IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ආණ්ඩුව කරන්න ඕනෑ වැඩේ කළාම ඉවරයි

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

අතුරුදහන්වූවන්ගේ පනත, සුදු වෑන්, ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලේ වැඩ, නව ව්‍යවස්ථාව, අතුරුදහන්කරවීම් පිළිබඳ අධිකරණ ක්‍රියාදාමය, සයිටම් විරෝධතා, ඒකාබද්ධය හා ජවිපෙ අතර වෙනස ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතායි.

ප්‍රශ්නය:- පසුගිය රජය සමයේ සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් කළ පාර්ශ්වය හැටියට දූෂණ මර්දන ලේකම් කාර්යාලයට අගුලු දැමීම ගැන තිබෙන්නේ මොන වගේ අදහසක් ද?
පිළිතුර:- මේ අය පහුගිය අවුරුදු දෙකහමාරේ කටයුතු කළේ ජනවරමේ තිබුණු බලපෑමට මිස ඒ අයගෙ වුවමනාවකට නෙවෙයි කියලා පැහැදිලියි. මේ අය හොරු අල්ලන්න තියෙන ආයතන වහලා දානකොට ඒ හොරුත් එක්ක එකතු වෙලා හොරකම රකින්න වැඩ කරන හැටි දැන් අපිට පේනවා. හොරු ආරක්ෂා කිරීම වගේම හොරුත් එක්ක ඩීලුත් තියෙනවා. ඒ නිසා මහජනතාව සැක හැර දැනගන්න. මේ හවුල් ආණ්ඩු හොරු අල්ලන්නේ නෑ.


ප්‍රශ්නය:- අතුරුදහන්වූවන්ගේ පනත පාර්ලිමේන්තු ඉතිහාසයේ දුෂ්ටතම පනත හැටියට හඳුන්වන ජානිපෙ එය සම්මත කිරීමට ජවිපෙ සම්මාදම් වූ බවට දොස් කියනවා. ජවිපෙ මේ පනතට අත ඉස්සුවේ ඇයි?
පිළිතුර-:- මේ රටේ හැම පුරවැසියෙකුටම ජීවත්වීමට ඇති අයිතිය අපි පිළිගන්නවා. එහෙව් රටක කෙනෙක් ඇඩ්‍රස් නැතිව අතුරුදහන් වෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඒ විදියට ඇඩ්‍රස් නැතිව මිනිස්සු අතුරුදහන් වෙච්ච යුගයක් තිබුණා. මිනිස්සුන්ට මොනව වෙනවද කියලා දන්නෙ නැති යුගයක් තිබුණා. ඒ මිනිසුන්ගේ මවුපිය සහෝදරාදීන් අදටත් රට පුරාම තමන්ගේ පුතා දුව සහෝදරයා පියා කොයි මොහොතේ හෝ ඒවිය යන අපේක්ෂා පෙරදැරි සිතුවිල්ලකින් ජීවත්වෙනවා. හැබැයි එහෙම වෙද්දි මේ ආණ්ඩුවෙත් සුදු වෑන් කල්ලි වැඩ ආරම්භ කරන්න හදන හැටි අපිට පේනවා. එහෙම අතුරුදහන් වන මිනිසුන් ගැන තොරතුරු සොයාබැලීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. වරදකට දඬුවම් කළ යුතු නම් ඒක නීතියට අනුව විය යුතුයි. මොකටද සුදු වෑන්වලින් උස්සන්නේ? නීතිමය රාමුවක් තිබෙද්දී ත්‍රස්තවාදී වැඩ කරන්නේ මොන වුවමනාවකටද? ඒ නිසා මේ ආණ්ඩු ඉතිහාසයේ කරපු දේවලුයි වර්තමානයේ කරන්න හදන දේවලුයි බැලුවාම මේ පනත මනුෂ්‍ය අයිතිවාසිකම් සුරකින පියවරක් යැයි අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් පෙනීසිටියා. ඇතැමුන්ගේ බොල් තර්කවලට නම් උත්තර දීලා වැඩක් නෑ.


