IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ඇත්ත ඩීල් බොරු ඩීල් මේ ඡන්දෙදි හෙළි කරනවා

(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

සැබෑ විපක්ෂය කවුද, බැඳුම්කර කොමිසමේ ගමන්මග, නව ව්‍යවස්ථා සම්පාදනය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක, උමා ඔයට මධ්‍යම අධිවේගයට ජවිපෙ මැදිහත්වීම්  හා ඒකාබද්ධ විපක්ෂයේ අයිතිවාසිකම් ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි.

ප්‍රශ්නය - ආණ්ඩුව කෑලි දෙකක් යැයි කිව්වත් විපක්ෂයත් තිබෙන්නේ කොටස්වලට බෙදිලා. ජවිපෙ සැබැවින්ම විපක්ෂයේ භූමිකාව නියෝජනය කරමින් සිටිනවාද?
පිළිතුර - අපගේ දේශපාලන භූමිකාව පාර්ලිමේන්තුවට පමණක් සීමා වන්නේ නැහැ. අද ගොවිජනතාවගේ, ධීවර ජනතාවගේ, රැකියා විරහිත තරුණයින්ගේ ගැටලුවලදී, පරිසර විනාශවලදී, දේපළ විකිණීමට එරෙහිව, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්, වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ අපගේ අරගලය පාර්ලිමේන්තුවෙන් පිටතදී ඉටු කරනවා. පාර්ලිමේන්තුවේදී අවධානය දිනාගැනීම වෙනුවෙන් අපි සෙල්ලම් බඩු පොළවේ ගසා කෑ මොර දෙන ළදරුවන් වගේ හැසිරෙන්නේ නැහැ. නිස්චිත ලෙසම පාර්ලිමේන්තු කාර්යභාරයේදී ප්‍රතිසංස්කරණ දිනාගැනීමත් ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිවත් අරගලයේ වේදිකාවක් බවට පාර්ලිමේන්තුව පත්කර ගන්නවා. ඒ නිසා විපක්ෂයේ ප්‍රබුද්ධම කාර්යභාරය අපි ඉටු කරනවා.


ප්‍රශ්නය - ඒත් රතු අලි පැටවු ආණ්ඩුවත් එක්ක ඩීල් දමා ඇති බවට හිටපු ජනාධිපතිවරයාම කියනවා. මේ ලේබල් එක ඉදිරි මැතිවරණයකදී අවාසිදායක නොවේවි ද?
පිළිතුර - අපිට මේ ආණ්ඩුවෙන් ගන්න දෙයක් හෝ බේරගන්න කිසිවක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි මහින්දගේ ඔඩොක්කුවේ වත් රනිල්ගේ ඔඩොක්කුවේ වත් ලගින පක්ෂයක් නෙවෙයි. ඇත්ත ඩීල් තියෙන්නේ කා ළඟද? ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට අවුරුදු තුනක බරපතල වැඩ සහිත සිරදඩුවමක් හා දඩ නියම කළා. හැබැයි සතියෙන් ඇප ලැබෙනවා. නාමල්ගේ ලේකම්වරිය අධිකරණයට කට්ටි පැන පැන විදේශ රටකට වෙලා ඉන්නකොට රතු නිවේදන දාලා අත්අඩංගුවට අරගෙන ශ්‍රී ලංකාවට ගෙන්වලා අධිකරණයට ඉදිරිපත් කළාම එක දවසෙන් ඇප ලැබෙනවා. ඒවා සිදුවෙන්නේ අහඹු ලෙස ද? සිරිලිය ගිණුම පිළිබඳව පැමිණිල්ලට අනුව ශිරන්ති රාජපක්ෂ එෆ්.සී.අයි.ඩීයට නොගිහින් එෆ්.සී.අයි.ඩී.ය ශිරන්ති රාජපක්ෂ ළඟට යනවා කටඋත්තර ගන්න.

