ක්‍රිස්තියානි සම්ප්‍රදාය අනුව බෙත්ලෙහෙම් තරුව යනුවෙන් හැඳින්වෙන නත්තල් තරුව, ලෝකවාසීන්ට අමුතු දෙයක් නොවේ. ජේසුතුමාගේ උපත සලකුණු කිරීමට මෙම තාරකාව පෑයූ බවට ක්‍රිස්තියානුවන්ගේ දැඩි විශ්වාසයයි. බොහෝ දෙනෙකුගේ තවත් විශ්වාසයක් නම් මෙම තාරකාව දිවැසි වැකියක් සම්පූර්ණ කිරීමක් බවය. බයිබලයේ එන මතෙව් සුබාරංචිය අනුව ශාස්ත්‍රවන්තයින් ජෙරුසලමේ හෙරොද් රාජසභාවට පැමිණි අතර ජුදයින්ගේ රජ උපත සලකුණු කළ තාරකාව පිළිබඳ හෙරෝද් රජුට සැලකරන ලදී.
හෙරෝද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමේදී ජේසුස් වහන්සේ උපන් කල පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත් ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හිද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිගදී දැක එතුමාණන්ට නමස්කාර කරනු පිණිස ආවෙමුයි කීහ. එපවත් ඇසූ හෙරොද් රජුද මුළු ජෙරුසලම් ජනතාවද කැළඹූහ. එකල ඔහු සෙනලාගේ සියලු නායක පූජකයන්ද විනය ධරයන්ද රැස්කරවා ක්‍රිස්තුස් වහන්සේ කොහේ උපදින සේක්දැයි ඔවුන්ගෙන් විචාලේය.
(බයිබලය - මතෙව් සුබාරංචිය)
ජේසු උපන්දා අහසේ දිස්වූ විස්මිත තරුව පිළිබඳව බයිබලයේ මතෙව් සුබාරංචියේ දැක්වෙන්නේ එසේය.
මෙම හේතුව නිසා බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ජේසු උපන්දා අහසෙහි පෑයූවේ තාරකාවක් බවයි. තවත් සමහරුන් පවසන්නේ එය ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක් බවයි. එහෙත් නත්තලේ අසිරිය ගෙනෙන නත්තල් තරුව පිළිබඳව ඊට එහා ගිය විද්‍යාත්මක තත්ත්වයක් වර්තමානයේ හෙළි වෙමින් පවතී. මතෙව් සුබාරංචියේ සඳහන් ආකාරයට ප්‍රඥාවන්තයින් (රජවරු) තිදෙනාට ජේසු බිලිඳා සොයා ඒමට මඟ පෙන්වූ බෙත්ලෙහෙම් තාරකාව පිළිබඳ විස්තර සොයා ගැනීමට විද්‍යාඥයෝ බොහෝ කාලයක් තිස්සේ පර්ෙය්ෂණ කළහ. එම පර්ෙය්ෂණවලින් ලද තොරතුරු අනුව ඔවුන් පවසන්නේ ජේසු උපන්දා අහසේ පායා තිබුණේ තාරකාවක් නොවන බවයි. ජේසුස් වහන්සේ වැනි සුවිශේෂි කෙනෙකු උපන්දා රෑ හසේ දිස්වූයේ සුවිශේෂි සිදුවීමක් බව වැඩිදුරටත් ඔවුහු පවසති.
මෙතෙක් ඉතිහාසයේ සඳහන් වාර්තා සහ බයිබලයේ සඳහන් තොරතුරු ක්‍රමවත්ව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් ගණනය කිරීම් සිදුකරමින් නව අධ්‍යයනයක් සිදුකර ඇත. සිදුකළ එම අධ්‍යයනය අනුව එම විද්‍යාඥයන් පවසනු ලබන්නේ ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වූ මෙම ආලෝකය තරුවක් නොව මේෂ රාශිය සහ ග්‍රහලෝක කීපයක් සූර්යයා සමඟ එක පෙළට එක එල්ලයට පිහිටීමක් බවයි. එසේ පිහිටි ග්‍රහලෝක වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බ්‍රහස්පති, පෘථිවිය සහ සඳය. මෙම ග්‍රහලෝක ත්‍රිත්වය සූර්යයා සමඟ එක එල්ලයට පිහිටි අවස්ථාවේදී දීප්තිමත් ආලෝකයක් අහසේ දිස්වී ඇත. මෙම පිහිටීම අභ්‍යවකාශයේ සිදුවූ ඉතාම විරල සිදුවීමක් බව මෙම පර්ෙය්ෂණය සිදුකළ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥ ඇලෙක්ස් බොට් රොබින්සන් මහතා පවසයි.
