුදලක් නාස්ති කර ඇතැයි ප්‍රවාහන මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත.
මේ ආකාරයට හම්බන්තොට පාරවල් නැති තැන් කිහිපයකද පාලම් සාදා ඇතැයි ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. පාලම් ව්‍යාපෘති ගණනාවක් අතරමග නතර වී ඇති බවත් මේවාට පසුගිය සමයේදී විශාල වශයෙන් මුදල් වැය කර තිබූ බවත් ඇමතිවරයා පැවසීය.
මේ අතර රුපියල් කෝටි 1500කින් අවසන් කිරීමට නියමිතව තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය දූෂණ වංචා, නාස්තිය සහ කල් මැරීම නිසා අද එය අවසන් කිරීමට කෝටි 35,000ක් වැය වන බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිරි වසර පහේදී සම්පූර්ණයෙන්ම අවසන් කරන බවද ඔහු සඳහන් කළේය.