රිළවුන්ට රට සවාරි තීන්දුව කැබිනට් අනුමැතියට


දයාසීලි ලියනගේ

චීනයේ පෞද්ගලික ආයතනයකට රිළවුන් යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.

මෙම කමිටුව රිළවුන් යැවීම සුදුසු බව යෝජනා කළහොත් උන් චීනයට යැවීමටත් නුසුදුසු බව යෝජනා කළහොත් එම සතුන් නොයවන බවත් ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.  


රිළව් ගහනය අඩු කර ගැනීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙසට කරන ලද ඉල්ලීමට මෙතෙක් කිසිම ප්‍රතිචාරයක් ලැබී නැති බවද ඇමැතිවරයා කීය.