වසර 14 ක ඉතිහාසයේ වැඩිම වැස්ස 2023 වසරේ


ශෂිකා අබේරත්න
ගෙවුණු වසර 14 ක කාලයේදී වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ 2023 වසරේදී බවත් එම අගය මිලි මීටර් 2,536 ක් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙයි.

එම දත්තවලට අනුව, 2010 වසරේ සිට ලැබුණු වර්ෂාපතනය හා එහි අගයන් පහත පරිදිය. 2010 වර්ෂයේදී මිලිමීටර් 1,992යි. 2011මිලිමීටර් 2,027 යි. 2012මිලිමීටර් 1,776 යි. 2013මිලිමීටර් 1,687 යි. 2014මිලිමීටර් 2,136 යි. 2015මිලිමීටර් 2,131 යි. 2016මිලිමීටර් 1,351 යි. 2017මිලිමීටර් 1,757 යි. 2018මිලිමීටර් 1,944 යි. 2019මිලිමීටර් 2,054 යි. 2020මිලිමීටර් 1,613 යි. 2021මිලිමීටර් 2,312 යි. 2022මිලිමීටර් 1,966 යි