ලංකාවට දුන් ඇ​ෙමරිකන් අරමුදල් ගැන විගණනයක් කරනවා - ඇමෙරිකානු තානාපතිනිය පොහොට්ටු මූලස්ථානයේදී කියයි


ප්‍රේමකීර්ති රණතුංග 
ශ්‍රී ලංකාවේ විවිධ සංවිධාන සඳහා ඇ​ෙමරිකානු ආධාර අරමුදලෙන් (USAID) ලබාදී ඇති  ආධාර මුදල් වියදම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන බව ශ්‍රී ලංකාවේ ඇ​ෙමරිකානු තානාපතිනි ජුලි චංග් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මූලස්ථානයට ඉකුත් සිකුරාදා ගිය  අවස්ථාවේ එම පක්ෂයේ  නිලධාරීන්  කළ  විමසීමේදී චංග් මහත්මිය මේ බව  පවසා ඇත. 
ඉකුත් සතියේ ඇමරිකානු නව ජනාධිපතිවරයාගේ පරිපාලනය ලංකාව ඇතුළු රටවල් ගණනාවක ආණ්ඩු වෙනස් කිරීම සඳහා ඇමරිකානු අරමුදල් යොදා ගෙන ඇති බව හෙළිදරව් කිරීමෙන් පසු ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණීම විශේෂ සිදුවීමක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්  ඇතුළු එම පක්ෂයේ නිලධාරීන් හමුවූ ඇමරිකානු තානාපතිනිය රටේ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡාවක නිරත වූවාය. තම පක්ෂයේ නායකයන්ට  එරෙහිව වත්මන් රජය නඩු හදමින් ඔවුන්  සිරගත කරන ව්‍යාපාරයක් පවත්වාගෙන  යන බව පොදුජන පෙරමුණේ නිලධාරිහු තානාපතිනියට පෙන්වා දුන්හ. සාකච්ඡාව පැය එක හමාරක පමණ වේලාවක් පැවැත්විණි.