විදුලිය නිපදවන ජලාශවල ජල මට්ටම සියයට තිහට බැහැලා


දයාසීලි ලියනගේ

විදුලිය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල මට්ටම සියයට 30ක් දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ.


ඒ අනුව විදුලිය නිෂ්පාදනයෙන් සියයට 20ක ප්‍රමාණයක් ජල විදුලියෙන් ලබාගන්නා අතර සියයට 48ක් පුනර්ජනනීය බලශක්තිය හා ඉන්ධනවලින් යොදා ගන්නා බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

රටේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා මේ වසර තුළ වැඩිම විදුලිය පාවිච්චියත් ගිය සතියේ දී පැවැති අතර එය ගිගා වොට් පැය 47ක් විය.  
ඉදිරි දිනවල දී විදුලිය පාවිච්චිය තවත් වැඩිවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය ප්‍රකාශ කරයි.