ප්‍රශ්නය:- පනත එන දවසෙම සුදු වෑන් පැමිණීම රජය අපහසුතාවයට පත්කිරිමට දැරූ වෑයමක් යැයි ඇමැති මංගල පවසනවා. ඒ සුදු වෑන් සහ මේ සුදු වෑන් අතර වෙනසක් නැද්ද?
පිළිතුර:- බොහොම හොඳයි. එතකොට ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න හදපු මිනිස්සු කවුද කියලා දැන් රටම දන්නවා. එතැනට ආපු පොලිස් නිලධාරින් ඔවුන් වෙනුවෙන් පෙනීසිටියා නම් දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පු`ඵවන්. මැරයන් ලෙස පැමිණි ශිෂ්‍යයන් පැහැරගෙන යන්න කටයුතු කළ අයට දඬුවම් දෙන්නේ නැත්නම් වෘත්තිය ක්‍රියාමාර්ගවලට යනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවා රජයට අනතුරු අඟවලා තිබෙනවා. ඒ නිසා දැන් ඇමැතිවරුන්ට ප්‍රකාශවලින් මේක බේරන්න බෑ. මේක පොලිස්පතිවරයා යටතේ ලියාපදිංචි වූ වාහනයක්. ඒක මිලදීගෙන තිබෙන්නේ මුදල් අමාත්‍යංශය හරහායි. මෙන්න ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමට ආපු කුමන්ත්‍රණකාරයන් කියලා පෙන්වන්න. එයට අණ දීපු අයට දඬුවම් දෙන්න. ඔවුන් හෑල්ලුවට ලක්කළේ ආණ්ඩුව විතරක් නෙවෙයි ලෝකය ඉදිරියේ මු`ඵ රටමයි. ඒ නිසා දඬුවම් නොකර ප්‍රකාශවලින් ඇඟ බේරාගන්න හදනවා නම් මේ නැවතත් කරන්න යන්නේ පරණ පුරුදු වැඬේම තමයි.


ප්‍රශ්නය:- හොඳ දෙයක් නිසා තමයි ජවිපෙ අතුරුදහන්වූවන්ගේ පනතට සහාය පළකර තිබෙන්නේ. එහෙම බැලුවාම මේ ආණ්ඩුවේ හොඳ දේවලුත් තියෙනවා කියල ජවිපෙ පිළිගන්නවද?
පිළිතුර:- ආණ්ඩුවට මේ සමහර දේවල් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඔවුන් ජාත්‍යන්තරයට සහ ජනවරම ලබාගැනීමේදී දුන් පොරොන්දු එක්කයි. පනතක් සම්මත කිරීමෙන්ම මේ දේවල් වෙන්නේ නෑ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලයක් හදනවා කිව්වට ඒක කරන්න කොච්චර කල් ගියාද? අනෙක් අතට මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා දූෂණයට වංචාවට එරෙහිව දුන් ජනවරම දැන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අවභාවිත කරමින් සිටිනවා. ආණ්ඩුව දූෂණ මර්දන කාර්යාලය වහන්න කටයුතු කළේ හොරුන්ගෙ ඉල්ලීමටයි. දැන් එෆ්.සී.අයි.ඩී එක වහන්න අවශ්‍ය පදනමත් හදලා ඉවරයි. ඒකට අත්කරදෙන්නේ ස්වාභාවික මරණයක්. මොකද එෆ්.සී.අයි.ඩී එකට පැමිණිලි ගියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයෙන්. නීතිපති ළඟ තිබෙන ෆයිල් ටික අරගෙන නඩු දාන්නේ නැතිව මේක වහපු එක තමයි ජනාධිපතියි අගමැතියි කරපු දුෂ්ටම ක්‍රියාව.


ප්‍රශ්නය:- නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සෘජුව පෙනී සිටියත් ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුණා. ජවිපෙ තවදුරටත් එහි රැඳීසිටින්නේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය හරියට වෙනවා කියන විශ්වාසයෙන්ද?
පිළිතුර:- 1978 ජේ.ආර් හදපු ව්‍යවස්ථාව රකින්න කියලද එතකොට අපිට කියන්නේ? ඒක නරකයි කියලනෙ මෙච්චර කල් අපි කිව්වේ. හැබැයි මේ කතාවෙ අනෙක් පැත්තෙ තියෙන්නේ 78 ජේ.ආර් හදපු ව්‍යවස්ථාව හොඳයි කියන එකනෙ. ගෙවල්වල ලොකු මිනිස්සු කතා කරද්දි පොඩි එවුන් පුටු පෙල්ලනවා වගේ වැඩ කරනවා කියලා අපි කලබල වෙන්නේ නෑ. අවධානය ගන්න තමයි පොඩි එවුන් වගේ විවිධ වැඩ කරන්නේ. ඒවා දේශපාලන භූමියේ අහෝසි වෙච්ච මිනිස්සු කරන වැඩ. විධායක ජනාධිපති ක්‍රමය ඇතුලුව 78 ව්‍යවස්ථාව ඇතුලේ වෙනස් විය යුතු බොහෝ දේ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ දිගු කලෙක සිටයි. ජවිපෙ ඒ වෙනුවෙන් දිගටම පෙනී සිටියා. දැන් ව්‍යවස්ථා වෙනසක් වෙනවා නම් ඒ ගැන රට ඇතුලෙ සාකච්ඡා කරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරලා ජනමත විචාරණයකට යන්න ඕනෑ. එතකොට ජනතාව අනුමත කරන ව්‍යවස්ථාවක් හදන්න එපා කියලද මේ කියන්නේ? එහෙම බෑ. අපි කියන්නේ ව්‍යවස්ථාව හදන වැඬේ ජනතාවටත් දෙන්න ඕනෑ.