බැසිල් රාජපක්ෂ රිමාන්ඞ් වෙනකොටම කොළඹ ජාතික රෝහලට යවනවා. විමල් වීරවංශ හොර පාස්පෝට් එකක් නිසා එයාර්පෝර්ට් එකේදී අත්අඩංගුවට ගන්නවා. නමුත් පහුවදා උදේ වෙනකොට පැය කීපයක් ඇතුළත අලුත් පාස්පෝර්ට් එකක් හදාගෙන රට යනවා. මේවා තමයි ඇත්ත ඩීල් කියලා රටේ ඕනෑ කෙනෙක්ට තේරෙනවා. ඒ නිසා මැතිවරණයේදී මේ ඇත්ත ඩීල්කරුවන් අපි හෙළි කරනවා. අපට ඩීල් තිබෙන්නේ ජනතාව සමඟ පමණයි. සිදුවෙන සිදුවීම් දිහා ඉතා සමීපව නිරීක්ෂණය කරන සෑම පුරවැසියෙකුටම ඩීල්කාරයන් කවුද කියලා අලුතෙන් ඔප්පු කරන්න අවශ්‍යතාවයක් නැහැ.


ප්‍රශ්නය - බැඳුම්කර කොමිසමේ ප්‍රශ්න කිරීම් දිනෙන් දිනම ආන්දෝලනාත්මක පුවත් මවමින් තිබෙනවා. ඔබේ නිරීක්ෂණය අනුව මෙහි අවසානය කෙබඳු වේවිද?
පිළිතුර - අපේ රටේ බොහෝ ජනාධිපතිවරු විසින් පත්කරන ලද විවිධ කොමිසන් සභා කාලය ගෙවා දමමින් මුදල් නාස්ති කරමින් කුණු බක්කියට ගොස් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයාද බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කළා. හිටපු ජනාධිපතිවරයා, නළු නිළියන්, ගායක ගායිකාවන්, හමුදා නිලධාරීන් එම ජනාධිපති කොමිසමට කැඳවමින් නාටකයක් දිගු කාලයක් තුළ ක්‍රියාත්මක වුණා. එම ජනාධිපති කොමිසමේ වාර්තා මවිසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් ඉදිරිපත් කළේ නැහැ. එහෙයින් මෙම බැඳුම්කර කොමිසන් සභාවේ වාර්තාවටද අවසානයේදී එවැනි ඉරණමක් හිමි නොවේ යැයි කියන්න පුළුවන් කමක් නැහැ. කෙසේ වෙතත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපගේත් පොදු ජනතාවගේත් වගකීම විය යුතු වන්නේ වංචනිකයින්ට, දූෂිතයින්ට දඩුවම් ලබාදීමට ආණ්ඩුවට දිගින් දිගටම බලපෑම් කිරීමයි.


ප්‍රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයක් සිදුවීමටත් නියමිතයි. කටයුතු සිදුවන ආකාරය ගැන ජවිපෙ තෘප්තිමත් ද?
පිළිතුර - මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ සකස් කිරීමෙන් පසුව මේ දක්වා එහි සෑම වාක්‍යයක් පිළිබඳවම පුළුල් ලෙස සාකච්ඡා කළා. මෙහෙයුම් කමිටුව අවස්ථා 75ක් රැස්වෙලා තිබෙනවා. එම කමිටු වාර්තාවට පොදුවේ මෙහෙයුම් කමිටුවේ එකඟතාවයක් තිබෙන අතර යම් යම් කරුණු පිළිබඳව එක් එක් පක්ෂවලට වෙන වෙනම අදහස් තිබනෙවා. ජනතා විමුක්ති පෙරමුණේ අදහස්ද අපි වෙනම ඇමුණුමක් ලෙස ඉදිරිපත් කළා. මේ අතුරු වාර්තාව ව්‍යවස්ථාව නොවේ. ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා තිබෙන මූලික සංකල්පයි. ඔක්තෝබර් 30, 31, සහ නොවැ.01 තෙදින මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙනවා. එය ප්‍රමාණවත් නොවේ නම් ජනවාරි මාසයේදීද විවාදයට ලක්කිරීමට පුළුවන්. ඉන් පසුව ඉදිරිපත් කෙරෙන කරුණු මෙහෙයුම් කමිටුවේ අවදානයට ගෙන මූලික ලියවිල්ලක් සකස් කරනවා. එහිදී අපේ පැත්තෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, සියලු ජනකොට්ඨාශවල අයිතීන් තහවුරු කිරීම, මානව හිමිකම්, මූලික අයිතීන් ශක්තිමත් කිරීමේ ව්‍යවස්ථාවක් පිළිබඳව අපේ පක්ෂයේ දායකත්වය සපයනවා.


