රාජිතට සහ ෆොනිට වේදිකාව තහනම්


නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේයේ ජ්‍යෙෂ්ඨයන් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරි මැතිවරණ ප්‍රචාරක රැලි සහ උත්සව සඳහා සහභාගී කර නොගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැණිව කටයුතු කිරීම, පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෝ මෙම තීරණය ගෙන ඇත. පක්ෂයේ ආසන සංවිධායකවරු සහ ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන පැමිණිලි සහ කරුණු සලකා බලා මෙම තීරණය ගත් බව සමගි ජන බලවේගයේ  ප්‍රකාශකයෙකු ඉරිදා ලංකාදීපයට පැවසීය.
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න යන මහත්වරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පක්ෂයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම ප්‍රකාශකයා කීවේය. එමෙන්ම ඔවුන්ට ඉදිරියේදී සමගි ජන බලවේගයෙන් හෝ සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර ඇති බවත් ඔහු තවදුරටත් කීය.