උපුල් වික්‍රමසිංහ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය සිදු වෙන මේ වසරේ සැප්තැම්බර් වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්පූර්ණ කර ගත හැකි යැයි විශ්වාස කරන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි පසු ණය හිමියන් සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළව චීනයේ එක්සිම් බැංකුවෙන් ලබා දුන් වසර දෙකක සහන කාලය 2023 න් අවසන් වන බැවින් 2024 වසරේ සිට යළිත් චීනයට ගෙවීමට ඇති ණය පොලී වාරික ගෙවීම ආරම්භ කළ යුතු යැයි ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍ය බව කී සේමසිංහ මහතා චීනය මෙරටට යොමු කළ පළමු ණය සහතික ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමයන් ආවරණය කර නොතිබුණෙන් දෙවැනි වරටත් ලිපියක් යොමු කළ බවද සඳහන් කළේය.