ප්‍රශ්නය -හම්බන්තොට වූ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී යැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව වගේම උද්ඝෝෂණවලට එරෙහිව අධිකරණ වාරණ ලබාගනිමින් දක්වන ප්‍රතිචාරය සාධාරණ ද?
පිළිතුර - රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට එරෙහිව මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට ජනතාවට සටන් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා. මේ ආණ්ඩුවේ විගඩම බවට පත්වෙලා තිබෙන්නේ ඒ සෑම උද්ඝෝෂණයකටම එරෙහිව අධිකරණ වාරණ ලබාගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීම යහපාලන ආණ්ඩුවේ නවතම විලාසිතාව වෙලා.  එයට එරෙහි විය යුතුයි.


ප්‍රශ්නය - සිය මූලික අයිතිවාසිකම් මෙමගින් උල්ලංඝනය වී යැයි කියමින් ජාත්‍යන්තරයට මේ ගැන පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. සටන්කරුවන්ගේ පැත්තෙන් එය සහනහීලී මාවතක් වේවිද?
පිළිතුර - මෙතන පැන නගින ප්‍රශ්නය වෙන්නේ උදේට දවල්ට පමණක් නෙවෙයි. හීනෙනුත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන දොඩවන කණ්ඩායම ජාත්‍යන්තරයට යනවා යැයි විහිළු සැපයීමයි. කෙසේ වුවත් මෙම මර්දනයන්ට එරෙහිව නැගී සිටීම අත්‍යාවශ්‍යයි. හැබැයි අගවිනිසුරුතුමිය නෙරපා දැමූ උද්ඝෝෂණවලට වෙඩි තබා උද්ඝෝෂකයින් ඝාතනය කරපු, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහපු, මාධ්‍යවේදීන් ඝාතනය කරපු, මාධ්‍යවේදීන්ගේ අතපය කඩපු සුදුවෑන් සංස්කෘතියක් ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදයේ ගහලයන්ට ප්‍රජාතන්ත්‍රවාදය ගැන පුරසාරම් දෙඩීමට අයිතියක් නැහැ. ඒ නිසා  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගෙන යන අරගලය කිසිසේත්ම පැරණි මර්දකයන්ට යළි දොරටු විවෘත කිරීමක් නොවිය යුතුයි.


ප්‍රශ්නය- ඔබ ඔවුන්ට පැරැණි මර්දකයන් යැයි කිව්වත් ඔබලාට චෝදනා එල්ලවන්නේ ආණ්ඩුවේ තුනෙන් දෙක ආරක්ෂා කරන්නා හැටියටයි. ඇත්තටම තුනෙන් දෙක රකින්නේ ජවිපෙද?
පිළිතුර - අපේ සහය තිබුණත් නොතිබුණත් ආණ්ඩුවට 2/3කේ බලයක් තිබෙනවා. පසුගියදා පළාත් සභා පනත සංශෝධනයට  අපි ඡන්දය ලබානොදුන්නත් ආණ්ඩුවට 153ක් ඡන්ද තිබුණා. එහෙත් අපි ඡන්දය ලබාදුන්නේ මනාප ක්‍රමය ඉවත් වෙන කොට්ඨාශයට මන්ත්‍රීවරයෙක් ලැබෙන සමානුපාතිකය රැකෙන කාන්තා නියෝජනය වැඩිවෙන නව ඡන්ද ක්‍රමයටයි. එයට අපි පක්ෂපාතියි. ඒ වගේම      රවී කරුණානායකගේ විශ්වාසභංගයේදී අයවැය ලේකනවලදී, දේශීය ආදායම් පනත වැනි බොහෝ ජනතා විරෝධී අවස්ථාවලදී අපි ආණ්ඩුවට එරෙහිව ඡන්දය ලබාදී තිබෙනවා. ඒ නිසා අපි තීරණ ගන්නේ මහින්දගේ හිත සනසන්න හරි රනිල්ගේ හිත සනසන්න හරි නෙවෙයි.


