පොහොට්ටුවේ සභාපති පුටුව දේශපාලනයෙන් පිට ප්‍රබලයකුට


සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සභාපති ධුරය සඳහා දේශපාලනඥයකු නොවන සිවිල් සමාජයේ පුද්ගලයකු පත්කිරීමට එම පක්ෂයේ ඉහළ අවධානය යොමුවී ඇත.  

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පුද්ගලයකු පත් කිරීමට වැඩි ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බවයි.   


මෙයට අමතරව සභාපති ධුරය සඳහා තවත් නාමයෝජනා කිහිපයක්ම ඉදිරිපත්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.   


සභාපති ධූරය තව නොබෝ දිනකින් පිරවෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.   


මේ අතර මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හැර පක්ෂය හැර ගිය සෙසු කිසිවකුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු තනතුරක් නොදැරූ බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.