ප්‍රශ්නය:- හැබැයි තව සති දෙකකින් ආණ්ඩුවේ තුනෙන් දෙක ඉවර කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා. එහෙම වුණොත් නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ අතිබහුතරයෙන් සම්මත කරගැනීමට හැකි වේවිද?
පිළිතුර:- ඒගොල්ලො කරන්න හදන මේ වැඬේ අපට නම් තේරෙන්නේ නෑ. පෝය දෙකකින් මේක කරනවා කිව්වනෙ. ඊටපස්සෙ මහින්ද මහත්තයා ඒවා වෙසක් පෝය කියලා කිව්වා. මාසෙන් මාසෙට එන පෝය අත්හැරියත් වෙසක් පෝයම තුනක් ගියා. ඇත්ත කතාව ගත්තොත් මේ අය හොරෙන් හොරෙන් දෙපැත්තෙන්ම ඩීල් දාගෙනයි ඉන්නෙ. දැන් මේ ඒකාබද්ධෙ අය හිතන් ඉන්නේ ආණ්ඩුව ඇතුලෙ ඉන්න විපක්ෂෙයි කියලානෙ. රටේ විපක්ෂෙ නෙවෙයි. ඒ නිසා ෆයිල් උඩට එනකොට පැමිණිල්ලක් එනකොට මේ අය මෛත්‍රී හරි රනිල් හරි ළඟට ගිහින් නකුට අකුලන් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඇබ්සන්ට් වෙනවා. මේ කතා ඔක්කොම දේශපාලන ගේම්. මේ දෙතුන් ගොල්ලම කරන්නේ ප්‍රෝඩාවක්. ඒ නිසා අපි බලමුකො මොකද වෙන්නේ කියලා.


ප්‍රශ්නය:- පුද්ගල අතුරුදහන්කිරීම් හා ඝාතන සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා නිලධාරින් හා සෙබ`ඵන් පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මකවීම සමඟ ඒකාබද්ධ විපක්ෂය නැවතත් රණවිරු දඩයමක් ආරම්භ කර ඇති බවට රජයට චෝදනා කරනවා. මේ සිදුවීම් ජවිපෙ දකින්නෙ කොහොමද?
පිළිතුර:- ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හෝ ඕනෑම පුරවැසියකුට වරදක් නැතිව දඬුවම් කරන්න යනවා නම් පක්ෂයක් හැටියට අපි ඊට හැමදාම විරුද්ධයි. ඒ වෙනුවෙන් අපි පෙනීසිටිනවා. ඒ වගේම තමයි රණවිරුවො සාමාන්‍යයෙන් කාණු සුද්ධ කරන්න දාන්නේ නෑ. හැබැයි ඔය කෑ ගහන ඒකාබද්ධ විපක්ෂෙ ආණ්ඩුව ඉන්න කාලෙ තමයි රණවිරුවො කාණු සුද්ධ කරන්න දැම්මෙ. තණකොළ කපන්න දැම්මෙ. ඇමැති නෝනලාගෙ හැට්ට කටු ගහන්නයි බල්ලො නාවන්නයි දැම්මේ. රටේ කිසියම් තැනක නීතියට පිටින් ගිහින් පැහැරගැනීමක් පුද්ගල ඝාතනයක් සිදුකරලා තිබෙනවා නම් ඒවා ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. වරදක් නැතිව දඬුවම් ලබලා තිබෙනවා නම් ඔහුට සාධාරණය ඉටු විය යුතුයි. චූදිතයන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය නිසා ඉහළම පොලිස් නිලධාරින් පවා අත්අඩංගුවට පත්වන හැටි රටම දුටුවා. අනීතික ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම රටක වගකීමක්. ඒ නිසා හමුදාවෙ හෝ පොලිසියේ අය නීතිවිරෝධීව වැඩ කරලා තිබෙනවා නම් තමන්ට අණ දුන්නෙ කවුද කියලා ඒ අයට කියන්න පු`ඵවන්. ඔවුන් ක්‍රියාත්මක කරලා තිබෙන්නේ අණ නම් අණ දුන් අය මේකට වගකියන්න ඕනෑ. මේ සිදුවීම්වල පසුතලයේ තිබෙන කරුණු කාරණා හෙළිවෙනවාට තමයි සමහරු බය වෙලා ඉන්නේ.


