පාර්ලිමේන්තු සභාවේ එකඟත්වයක් නෑ
අංජලු මහික වීරරත්න
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා තුනක සාමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ
එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් කල් යමින් පවතින බව වාර්තා වේ.
සාමාජිකයන් පත් කර ගැනීම නොහැකිව ඇති අනෙක් කොමිෂන් සභා වන්නේ මානව හිමිකම් කොමිසම හා පොලිස් කොමිසමයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පත්වීමෙන් පසුව සියලු ස්වාධීන කොමිෂන් සභා විසිර ගිය අතර ඒවාට නව සාමාජිකයන් පත් කිරීමට නියමිත විය.
නව සාමාජිකයන් පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවට පැවැරුණු අතර එය ජනපති, අගමැති නියෝජිතයන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් හා සිවිල් සමාජ නියෝජිතයන්ගෙන් සමන්විත විය.
එහි සාමාජිකයන් කිහිප දෙනකුගේ කඹ ඇඳීමක් නිසා මෙලෙස ස්වාධීන ආයතන සඳහා සාමාජිකයන් පත් කිරීම කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුයේ එම ආයතන පාරදෘෂ්‍ය භාවයෙන් යුතුව කටයුතු කිරීම වෙනුවෙනි.