දේපළ හිමියන්ගෙන් මැසිවිලි
නිමන්ති රණසිංහ
මාර්ග ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය පවරා ගත් දිවයින පුරා ඉඩම් ඇතුළු දේපළ සඳහා ඒවායේ හිමිකරුවන්ට මූල්‍ය අර්බුදය හේතුවෙන් රුපියල් කෝටි 1200කට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව එම ඉඩම් සහ දේපළ හිමියෝ පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සධරා වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම මුදල් ලැබෙන පරිදි ගෙවා ගෙන යන බවයි.
මේ සම්බන්ධයෙන් එම දේපළ හිමියන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බව අධිකාරිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට නියමිතව තිබූ රුපියල් කෝටි අටදහස් තුන් සියයෙන් රුපියල් කෝටි හය දහසක් පමණ ගෙවා අවසන් කළ බව වීරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් අලුතින් මාර්ග සෑදීම කළ නොහැකි වුවත් රට පුරා මාර්ග අලුත් වැඩියා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.