දයාසීලි ලියනගේ
බැංකු තැන්පතුවල පොලියෙන් සියයට 5ක මුදලක් බදු වශයෙන් කපා ගැනීම නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දැඩි අසීරුවකට පත්වී සිටිති.
රජයේ සේවයේ රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වැටුප වශයෙන් ලබන අයගෙන් බදු කපා හැරීම සිදුවෙතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මාසයකට රුපියල් ලක්ෂයකට වඩා අඩු පොලියක් ලැබුවත් සියයට 5 ක මුදලක් බදු වශයෙන් කපා හැරීම සිදුකෙරෙන බව ඔවුහු කියති.
ඒ අනුව මාසික පොලිය වශයෙන් රුපියල් 15,000 සහ 20,000 ක් ලැබුවත් එම මුදලින් සියයට 5 ක් බදු වශයෙන් කපා ගැනීම සිදුවෙයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් මුදලින් මාසයකට ලක්ෂයකට අඩු ආදායමක් ලබන අයගේ බදු කපා හැරීමක් නොකරන බවයි.
ඒ සම්බන්ධව උපදෙස් චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරනු ලබන අතර එතෙක් ලක්ෂයකට අඩු පොලියෙන් කපා ගත් බදු මුදල ආපසු ගෙවන බව ද ඔහු කීය.