ප්‍රශ්නය - මැතිවරණ කොමසාරිස් කියලා තිබුණා මේ මැතිවරණ ප්‍රශ්නයත් හරියට ගෝඩියන්ගේ ගැටය වගේ කියලා. ඒ කියන්නේ මේ සැරෙත් මැතිවරණය ෂුවර් නෑ කියන එකද?
පිළිතුර - එජාපය, ආණ්ඩු පිහිටුවීමේදී ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකිරීමත්, ශ්‍රීලනිපයේ ඇතිවී තිබෙන බෙදීම මැතිවරණයකදී නිල බෙදීමක් බවට තහවුරුවන නිසාත් මේ පක්ෂ දෙකම මැතිවරණය ගැන හොර ගල් ඇහින්දා. ඒකට බැසිල් රාජපක්ෂගේ විකෘති ඡන්ද ක්‍රමයත් පක්ෂාග්‍රාහී ලෙස සිදුකර තිබු කොට්ඨාශ නීර්ණයත් හේතු ලෙස යොදාගත්තා. පාර්ලිමේන්තුවේ, කණ්ඩායම් නායක රැස්වීමේදී අපගේ පක්ෂයේ සැලකිය යුතු මැදිහත්වීමක් මගින් මැතිවරණ ක්‍රමය වෙනස් කරගන්න හැකි වුණා. ඒ අනුව අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් දැන් කොට්ඨාශ සීමා නීර්ණය සකස් කර තිබෙනවා. මේ වනවිට පාර්ලිමේන්තුවට අදාල සියලුම කාර්යභාරයන් අවසන්. ඇමතිවරයා විසින් පළාත් පාලන ආයතන සංස්ථානය කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කළ පසුව මැතිවරණ කොමිසමට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලය ලැබෙනවා. ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා ප්‍රමාද නොකර ගැසට් පත්‍රය නිකුත් කරනවා කියලා. මේ තත්වය තුළ ජනවාරි මාසය අවසන්වීමට මත්තෙන් මැතිවරණය ඒම අනිවාර්යක්.


ප්‍රශ්නය - ඡන්දය තියන්නත් පුළුවන් නොතියන්නත් පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ?
පිළිතුර - බොහෝ කණ්ඩායම් මැතිවරණ ගැන ව්‍යාජ ගෝරනාඩු පවත්වන අතරේ අපි පක්ෂයක් ලෙසත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ලෙසත් ඉතාමත් සීරුවෙන්, ඉතාම වගකීමෙන් මෙම ඡන්දය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදීව හා සාධාරණ සීමා නීර්ණයකට යටත්ව පැවැත්වීම සඳහා අවශ්‍ය නිල බලමින් අපේ කාර්යභාරය ඉටු කළා. ඒ පිළිබඳව අපිට සතුටක් තිබෙනවා. එය ජනතාවගේ පැත්තෙන් ඉතාම වාසි සහගත තත්වයක්. ඒ නිසා තවදුරටත් මැතිවරණය ප්‍රමාද කරන්න හැකියාවක් ආණ්ඩුවට නැහැ.


ප්‍රශ්නය - මැතිවරණයේදී ඕනෑම පිච් එකක බැට් කරන්න අපි සූදානම් යැයි බැසිල් රාජපක්ෂ මහතා කියනවා.  ජේ.වී.පී එකට මේ එන්නේ නව අභියෝගයක් ද?
පිළිතුර- ජනාධිපති බලය, පාර්ලිමේන්තු බලය, සියලු පළාත් සභා පාලාත් පාලන බලය හමුදාව පොලිස් බලය, මුදල් බලය, මැර බලය, මාධ්‍ය බලය මේ සියල්ල තබාගෙන පරාජය වූ රාජපක්ෂ අලුත් අභියෝගයක් වන්නේ කොහොමද? ඡන්දය පැරදුණු වහාම තමන්ගේ රට වන ඇමරිකාවට පලාගොස් වංචා දූෂණ විමර්ශන හේතුවෙන් ලංකාවට එන්න සිදුවූ බැසිල්ගේ වහසි බස් ඒ තරම් සැලකිල්ලට භාජන කළ යුතු නැහැ. අප පමණක් නොව ඔහුගේ කඳවුරේම අය ඔහු ගැන කියා තිබෙන හා දැනුත් තියන මහින්ද රාජපක්ෂට ඇති ලොකුම පිළිලය බැසිල් රාජපක්ෂයි.


ප්‍රශ්නය - ඒත් පළාත් පාලන ආයතන 200 ක ජය සහතික යැයි  ඔහු කියනවා. ජවිපෙට තක්සේරුවක් තිබෙනවාද?
පිළිතුර - ඔය වගේ දේවල් ගොඩක් ඒ කණ්ඩායම ජනාධිපති ඡන්දේදිත් කිව්වා. ප්‍රතිඵලය මොකක්ද? අපි කවුරුත් කලබල විය යුතු නැහැ. අපි විශ්වාස කරන්නේ මේ පක්ෂ දෙක ආර්ථික විනාශයේදී, හොරකමේදී, ජනතාව මර්දනයේදී නාස්තියේදී, ප්‍රතිපත්තියේදී පක්ෂ දෙකක් නොව එකක් බවයි. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනතාව අප පක්ෂය කෙරෙහි මෙම මැතිවරණයේදී විශේෂ අවධානයක් යොමු කරයි කියලා.


