සුජිත් හේවාජුලිගේ
මන්ත්‍රීවරුන් ඇතුළු අමුත්තන්ගේ දිවා ආහාර වේලට එක් කෙරුණු එළු මස් ව්‍යංජනය නතර කරන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් ආපනශාලා අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.
අධික මිල ගණන් හේතුවෙන් එළු මස් සැපයීම මෙසේ නතර කළ බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ එළු මස් ව්‍යංජනය බොහෝ මන්ත්‍රීවරුන් අතර ජනප්‍රිය වූ ආහාරයක් විය.
මේ අතර පාර්ලිමේන්තු දිවා ආහාර වේලට ඇතුළත් කෙරුණු ආහාර වර්ග ප්‍රමාණයද අධික මිල ගණන් හේතුවෙන් අඩු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.
පාර්ලිමේන්තුවේ ආහාර සඳහා වාර්ෂිකව වැය කරෙන මුදල රුපියල් කෝටි 12 කට ආසන්නය. එසේම පාර්ලිමේන්තුව දිනක් රැස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවන බව ගණන් බලා ඇත. මේ අතර පාර්ලිමේන්තුවේ බොහෝ වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම ප්‍රමාදවීම හේතුවෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තා වෙයි.