පෙර භවයේ මරණයට හේතුව සිහිනයෙන් කියා යළි උපන් දරුවෝ


පෙර භවයේ ප්‍රබල සාක්කි  

 

මවගේ සිහිනය සැබෑ වූ දරුවා  

 

පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී සිහින පිළිබඳවද වැදගත් තොරතුරු අනාවරණය වේ. පෙර භවය හෙළි කළ දරුවන්ගේ උපත සිදුවීමට ප්‍රථම ඇතැම්විට එම දරුවන්ගේ මව්වරුන් දුටු සිහින (DREAMS AND NIGHTMARES OF SUBJECT RELATED TO PREVIOUS LIFE) සංඥ‌ා සිහින ලෙස පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී තිබේ. දේශීය මෙන්ම විදේශීය පුනර්භව සාධක අතර එවැනි සිදුවීම් රැසක් ඇත. ඇතැම් විට පවුලේ වෙනත් ඥ‌ාතියෙකු හෝ මිතුරන් විසින්ද දුටු සිහින අනුව මියගිය අය පිළිබඳව අනාවරණය කළ දරුවෝ සිටිති.  


මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින් සිදුකළ පර්​ෙ‌ය්ෂණයකදී තුර්කියේ දරුවෙකුගෙන් හෙළි වූ පුනර්භව සාධකයක් ප්‍රබල සාක්කියක් බවට පත්වී ඇත. එම දරුවා උපත ලැබුවේ කනේ කොටසක් අඩු වී අංග විකල අයුරිනි. සෙමි නම් එම දරුවා උපත ලැබුවේ 1958 මැයි මාසයේ දීය. ඔහුගේ උපත සිදුවීමට දිනකට පෙර දුටු සිහිනයක් මවගෙන් අනාවරණ්‍ය විය. ඇය නිවසේ සිටියදී රුධිරය ගලමින් පුද්ගලයෙකු පැමිණියේය. ඔහුගේ මුහුණ මුළුමනින්ම රුධිරයෙන් වැසී තිබිණි. සිදුවූයේ කුමක්දැයි පැමිණි පුද්ගලයාගෙන් ඇය විමසුවාය. ඔහුගේ කනට වෙඩි තැබූ බැව් ඔහු පිළිතුරු දෙමින් පැවැසීය.  


අනතුරුව ඇගේ කුසෙන් උපත ලද දරුවාගේ කනේ උපතින්ම ආබාධිත  තත්ත්වයක් දක්නට ලැබිණි. කනේ කොටසක් අඩුවී තිබිණි. එය දුටු විගස මවට ඇය දුටු සිහිනය ද සිහිපත් විය. එහෙත් තමා දුටු පුද්ගලයා ඇගේ කුස තුළින් උපත ලබා ඇතැයි ඇය නොසිතුවාය. එම දරුවා බහ තෝරන වියට පත්විය. වයස අවුරුදු දෙකේදී ඔහු පෙර භවය හෙළි කළේය. ගොවිතැන් ජීවිකාව කරගෙන සිටි බවත් දිනක් වැඩ කරමින් සිට විවේක ගැනීම සඳහා බිම වැතිරී සිටියදී පුද්ගලයෙකු තැබූ වෙඩි උණ්ඩයක් කනට වැදී මරුමුවට පත්වූ බවත් පැවසීය.  
පෙර භවයේදී බිරියගේ සහ දරුවන්ගේ නම් ද නිවැරදිව හෙළිකළ ඔහු තමාට වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳව ද හෙළි කළේය. මේ පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ පර්යේෂණය ඔහුගේ පර්යේෂණ ග්‍රන්ථයකට ද ඇතුළත් කර ඇත. එහි මව දුටු සිහිනය සඳහන් කර ඇත්තේ මෙසේය.  


TWO DAYS BEFORE SAMIS BIRTH SHE DREAMED THAT A MAN WITH HIS FACE COVERED BY BLOOD ENTERED HER ROOM AND THE VISITOR REPLIED THAT HE HAD BEEN SHOT IN THE EAR යනුවෙනි.  
මෙම වෙඩ් තැබීම නිසා මියගිය පුද්ගලයා පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී ඔහු පවසා ඇත්තේ තමා දඩයමේ යන බවත් එම ගොවි බිමේදී හාවෙකු යැයි සිතා වෙඩි තැබීම සිදුකළ බවත්ය.  

 

සිහිනෙන් දුටු නිවස  

 

 

මේ හා සමානව සිහිනයක් මගින් දුටු අයුරින් මියගිය පුද්ගලයෙකුගේ ජීවිත තොරතුරු හෙළි කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය. එම මවට දරුවා පිළිසිඳ ගැනීමට ප්‍රථම මියගිය ඥ‌ාති සොහොයුරෙකු පැමිණ ඇය ළඟ උපදින්නට හැකි ද යන්න විමසූ බැව් මව අනාවරණය කළාය. අනතුරුව ඇයගේ කුස තුළින් උපත ලැබූ දරුවාගේ සිරුරේ හිස, අතක සහ පාදයකත් උපන් ලප පිහිටා තිබිණී.  


