සුජිත් හේවාජුලිගේ
විදෙස්ගත ශ්‍රමිකයන්ට (රටවිරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විශේෂ විගණනයකදී තොරතුරු හෙළිවී තිබෙන බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මේ හේතුවෙන් විදෙස් රැකියාවල නිරත සුදුසුකම් ලැබූ පුද්ගලයන් රැසකට එම බලපත්‍ර ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමිව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර ලබාදීමේ වැඩ පිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව සමයේදීය. එම බලපත්‍ර වැඩපිළිවෙළේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට භාරදෙනු ලැබීය.
එම වාර්තාව ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. එම වාර්තාවෙන් රජයට නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත. රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමට බලපත්‍ර දීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු පදනම් කරගෙන ජාතික විගණන කාර්යාලය එහි නිලධාරී කණ්ඩායමක් යොදාගෙන මාසයකට වැඩි කාලයක් තිස්සේ එම විගණනය කළේය.