මාර්තු මස 1 වැනිදා ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.
ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයන් බ්‍රහස්පතින්දා පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරීමට එහිදී තීරණය කර තිබේ.