ප්‍රශ්නය:- සයිටම් ප්‍රශ්නයේදී එකිනෙකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව පවා එකට සංවිධානය වී සටන් ආකාරයක් දකින්නට ලැබෙනවා. එහෙත් සයිටම් සිදුවීමට අදාළව සෑම මොහොතකදීම විරෝධය දැක්වීම සඳහා වැඩ වර්ජන දියත් කිරීමෙන් වෘත්තිය සමිත් අවි මොට වෙන්නේ නැද්ද?
පිළිතුර:- ශිෂ්‍ය ව්‍යාපාරයත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුලු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ වෘත්තිය සමිති ගෙනගිය ක්‍රියාමාර්ගවලට සහාය දක්වමින් අනෙක් වෘත්තිය සමිතිත් මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණා. සයිටම් ප්‍රශ්නය දැන් මේ රටේ පිළිකාවක්. ඒක දැන් කපලා අයින්කරන්න ඕනෑ. රාජිත සේනාරත්න මහත්තයා මේ හදන්නෙ තමන්ගෙ දරුවට දොස්තරකම අරගෙන දෙන්න නම් අපි කියන්නේ ඒකට වෙන වැඩක් කරන්න. මේ රටේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් විනාශ කිරීමට ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මේ රටේ සියලු බලවේග දැන් සයිටම්විරෝධී ජන පවුර හරහා ඒකාබද්ධ වෙමින් තිබෙනවා. එතැන ඉන්න අයට විවිධ ප්‍රශ්න තිබෙන්න පුඵවන්. හැබැයි මේ සටන කරන්නෙ සයිටම් හොර උපාධි කඩය වහන්න එකඟ මිනිස්සුයි. අද මේ සටනත් එක්ක ඉඳලා හෙට මේ සටනට විරුද්ධව වැඩ කරන්න බැරි වේවි. ඒ ඕනෑම කෙනෙකුට අපේ විරෝධය දක්වනවා. සියලු බලවේග මේ සටනට එකතුවෙන්නේ දිනලා අවසන් කරන්න තමයි. ඒ නිසා සයිටම් එකත් එක්කම ගෙදර යනවාද එහෙම නැත්නම් සයිටම් එක වහලා ආණ්ඩුව තියාගන්නවාද කියලා තීරණයක් ගන්න පුඵවන්. මොකද ආණ්ඩුව සයිටම් එක තියාගන්න හදනවා නම් ඊට එරෙහිව ගොවි, කම්කරු, ශිෂ්‍ය ආදී වශයෙන් සියලු බලවේග සමඟ අපි සටන් තීව්‍ර කරද්දී මේ අයට ආණ්ඩුව දාලා ගෙදර යන්නම තමයි වෙන්නේ.


ප්‍රශ්නය:- එහෙත් ඇතැම් ඇමැතිවරු පවසන්නේ රාජපක්ෂ රජයක් නැවත පිහිටුවීම සඳහා කටයුතු කරන ඇතැම් පාර්ශ්වවලට ජවිපෙ අනියමින් සහාය දෙමින් සිටින බවටයි. එහෙම නැත්නම් වැඩිදුර නොබලා හදන පොදු වේදිකාවලින් පාර කැපෙන්නේ බලයේ සිටි පිරිසටම බවයි?
පිළිතුර:- ඉතින් ඒක නවත්තන්න නම් සයිටම් එක වහලා දැම්මම ඉවරයිනෙ. රාජපක්ෂත් සයිටම් වහන්න කියනවා නම් ජවිපෙ ගුරුවරු ශිෂ්‍යයොත් කියනවා නම් සයිටම් එක වහලා මේ ප්‍රශ්නෙ ඉවර කරගත්තාම ඉවරයිනෙ. ඇයි මේ සයිටම් එකක් තියාගෙන රාජපක්ෂලගෙ ආණ්ඩුවක් හදන්න ඉඩදෙන්නේ? මේ දේශපාලන සටකපටකම්වලට ජවිපෙ අහුවෙන්නේ නෑ. මෙතැන ඉන්නේ මේ රටේ දේශපාලනය කරන වෘත්තිය සමිතිවල වැඩ කරන මිනිස්සු. ආණ්ඩුව බොරු තර්ක හදන්නේ නැතිව කරන්න ඕනෑ වැඬේ කළාම ඉවරයි.


