- ChatGPT අයත් OpenAI සමාගම පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොවේ, ලොව අංක එකේ බිලියනපතියා, ඉලොන් මස්ක්ය. ලොව ව්‍යවසායකයන් අතර ඉහළින්ම වැජඹෙන ඔහු ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ද, ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ සමාගම වූ ස්පේස් එක්ස් ආයතනයේ ද ආරම්භකයාය.
නව තාක්ෂණය ගැන කතා කරනවා නම්, Open AI පර්ෙය්ෂණ තාක්ෂණික සමාගම හඳුන්වා දුන් ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම ගැන කතා කරන්නම සිදුවෙයි. අන්තර්ජාල පරිශීලකයන්ට මෙය එක්තරා ආකාරයක කෘත්‍රිම බුද්ධි සෙවුම් යන්ත්‍රයක් වැනිය. ChatGPT යනු ඇමෙරිකන් කෘත්‍රිම බුද්ධි පර්ෙය්ෂණාගාරයකි. කෘත්‍රිම බුද්ධි මෙවලම් හඳුන්වාදීමේ දී දැනට ඉදිරියෙන් සිටින්නේ OpenAI යැයි කීවොත් එය නිවැරදිය. මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි මෙවලම් නිර්මාණය කිරීම තම අරමුණ යැයි OpenAI සමාගමේ ප්‍රධානී සෑම් ඕල්ට්මන් පවසා ඇත. ඒත්, එය එසේම ද?
මීට මාස 7 කට හෝ 8 කට පමණ කලින් OpenAI සමාගමේ ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම ගැන අප කිසිවකු දැන සිටියේ නැත. ඒත් අද ChatGPT ගැන නොදන්න කෙනෙකු නැති තරම්ය. OpenAI සහ ChatGPT සම්බන්ධ අලුත්ම පුවත නම්, OpenAI සහ ChatGPT එරෙහිව ඇමෙරිකාවේ නඩුවක් ගොනු කර තිබීමය. OpenAI ප්‍රධානී සෑම් ඕල්ට්මන්ට චෝදනා එල්ල වී ඇත්තේ, ලාභ ලැබීමේ අරමුණින් පමණක් ක්‍රියාකරමින්, පෞද්ගලික තොරතුරු එසේත් නැතිනම් පෞද්ගලික දත්ත මහා පරිමාණයෙන් සොරකම් කර, ඒවායින් ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම නිර්මාණය කිරීමට, නැතිනම් පුහුණු කිරීමට යොදා ගෙන තිබීම ගැනය.
පෞද්ගලික තොරතුරුවලට පරිබාහිරව, OpenAI සමාගම, අන්තර් ජාලය හරහා පොත්පත්, ලිපි ලේඛන ආදියට ඇතුළත් වචන බිලියන 300 ක් ඉතාමත් රහසිගතව, අනුමැතියකින් තොරව, ලබාගෙන ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. එපමණක් නොව, OpenAI සමාගමේ, ඔන්ලයින් (අන්තර්ජාලය හරහා) ChatGPT කෘත්‍රිම බුද්ධි මෙවලම හරහා මානව සංස්කෘතියේ පරිහානිය සිදුවෙන බවත්, මිනිසාට නිර්මාණශීලීව සිතන්න ලබා දී තිබුණු අවස්ථාව උදුරා ගෙන ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. මේ වෙන විට OpenAI නිසා සිදුවුණු අලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 3 කට වඩා වැඩි යැයි ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණය හමුවේ නඩුව ගොනු කළ, පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ක්ලාක්සන් නීති සමාගම පවසා ඇත.
