දයාසීලි ලියනගේ
සියලු රාජ්‍ය ආයතනවල කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතට පත් කරන ලෙස වර්ෂ 2019 දී දෙන ලද උපදෙස් බොහොමයක් රාජ්‍ය ආයතන නොසලකා හැර ඇති බව රාජ්‍ය මූල්‍ය අධ්යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල මහතා සඳහන් කරයි.
රාජ්‍ය ආයතනවල කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යොමු කිරීම මගින් ප්‍රමාදයකින් තොරව ජනතා සේවය ලබාදීම, තොරතුරු ලබා ගැනීමේ පහසුව, සේවය කාර්යක්ෂම වීම, රාජ්‍ය නිලධාරීන් අල්ලස හා දූෂණයෙන් බැහැර කිරීම යනාදී කරුණු ගණනාවක් ඉටුකර ගැනීමට තීරණය කර තිබුණි.
එහෙත් බොහොමයක් ආයතන මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක නොකිරීම නිසා තවමත් පරණ ක්‍රමයට ක්‍රියාත්මක වීම හේතුවෙන් ජනතාව අසීරුවට පත්වන බව ද සඳහන් වේ. මේ තත්ත්වය මඟ හැරීම සඳහා කඩිනමින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට යොමුවන ලෙසට සියලු ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.