 බහතෝරණ වියට පත්වීමෙන් පසු එම දරුවා විසින් ඔහුගේ සිරුරේ පිහිටා තිබූ උපන් ලප පෙන්වමින් එම ස්ථාන පෙර භවයේදී සිදුවූ තුවාල කැළල් ලෙස අනාවරණය කළේය. පෙර භවයේදී දෑත් පිටුපසට කර බැඳ ගල් පහරක් හිසට එල්ල කළ බවත් පසුව පපුවට වෙඩි තැබූ බවත් පැවැසීය. පෙර භවයේදී බිරිය සහ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු ලෙස සිටි බවත් පැවැසී්‍ය. එම දරුවා අනාවරණ කළ පෙර භවයේ පුද්ගලයා 1954 වසරේදී මරණයට පත්වී ඇති අතර ඔහු උපත ලබා තිබුණේ 1957 වසරේදී්‍ය.  


 සිහින මගින් සංඥ‌ා ලබා දී උපත ලද පෙරභවය හෙළි කළ දරුවන් කීප දෙනෙක් ශ්‍රී ලංකාවේ පුනර්භව පර්​ෙ‌ය්ෂණවලට ඇතුළත් වී සිටිති. එක් දරුවෙක් උපත ලැබීමට ප්‍රථම මව දුටු සිහිනයක් සහ තවත් දරුවෙක් මියගිය දරුවෙකුගේ සොහොයුරෙකු දුටු සිහිනයක් ද සැබෑ කරමින් උපත් සිදුවී තිබේ. සොහොයුරා දුටු සිහිනයක් සැබෑ කරමින් උපන් දරුවා අජිත් යනුවෙන් නම් ලබා, තිබිණි. ඔහු අනාවරණය කළේ ළිඳක වැටී මරණයට පත්වූ ජානක නම් දරුවෙකුගේ තොරතුරු විය. 1966 වසරේදී උපත ලද ඔහු මරණයට පත්වන විට අටවැනි වියේ පසුවිය. දඟකාර දරුවෙකු වූ ජානක ක්‍රීඩාවට තදින්ම කාලය ගත කරන්නට විය. පාසල් අවසන් වී පැමිණ වෙලේ සිටම දුව පැන ඇවිදිමින් වත්තේ සෙල්ලම් කිරීම ඔහුගේ සිරිත විය. ක්‍රීඩා කිරීමෙන් පසුව ස්නානය කරන ලෙස මව ඔහුට නිතර අවවාද කරන්නීය. කීප විටක්ම මව කියන තුරු නෑමට නොයෑමද ඔහුගේ සිරිතය.  


 දිනක් සවස්වන තුරු ක්‍රීඩා කරමින් සිටි ජානකට ස්නානය කර ගෙන පැමිණෙන ලෙස මව කීවාය. කීප විටක්ම මව කියන තුරුත් නෑමට නොයෑම නිසා මව කෝටුවක් අතට ගත්තාය. මව පහර දෙනු ඇතැයි සිතූ ඔහු ළිඳ වෙත දුව ගියාය. නිවසේ සිට ළිඳ වෙත යන ගමන් මාර්ගය පල්ලමක් සහිතව පිහිටා තිබිණි. ඔහු දුව ගිය වේගය පාලනය කරගත නොහැකිව ළිඳට වැටුණි. තම දරුවා ස්නානය කරගෙන පැමිණෙන තුරු මව බලා සිටියාය. එහෙත් ඔහු නොපැමිණියේය. ප්‍රමාදය සොයා ගිය ඔවුන්ට දැකගත හැකිවූයේ එම දරුවා ළිඳේ වැටී සිටි අයුරුය. සිරුර ගොඩ ගන්නා විටත් ඔහු මරණයට පත්වී තිබිණි.  