මොකක්ද මේ වෙලා තියෙන්නේ දැන ගැනීමට නම්, OpenAI සමාගම සහ ChatGPT යනු කුමක්දැයි අවබෝධ කර ගත යුතුය. ChatGPT යනු Chat Generative Pre-Trained Transformer යන වදන් පෙළ කෙටි කර දැක්වීමකි. එය කුමක්දැයි කෙටියෙන් පැහැදිලි කළොත්, ChatGPT යනු කෘත්‍රිම බුද්ධි මෙවලමකි. පරිගණකයෙන් හෝ ඔබේ ස්මාර්ට් ෆෝන් දුරකතනයෙන් හෝ, අන්තර් ජාලය හරහා ChatGPT සමඟ සම්බන්ධ විය හැකිය. ඉන්පසු අන්තර් ජාලය හරහා ඔබට යම් කාර්යයක් කර ගැනීමට තිබෙනවා නම්, ඒ ඕනෑම දෙයක් ChatGPT සමඟ ඉංග්‍රීසියෙන් කතාබහ කරමින් ඔබට ඕනෑ විදිහට නිර්මාණය කර ගත හැකිය. ගීත, වීඩියෝ හෝ කාටූන් නිර්මාණ කරන්න, ලිපි ලේඛන, චිත්‍ර, ඡායාරූප නිර්මාණය කරන්න, රැකියාවේ, පාසලේ හෝ අධ්‍යාපන වැඩකටයුතුවලදී එම වැඩ පහසුවෙන් පමණක් නොව ඉක්මනින් කරවා ගන්න, ගිණුම්කරණයේ දී වැඩ පහසු කර ගන්න ChatGPT අසුරු සැණින් ඔබට පිහිට වෙයි. ඔබ කළ යුත්තේ අවශ්‍ය දේ ඉංග්‍රීසියෙන් පැහැදිලිව, ChatGPT වෙත ලබා දීමය. ඔබේ ඉංග්‍රීසි දැනුම හෝ පරිගණක දැනුම පහළ මට්ටමක තිබේ නම්, එහිදී ද ඔබට ChatGPT ගුරුවරයකු කර ගැනීමට ද හැකියාව පවතී. රස කරමින් කන්න කෑම වර්ග හදා ගන්නේ කෙසේදැයි කියා දේවි. පරිගණක කේත සැකැසීමත් ChatGPT උදවුවෙන් කර ගත හැකිය. එපමණක් නොව, ඔබටම කියා කෘත්‍රිම බුද්ධි මෙවලමක් නිර්මාණය කර ගැනීමට ද උදවු ලබා ගත හැකිය. ඔබ පාසල් සිසුවකු නම් ඔබේ වයසට, වදන් දැනුමට, අධ්‍යාපනයට ගැළපෙන ආකාරයට, ඕනෑම මාතෘකාවක් යටතේ රචනාවක් නිර්මාණය කරවා ගැනීමටද එමගින් පුළුවන. ඒ මාතෘකාවේම ගැඹුරු ලිපියක් වුනත් සකස් කරවා ගත හැකිය. එය කළ හැකි වෙන්නේ ChatGPT සමග සාකච්ඡා කර නිවැරදිව ඔබේ අවශ්‍යතාව පැහැදිලි කර දුන් පසුවය.
ඔබේ සිතුම් පැතුම් ඉටු කිරීමට නම් ChatGPT හැමදේම දැන සිටිය යුතුය. OpenAI සමාගම, ChatGPT ලොවට හඳුන්වා දීම සිදු කළේ පසුගිය 2022 නොවැම්බරයේය. හරියටම කීවොත් නොවැම්බර් 30 වැනිදාය. ඒ වෙනතුරු කිසිවකු ChatGPT ගැන දැන සිටියේ නැත. ChatGPT කෘත්‍රිම බුද්ධිය දිනෙන් දින දැනුම රැස් කර ගනී. පරිගණක විද්‍යාවට අනුව එය පරිණාමය වීමක් සිදුවෙයි. ChatGPT හැම දෙයක්ම දැනගන්නා දවසක් ඒවි. ඒ දවස වැඩි ඈතක නොවන බව ද කිව යුතුය. පෞද්ගලික තොරතුරුවලට පරිබාහිරව, OpenAI සමාගම, අන්තර් ජාලය හරහා පොත්පත්, ලිපි ලේඛන ආදියට ඇතුළත් වචන බිලියන 300 ක් ඉතාමත් රහසිගතව, අනුමැතියකින් තොරව ලබාගෙන ඇති බවටත්, චෝදනා එල්ල වී ඇත්තේ ChatGPT මෙසේ පරිණාමය වෙන බැවිනි.
ChatGPT අයත් OpenAI සමාගම පසුපස සිටින්නේ වෙන කවුරුවත් නොවේ, ලොව අංක එකේ බිලියනපතියා, ඉලොන් මස්ක්ය. ලොව ව්‍යවසායකයන් අතර ඉහළින්ම වැජඹෙන ඔහු ටෙස්ලා විදුලි මෝටර් රථ සමාගමේ ද, ප්‍රථම පෞද්ගලික අභ්‍යවකාශ සමාගම වූ ස්පේස් එක්ස් ආයතනයේ ද ආරම්භකයාය. ඔහු මෑතදී ට්විටර් සමාගම ද මිල දී ගත්තේය. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ මස්ක්ගේ අද නිවහන ඇමෙරිකාවය. OpenAI සමාගමේ ප්‍රධානියා සෑම් ඕල්ට්මන් නිසා බොහෝ දෙනකු ඉලොන් මස්ක් මේ පසුපස සිටින බව නොදන්නවා වෙන්න පුළුවනි.
අද OpenAI සෑම් ඕල්ට්මන් යටතේ පැවැතියත්, OpenAI ආරම්භය සිදුවූයේ 2015 දී ඉලොන් මස්ක් ඇතුළු කණ්ඩායමක් එකතු වී නිර්මාණය කළ සංකල්පයක් නිසාය. ආරම්භයේ දී ඉලොන් මස්ක් OpenAI සමාගමේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. කෙසේ නමුත් ඔහු 2018 දී OpenAI සමාගමට සමු දුන්නේය. ඒ, මිනිස් වර්ගයාගේ යහපත වෙනුවෙන් තවත් කළ යුතු සහ කළ හැකි බොහෝ දේ ඇතැයි පවසමිනි. ඉදිරි දශකයේ අඟහරු බලා ගගනගාමීන් රැගෙන යන ගමනට ද මස්ක්ගේ දායකත්වය ලැබෙනු නිසැකය.
2018 දී OpenAI සමාගමෙන් ඉවත් වුවත්, එහි කටයුතු සොයා බලමින් ඊට පූර්ණ දායකත්වය ලබා දීම සිදු කරන්නේ ද ඉලොන් මස්ක්ය. තවත් පැහැදිලිව කීවොත්, ඉලොන් මස්ක් නැතිනම් OpenAI කියා සමාගමක් හෝ ChatGPT කියා කෘත්‍රිම බුද්ධි මෙවලමක් හෝ නැතැයි බොහෝ දෙනා තර්ක කරති.
2019 වසර OpenAI සමාගමට ඉතා වැදගත් එකක් විය. ඒ, Microsoft සමාගම OpenAI වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කළ බැවිනි. එසේ කළේ Microsoft සමාගමට අවශ්‍ය වූ Cloud Computing සඳහාය. එම ආයෝජනය සාර්ථක එකක් විය. 2022 නොවැම්බර් 30 වැනිදා ChatGPT කරළියට පැමිණීමට එය මඟ සකස් කර දුන්නේය. අද වෙන විට මිලියන ගණනක් ChatGPT භාවිතයට ගන්නා බව පැවැසෙයි. ChatGPT සේවාව සඳහා OpenAI සමාගමට දිනකට ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් වැය වෙනවා යැයි ද පැවැසෙයි. ChatGPT අනාගතයේ භාවිතයට ගන්නා බිස්නස් මොඩියුලය කුමන ආකාරයේ එකක් වෙවිදැයි දැන්ම කිව නොහැකිය. නඩු විභාගය කෙසේ අවසන් වේවිදැයි කිව නොහැකිය. කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලිය. දැනටමත් අප නව තාක්ෂණයට ඇබ්බැහි වී අවසන්ය.
ChatGPT අපේ දෛනික කටයුතු තවත් පහසු කරනු නොඅනුමානය. කෙසේ නමුත් එය බොහෝ රැකියාවලට තර්ජනයක් වේවි. මිනිස් අපේ සිතීමේ හැකියාව මොට කරාවි. නිර්මාණශීලී අදහස් අපෙන් ගිලිහී යාවි. කෘත්‍රිම බුද්ධි නිර්මාණ මිනිස් වර්ගයා යටපත් කර ගනිමින් පෘථිවියේ ආධිපත්‍යය පතුරුවා ගන්නා අයුරු බටහිර විද්‍යා ප්‍රබන්ධ සහ හොලිවුඩ් සිනමා නිර්මාණ හරහා අපට දකින්න ලැබී තිබේ. ChatGPT වැනි කෘත්‍රිම බුද්ධි තව තව නිර්මාණය වෙද්දී, අප නොදැනුවත්වම කෘත්‍රිම බුද්ධියක ග්‍රහණයට නතු වෙනු ඇතැයි විද්වතුන්ගේ අදහස යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
■ ලුසිත ජයමාන්න