එසේම මෙම පර්ෙය්ෂණාත්මක අධ්‍යයනය සිදුකිරීමට පුරෝගාමී පදනම දමනු ලැබුවේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්වවිද්‍යාලයේ න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්ව සම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස්ය. දශකයකට වඩා වැඩිකාලයක් තිස්සේ මෙම විද්‍යාඥ කණ්ඩායම නත්තල් තරුවේ සුලමුල සොයාගැනීමට ගත කළහ.
මෙම තරුව පිළිබඳ සුලමුල සෙවීමට වෙහෙසවූ විද්‍යාඥයින් පිරිස පවසන්නේ අප කණ්ඩායම පමණක් නොවෙයි මීට පෙරත් බොහෝ විද්‍යාඥයින් මෙම නත්තල් තරුවේ රහස සොයන්නට වෙහෙසුනා. නත්තල් තරුව දිස්වුනේ කොහොමද? ඒක මොන වගේද එය දිස්වූයේ කුමන වෙලාවකද? හරියටම දිනය කවදාද අපේ සූර්යාත් තරුවක් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ආසන්නතම තරුව ඇල්ෆ් සෙන්චුරි ඒ වගේම රාත්‍රියට අහසේ දිස්වෙන තරු ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත විශ්වයේ ඇති ඒවා. මෙම තත්ත්වය මත නත්තල් තරුව, හෙවත් බෙත්ලෙහෙම් තරුව ලෙස හැඳින් වූ තරුව කියා දිස්වූයේ මොන තරුවද? මේක ඉතිහාසය තිස්සේම බොහෝ දෙනෙකුට ගැටළුවක් වූ බවත් මෙම විද්‍යාඥ කණ්ඩායම පවසති.
අතීත තරු පිළිබඳව ඇති තොරතුරු සටහන් අනුව ජේසු උපත සිදුවූ සමයේ අහසේ දීප්තිමත් ලෙස තරුවක් දිස්වීමට කිසිසේත්ම හැකියාවක් තිබුණේ නැත. ඊට ඇති ප්‍රධානතම හේතුව තමයි දීප්තිමත් තරුවක් අපට කිට්ටුවෙන් නොමැති වීම. ඒ නිසාම අප වැඩිදුරටත් කරුණු සොයාබැලීමේදී තමයි අපට පැහැදිලි කරගන්න ලැබුණේ එය තරුවක් නොවන බවත් අහසේ සිදුවූ වෙනස්ම අපූරු සංසිද්ධියක් බව යැයි මහාචාර්ය ග්‍රාන්ට් මැතිව්ස් බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් පුවත් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේය.
එමෙන්ම ජේසු තුමන් උපන් දිනයදා මේෂ රාශියට සූර්යයා බ්‍රහස්පති පෘථිවිය සඳ සහ සෙනසුරු එක එල්ලයට පිහිටද්දී සිකුරු ග්‍රහයා අනෙක් පසින් මීන රාශියටත් බුධ සහ අඟහරු වෘෂභ රාශියටත් සමාන්තරව පිහිටා තිබූ බව මෙම තාරකා විද්‍යාඥයෝ පිරිස පැහැදිලි කරයි. ජේසු තුමන්ගේ උත්පත්තිය සිදුවූ මොහොතේ අහසේ පිහිටි ග්‍රහ ත්‍රිත්වය මෙය විය. එමෙන්ම ජේසු බිලිඳාගේ උප්පත්තිය මොහොතේ සිදුවූ මෙය තාරකා විද්‍යාත්මකව බැලීමේදී මෙම ග්‍රහ පිහිටීම සුවිශේෂී වූ දුර්ලභ සංසිද්ධියකි. තාරකා විද්‍යාඥයන්ට අනුව මෙවැනි ග්‍රහපිහිටීමක් යළි සිදුවී රාත්‍රී අහසේ යළිත් දීප්තිමත් ආලෝකයක් දිස්වනු ඇතැයි පැවැසෙන්නේ තවත් වසර 5,00,000 කිනි.
(අන්තර්ජාලය ඇසුරිනි)
කොත්මලේ
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි