දයාසීලි ලියනගේ
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඇතුළුව සියලු රාජ්‍ය නිලධාරින් දිනපතා සේවයට වාර්තා කිරීම සටහන් කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවකට එළඹීම සඳහා රජයේ ඉහළ මට්ටමින් දැනටමත් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දැන ගන්නට ඇත.
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
රජයෙන් වැටුප් ලබා ගන්නා පිරිස දිනපතා සේවයට වාර්තා කිරීම සටහන් කළ යුතු බවට කාලයක් තිස්සේ කතාබහ පැවතුනත් ඇතැම් වෘත්තිකයන් සේවයට වාර්තා කිරීම සටහන් නොවේ.
තමන් ලබන ප්රතිලාභ අහිමිවීමේ සැකය මත ඇතැම් පිරිස් සේවයට වාර්තා කිරීම සටහන් නොකරන අතර එමගින් විශාල මුදලක් අනිසි ලෙස යෙදවීමක් වන බවද මෙම සාකච්ඡාවල දී පෙන්වා දී ඇත.