ප්‍රශ්නය:- මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියන්නේ ජවිපෙටත් ඡන්දයක් ඉල්ලාගැනීමේ වුවමනාවක් නෑ කියලයි. මේ වෙලාවෙ ඡන්දයක් ඉල්ලන එක ඉල්ලන් කෑමක් කියලද ජවිපෙ හිතන්නේ?
පිළිතුර:- ජවිපෙ මැතිවරණ තියන්න කිව්වෙ අද ඊයෙ නෙවෙයිනෙ. අපි මේක වැරැදිය ප්‍රජාතන්ත්‍රවිරෝධීය කියන්නේ පළාත් පාලන ඡන්ද කල්දාපු දවසේ සිටයි. ඡන්ද තියලා ජනතාවගෙ ඡන්ද අයිතිය තහවුරු කරලා ඔවුන්ට නියෝජිතයන් පත්කරන්න ඉඩහදන්න යැයි අපි කියන්නේ එදා සිටමයි. රනිල් මෛත්‍රී හවුල දැන් පළාත් පාලන පළාත් සභා ඡන්ද දෙකත් කල් දාලා විධායක ජනාධිපති ධූරයත් අහෝසි නොකර යන්නයි හදන්නේ. ඒකට අපේ හඬ හා විරෝධය අපි පළකර තිබෙනවා. ජවිපෙට කිසි ප්‍රශ්නයක් නෑ. ඕනෑම වෙලාවක තියන ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.


ප්‍රශ්නය:- මැතිවරණ නොපවත්වන බව, හොරු නොඅල්ලන බව, ශිෂ්‍ය මර්දනයක් වන බව ආදී වශයෙන් ජවිපෙ නගන චෝදනාම හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වයත් ආණ්ඩුවට එල්ල කරනවා. එතකොට දැන් දෙගොල්ලම කියන්නේ එකක් නේද?
පිළිතුර:- නෑ. සටන් පාඨ දැන් සමාජගත වෙලානෙ තිබෙන්නේ. කෙනෙක් දේශපාලන සටකපටකමටත් ඒක අල්ලන්න පුඵවන්. ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ අය බලයේ ඉන්නකන් නොකියපු දේවල් දැන් කියන්නේ ඇයි කියලා ජනතාව තේරුම්ගනීවි. අපි ඒකට කලබල වෙන්න ඕනෑ නෑ. කම්කරුවන්ට වෙඩි තියපු, ශිෂ්‍යයන් මර්දනය කළ, මැතිවරණ වාසියට තැබූ අය මේ වගේ කතාකරද්දී මේ මිනිස්සු ඉතිහාසයේ කළේ මොනවද කියලා ජනතාව කල්පනා කරාවි. ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි මතුකරන්නේ මේ රටේ තිබෙන ප්‍රශ්නයි. එතකොට තව පිරිසක් ඇවිල්ලා සිංහ හම පොරවාගත්තට ඇතුලෙ ඉන්නෙ නරි කියලා මිනිස්සු දන්නවා. ආණ්ඩුව දැන් ජන වරමට පිටුපාලා රාජපක්ෂ බිල්ලෙක් පෙන්වන්න හදනවා. අපි කියන්නේ මේ රටේ ජනතාව රාජපක්ෂ බිල්ලාව දැකලා තියෙන නිසා ආයෙ පෙන්නන්න දෙයක් නෑ. දැන් දකින රනිල් මෛත්‍රී බිල්ලා රාජපක්ෂ බිල්ලා නිසා අහෝසි වෙන්නේත් නෑ කියලයි.



අදහස් (1)

ආණ්ඩුව කරන්න ඕනෑ වැඩේ කළාම ඉවරයි

mahesh Monday, 24 July 2017 06:29 PM

මයලට ඕනේ මිනී උඩින් බලයට එන්නයි.

:       0       85

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 143 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site