කල්පනාට සේවා දිගුවක්?
සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සහ රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ලබන ජූනි මාසයේදී විශ්‍රාම යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මුද්‍රණ ක්ෂේත්රයේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ලියනගේ මහත්මියට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.
නීතිඥයකු මෙන්ම නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වූ ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයට පත්වූයේ 2012 වර්ෂයේදීය. ඒ අනුව ඔහු වසර 11 ක පමණ කාලයක් එම ධුරයේ මේ දක්වා කටයුතු කර ඇත.
ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මුද්‍රණාලයාධිපතිනි තනතුරට පත් කැරුණේ 1986 වසරේදීය.
ඇය විශ්‍රාම යෑමට අදාළ ලියකියවිලි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දැනටමත් බාරදී ඇත.
රටේ පවතින මූල්‍යමය තත්වය සැලකිල්ලට ගෙන සේවා අවශ්‍යතා හැරෙන්නට වෙනත් බාහිර කාරණා මත නිලධාරීන්ට හෝ සේවකයන්ට උසස්වීම් ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
මේ අතර වයස 60 සම්පූර්ණ වූ පාර්ලිමේන්තු නිලධාරීහු සහ සේවකයෝ විසි දෙනෙක් පසුගියදා විශ්‍රාම ලැබූහ.