බිංදුවටම පාඩු ලබන ආයතනයක ලොක්කාගේ මාසික දීමනා ලක්ෂ 40යි


දයාසීලි ලියනගේ  

තදබල ලෙසින් පාඩු ලබන රාජ්‍ය ආයතනයක ඉහළ පෙළේ නිලධාරියකුගේ මාසික වැටුප හා දීමනාව තවමත් ලක්ෂ 40 ඉක්මවා ඇති බව අනාවරණය වේ.

මෙම ආයතනයේ පාඩුව 2009 වර්ෂයේ සිට මේ දක්වා රුපියල් කෝටි 90,000ක් වශයෙන් ගණන් බලා ඇත. මීට අමතරව රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 18,900ක් ණය ගෙවීමට ඇති බවද අනාවරණය වේ. 

 
මීට අමතරව මෙම නිලධාරියා මුදල් සීමාවක් ​නොමැතිව ක්‍රෙඩිට් කාඩ්පතක් පාවිච්චි කරනු ලබන අතර එහි ණය මුදලද ආයතනය මගින් ගෙවනු ලබන බව අනාවරණය වී ඇත.  
මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා භාණ්ඩාගාර නියෝජිතයකුද පත්කර සිටින අතර අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකට සහභාගිවීම වෙනුවෙන් එක් වරකට ඔහුට රුපියල් 25,000ක මුදලක් ගෙවනු ලබන බවද වාර්තා වේ.  


මුදල් අමාත්‍යාංශය මගින් රාජ්‍ය ආයතනවල මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද උපදෙස් නොසලකා හරිමින් මෙම ආයතනය අදාළ ගෙවීම් කරන බව සඳහන් වේ.