 අකල් මරණයට පත්වූ එම දරුවා මියගොස් වසරක් පමණ ගත විය. දිනක් මියගිය දරුවාගේ සොහොයුරා සිහිනයක් දුටුවේය. ඔවුන් එ් වන විට පදිංචිව සිටියේ දුම්රිය මාර්ගයකට ආසන්න නිවසකය සොහොයුරා දුටු සිහිනය වූයේ තම මල්ලී දුම්රිය මාර්ගය අද්දර විදුලි පහන් කණුවක් අසල සිටින අයුරුය.  
 තම මල්ලී සිහිනෙන් දුටු ස්ථානය ඔහු තම මවට ද පැවැසීය. කාලය ගෙවී ගියේය. 1975 වසරේදී සොහොයුරා සිහිනෙන් දුටු ස්ථානයේ පිහිටි නිවසේදී උපත ලද අජිත් නම් දරුවෙක් මියගිය ජානක බැව් අනාවරණය කළේය. පෙර භවයේ දී මරණයට පත්වූ අයුරු ඉතා හොඳ මතකයෙන් හෙළි කළ එම දරුවා පෙර භව නිවසට ගොස් පෙරභව ඥ‌ාතීන් කීප දෙනෙක්වද නිවැරදිව හඳුනා ගත්තේය. එම දරුවා කුඩා කල සිට තිබූ හැසිරීම් රටාවක් ද පෙර භවයේ ප්‍රබල සාක්කියක් බවට පත් විය. එනම් එම දරුවා ඉතා කුඩා කල සිට නිද‌ා ගැනීමට පුරුදුව සිටියේ සිරුර යටිකුරුව ගුලිවී සිටි අයුරිනි. ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී හෙළිවූයේ පෙර භවයේදී ඔහුගේ මළසිරුර ළිදෙන් ගොඩ ගන්නා විට දක්නට ලැබුණේ ඔහු නිද‌ාගන්නා අයුරින් සිරුර තිබූ ලෙසට වීමය.  


මෙම දරුවාගේ පුනර්භවය පිළිබඳව ද පර්​ෙ‌ය්ෂණයක් පැවැත්වීමට පැමිණි මහාචාර්ය ස්ටීවන්සන් ඔහුගේ පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථයකට ද එය ඇතුළත් කර තිබේ. (AJITH IN THE POSTURE HE ASSUMED WHEN HE SLEPT IN THE POSTERE CORRESPONDING TO THAT OF THE BODY OF JANAKA WHEN IT WAS FOUND IN A WELL) යනුවෙන් සඳහන් කර ඇත. එම දරුවාගේ මෙම ක්‍රියාවලිය පෙර භවය සනාථ කළ ප්‍රබල සාක්කියක් ලෙස පර්​ෙ‌ය්ෂණ අතරට එක්වී තිබේ.  


 මව සිහිනයක් දැකීමෙන් පසු උපන් තවත් දරුවෙකු මගින් පෙර භවය සනාථ වූ පුනර්භව සාධකයක් හෙළිවූ​යේ ගිනිගත්හේන ප්‍රදේශයෙනි. ඒ වන විට තරුණ යුවළක් වූ එම දරුවාගේ මාපියන් පදිංචිව සිටි ප්‍රදේශයට නුදුරුව තරුණයෙකු සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා මරණයට පත්විය. මියගිය තරුණයා එම දරුවාගේ මිතුරෙකුව සිටියේය. මියගිය තරුණයාගේ අවමංගල උත්සවයට තරුණ සැමියා සිය බිරිඳ ද සමඟ සහභාගි විය. මළ නිවසට ​ගොස් පැමිණීමෙන් පසු දිනක් බිරිය සිහිනයක් දුටුවාය. නිවසට පැමිණි අයෙක් නිවසේ නතරවීමට හැකි දැයි විමසුවේය.  


 එයට පිළිතුරු දුන් පැමිණි පුද්ගලයා ඔහුගේ නම පැවසුවේය. බියපත්ව අවදි වූ බිරිඳ තමා දුටු සිහිනය සැමියාට හෙළි කළේය. මියගිය තම මිතුරාගේ නම බිරිය ප්‍රකාශ කිරීම සැමියාට ගැටලුවක් වී තිබිණ. කාලය ගෙවී ගියේය. හරියටම මසක් ගත විය. බිරිය දරුවෙකු පිළිසිඳ ගැනීමත් සිදුවිය. 1976 දෙසැම්බර් මාසයේදී ඇය දරුවෙකු බිහි කළාය.  


 එම දරුවා බහ තෝරණ වියට පත්වී පෙරභවය අනාවරණය කළේය පෙර භවයේදී සර්පයෙකු දෂ්ඨ කළ බවත් දෂ්ඨ කළ පාදයේ දළ පහර වැදී තිබූ ස්ථානය පෙන්වා දුන්නේය. තමා මහා මාර්ගයේ ඇවිද යමින් සිටියදී සර්ප දෂ්ඨයට ගොදුරු වූ බවත් හෙළි කළේය. අනතුරුව එම දරුවාට පෙර භවයේ නිවසට යෑමටත් පෙරභව ඥාාතීන් හඳුනා ගැනීමටත් හැකි විය. මව දුටු සිහිනයකින් පසු සිහිනය සැබෑ කරමින් සිදුවූ පුනර්භව සාධකයක් ලෙස එම දරුවාගේ කතා පුවත ද පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ. 

 

 

තිස්ස ජයවර්ධන