උපුල් වික්‍රමසිංහ
බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපයේ වක්‍ර බලපෑම හේතු කෙටගෙන දිවයිනේ නිරත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සති අන්තයේ (06 සහ 07 දිනයන්හිදී) අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ බස්නාහිර, සබරගමුව යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 50 ත් 75 ත් අතර වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වය මිලි මීටර් 75 ත් 100 ත් අතර අගයක් ගත හැකි බවත්ය.