පෞද්ගලික අංශයෙන් තෙල් නොගන්නා පිරවුම්හල්වලට රජයෙනුත් තෙල් නෑ


දයාසීලි ලියනගේ 

ඉදිරියේදී මෙරට තෙල් බෙදාහැරීමට එකතු වන පෞද්ගලික අංශයෙන් ඉන්ධන ලබාදීමේ වැඩ පිළිවෙළට එකඟ නොවන්නේ නම් පෞද්ගලික ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබා නොදෙන බව රජයේ ප්‍රකාශකයෙක් කීය.

පෞද්ගලික අංශයේ ඉන්ධන පිරවුම්හල් 1200කින් 450කට පෞද්ගලික අංශයෙන් ඉන්ධන සැපයීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. වැඩිම ඉන්ධන අලෙවියක් ඇති පිරවුම්හල් 450ක් දැනට මේ සඳහා තෝරා ගෙන ඇත. 


මෙතෙක් මෙම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන ලබා දෙනු ලැබුවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙනි. 


ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව හා චීනයේ ආයතන තුනකික් පෞද්ගලික අංශයේ පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සැලසුම් කර ඇත. 


මෙම පෞද්ගලික ආයතනවලින් ඉන්ධන ලබා දෙන පිරවුම්හල් තෝරාගනු ලබන්නේ ලොතරැයි ක්‍රමයට බවද සඳහන් වේ.