පෙරේදා (සිකුරාදා) බුත්තල ප්රදේශය ආශ්රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. එහි අගය රික්ටර් මාපකයේ 3.0 ක අගයක් බව ද වාර්තා වෙයි.
මෙම භූ කම්පන තත්ත්වය බුත්තලට අමතරව වැල්ලවාය සහ හඳපානාගල ප්රදේශවලට දැනී ඇති බව ද එම ආයතනය සඳහන් කළේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ භූ කම්පන තත්ත්වය ගැන ජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැති බවය.