ප්‍රශ්නය - මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා ප්‍රශ්න කරද්දී කිරිඇල්ල ඇමැතිවරයා පැවැසුවේ ප්‍රශ්න කළහැක්කේ විගණකාධිපති නිරීක්ෂණ මත පමණක් බවයි. ඇත්තටම කෝප් කමිටු සභාපතිට ප්‍රශ්න කිරීමේ බලයක් නැද්ද?
පිළිතුර -මහජන දේපළ හොරාකාපු අය එය සැඟවීම සඳහා නීති රීති කෑලි හොයනවා. කිරිඇල්ලගේ මේ ප්‍රකාශයත් ඒ වගේ වැඩක්. කොහොමත් අබ කෑ අයගේ මොළේ දනවා. ඉතිං කිරිඇල්ල කලබල වෙනවා. කෝප් කමිටුවට විගණන වාර්තා පමණක් නොව ඒ මොහොත් ක්‍රියාකාරකම් පිළිබඳවත් විමසිය හැකියි. එය මෑතකාලයේ කෝප් කමිටුව තුළ සෑම විමර්ශනයකදීම අනුගමනය කරලා තියෙනවා. කොහොමත් තමන්ගේ ආයතනයක් පිළිබඳව ප්‍රශ්න කිරීමේදී කිරිඇල්ල හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔහුට බොහෝ දේවල් වහගන්න තියෙන බවයි.


ප්‍රශ්නය - මධ්‍යම අධිවේගී මාර්ගය කරුණෑගලින් නතර කළ යුතු යැයි කණ්ඩායමක් කියද්දී තවත් කණ්ඩායම් ඉදිරියට යා යුතුයි කියනවා. ජවිපෙ කියන්නෙ මොකද්ද?
පිළිතුර - මේ සෑම ව්‍යාපෘතියක්ම දියත් කළ යුතු ආකාරය හා සම්පූර්ණ කළ යුතු ප්‍රමාණය තීරණය කරන්නේ විධිමත් ශක්‍යතා අධ්‍යයන වාර්තා මගින් හා පාරිසරික අධ්‍යයන වාර්තාවයි. උමා ඔය, දකුණු අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපල, මාතර - කතරගම අධිවේගී මාර්ගය යන ව්‍යාපෘතිවලදී මේ වාර්තා කිසිවක් සැලකිල්ලට ලක් නොකිරීමේ ප්‍රතිවිපාක අද ජනතාව භුක්ති විඳිනවා. එහෙයින් එවැනි විධිමත් අධ්‍යනයකින් පසුවයි අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳව තීරණය කළ යුතු වන්නේ. කෙසේ වුවත් දැනමටත් ජනතා විරෝධය ගොඩ නැගෙනමින් තිබෙන්නේ මූල් ව්‍යාපෘති සැලසුම්වල තිබුණු ආකාරයට අධිවේගී මාර්ගය කණු උඩ ගමන් කරනවා වෙනුවට පස් පුරවා සිදුකරන විනාශයටයි. රජය අවධානය යොමුකළයුත්තේ මේ විනාශයන්ටයි.


ප්‍රශ්නය- ජවිපෙ උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව විශාල අරගලයක නිරත වෙලා ඉන්නවා. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම ඔබ ඇමතිවරයාව සිටියදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළා යැයි චෝදනා කළා. චෝදනාව බරපතලයි නේද?
පිළිතුර - හිටපු ජනාධිපතිවරයෙක් මේ වගේ අසරණභාවයකට පත්වීම කණගාටුවට කරුණක්. ඔහුගෙන් තොරව මන්ත්‍රී ධුරයක්වත් ලබාගත නොහැකි වටේ ඉන්න මැක්කන් මේ මනුස්සයාට කළ හැකි හැම විනාශයක්ම කරලයි නතර වෙන්නේ. ලංකාවේ තිබෙන සියලුම ගංගා ද්‍රෝණි සංවර්ධනය කිරීම පිළිබඳව අවුරුදු පනහකට වඩා පැරණි සැලසුමක් තිබෙනවා. එහි එක් සැලසුමක් තමයි උමා ඔය. මවිසින් 2005දී ඉදිරිපත් කළේ ඕනෑම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍යවන මූලික අනුමැතිය ලබාගැනීමේ යෝජනාවයි. එය ක්‍රියාවට නගනවාද අතහැර දමනවාද කියා තීරණය කළ හැකි වන්නේ අනතුරුව සකස් කරන ශක්‍යතා අධ්‍යයනය, පාරිසරික ඇගයීම් වාර්තා, වැය වන මුදල් ප්‍රමාණය යනාදිය සැලකිල්ලට ගෙනයි. ඒ නිසා අද මේ විනාශය සිදුව තිබෙන්නේ 2008 වසරේදී ඒ කිසිදු වාර්තාවක් සැලකිල්ලට නොගෙන රාජපක්ෂ විසින් කාන්තාරවල උමන් හාරපු සමාගමකට ව්‍යාපෘතිය පැවරීම නිසයි. ඒනිසා මෙම විනාශයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි.

 



අදහස් (6)

ඇත්ත ඩීල් බොරු ඩීල් මේ ඡන්දෙදි හෙළි කරනවා

Rohana Monday, 16 October 2017 05:42 AM

2020 ජනතා ජයග්‍රහණක් කරා මෙහෙය වන්න. දිස්ත්‍රික් මට්ටමින්, ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කරන්න. ජවිපෙ ට ජයවේවා!

:       2006       1034

kap Monday, 16 October 2017 11:03 AM

86 - 89 දක්වා ඔබලා අපේ රටට කරපු විනාශය, කොටි කරපු විනාශයට වඩා වැඩියි. උතුරේ කොහොමත් දේශීය කර්මාන්ත අඩුයි. ඔබලා දකුනේ සියලුම කර්මාන්ත වැනසුවා. දැන් ඉතින් කොහොමද සංවර්ධනයක් ගැන වග කියන්නේ? කවදාවත් දින්නනේ නෑ.. ඔබතුමා හීන ලෝකෙම ඉන්න. ගිය පාර මතකනේ?

:       705       1839

RaveendraWednesday, 18 October 2017 01:10 PM

කප් මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් වලට අපද එකඟ වන්නෙමු. අපි "රතු කුමාර මල්ලිට අභියෝග කරනවා " කට ඇරලා අවංකව මෙම ප්‍රශ්නවලට තොත්ත බබා නොවී කෙලින් උත්තර දෙන්න කියලා.(මීට පෙරත් අප මුන්දැගෙන් මේවට පිළිතුරු බලාපොරොත්තු වුණා. නමුත් ලැබුණු පිළිතුරක් නම් නැහැ). 88-89 වකවානුවේ ඔහෙලගේ මහා හිඟන වීරයන් විසින් ලක්මවගේ දූදරුවන් කීදෙනෙක් අමු අමුවේ ඝාතනය කළාද? කොපමණ පොදු දේපොළ සහ පුද්ගලික දේපොළ විනාශ කලේද? ඔහෙලගේ දූදරුවෝ කීදෙනෙක් විදේශ රටවල ඉගෙන ගන්නවද? කීදෙනෙක් පදිංචි වෙලා ඉන්නවද? එසේ සිටීනම් ඔවුනට වියපැහැදම් කෙසේ සොයගන්නේද? ඔහෙලගේ වත්කම් බැරකම් මොනවාද? මෙම ප්‍රශ්නවලට රතු මල්ලිලා කියන්න බොරදියේ මාළු බාන්නේ නැතුව. අපට නම් කොළ, නිල්, රතු " තුප්පහි, හිඟන " පක්ෂවල කිසිඳු වෙනසක් පේන්නේ නැහැ රතු කුමාර මල්ලි....

:       0       1412

Lapaya Monday, 16 October 2017 02:01 PM

ඩීල් කුමාර දැන් ජප්පො කියන ඒවා පිළිගන්නේ නැහැ.

:       145       560

රුවන් Monday, 16 October 2017 02:09 PM

රතු අලි පැටවුන්ගේ නිරුවත එලි වෙමින් තිබේ.

:       216       631

etarahelaya Tuesday, 17 October 2017 09:28 AM

සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ඒ අයව නිදහස් කරලා පසුව රට හදන්න ඡන්දෙට එන්න.

:       30       392

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 141 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1144 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site