IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඡන්ද නීතිය කණ පිට පෙරළන්නෝ

 

පළාත් පාලන මැතිවරණයේ උණුසුම ඉහළ යමින් තිබියදී විවිධ ප්‍රදේශවලින් මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙමින් තිබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ යමින් තිබේ. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ මෙවර මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව තදින් හා ක්ෂණිකව පියවර ක්‍රියාත්මක කරන බවය. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිලධාරීන් කිහිප දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවක් ස්ථාපිත කර තිබෙන බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කරනුයේ මෙවර පුංචි ඡන්දයේදී වෙනත් කාලවලට සාපෙක්ෂව වෙනස් ආකාරයේ පැමිණිලි ලැබෙමින් තිබෙන බවය. සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කරනුයේ “කිසිදු ආගමික ස්ථානයක් ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගන්න බැහැ. ඒත් රටේ හතර වටින් එවැනි පැමිණිලි ලැබෙනවා. අපට පන්සල්, කෝවිල්, දේවස්ථාන වහන්න බැහැ. විවිධ අපේෂකයන් ආගමික ස්ථාන උපක්‍රමිකව ප්‍රචාරණයට යොදා ගන්නවා. මේකට ඉඩ දෙන්න බැහැ. නතර කරන්න ඕනේ. අපි ඉතාම කනගාටුවට පත්ව සිටින තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි ආගමිකයෝ ද කුල, ජාති භේද ප්‍රදේශ භේද මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීම. ඒවාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනවා” යනුවෙනි.

මීට අමතරව කිසිදු අපේක්ෂකයකුට ඔහුගේ මෝටර් රථයේ ප්‍රදර්ශනය කළ හැක්කේ තමන්ගේ සහ පක්ෂ නායකයාගේ ඡායාරූපය පමණක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. මැතිවරණ නීතියට අනුව අපේක්ෂකයකු නොවන වෙනත් පුද්ගලයකුට ඔහුගේ වාහනයක කිසිදු දේශපාලඥයකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකිය. මීට අමතරව ඡන්දය ඉල්ලන අපේක්ෂකයකුට වුවද කිසිදු ආගමික නායකයකුගේ හෝ දේවරූපයක් ආගමික සංකේතයක් හෝ ප්‍රදර්ශනය කළ නොහැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයට ජනමාධ්‍යවේදීන් පිරිසක් තරග කරන අතර, ඔවුන් සිය මාධ්‍ය ආයතන හා මාධ්‍ය භාවිතය හරහා වක්‍රව ප්‍රචාරණයක් ලබා ගැනීමට උත්සාහ ගන්නා බවට ද ඇතැම් පිරිස් චෝදනා නගති. මේ පිළිබඳව ද මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් දා රැස්වී විශේෂ තීන්දුවක් ගත්තේය. ඒ අනුව සියලුම ජනමාධ්‍ය ප්‍රධානීන් වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ, මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ලබාදෙන තොරතුරු ප්‍රචාරය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසය. සත්‍ය තොරතුරු දැයි සොයා බලා ප්‍රචාරණයට පියවර ගන්නා ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය ප්‍රධානීන්ට දන්වා ඇත.

මෙවර මැතිවරණයත් සමඟ කාන්තාවන් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් වඩාත් වැඩි කතාබහක් ඇති විණ. ඒත් තවමත් යම් යම් ගැටලු හේතුවෙන් කාන්තාවන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට අදිමදි කරමින් සිටින බව නොරහසකි.  ඡන්ද නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී දේශපාලන පක්ෂවලට කාන්තාවන් සොයා ගැනීම ඉතාම දුෂ්කර වී තිබිණ. මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ සමාජය පුරා පැතිර ගිය අතර, ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනස් අදහසක් යෝජනා කර තිබිණ. “කාන්තාවන් දේශපාලනයට අවම සහභාගිත්වයක් දක්වනවා. ඒ ඔවුන් දේශපාලනය නොදන්නා නිසාම නොවෙයි. ඇත්තටම දේශපාලනය මිනිස් වාසයට නුසුදුසු අසූචි වළක් බවට පත්ව තිබෙන නිසායි. ඊයේ පෙරේදා එක්තරා දේශපාලනඥයෙක් නාමයෝජනා ලබාදීමට නම් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගත් බව කියන කතාවක් පැතිර ගියා. ඇතැම් අපේක්ෂිකාවක් ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කරනවා. ඔවුන් බිය නැහැ. කෙසේ වෙතත් නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලූ බව කියන සිද්ධිය කාන්තාවන්ගේ දේශපාලන අනාගතයට ඒතරම් සුබ දෙයක් නොවෙයි. ඒත් කාන්තා අයිතිවාසිකම් රකින මුවාවෙන් දිවි රැක ගන්නා ඇතැම් සංවිධාන මෙවැනි සිදුවීම් ගැන නිහඬව සිටිනවා. ඒක පුදුමයට කරුණකැයි ද ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් තුසිත බාලසූරිය සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ ජනමාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියමින් ඊට අත්සන් තැබීමට අගමැතිවරයා කටයුතු කිරීම මැතිවරණ ප්‍රචාරක උපක්‍රමයක් බව කියමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඉකුත් අඟහරුවාදා එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ “මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අත්සන් තැබීම මාධ්‍ය අවස්ථාවක් කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. එමගින් එළඹෙන මැතිවරණයේදී සියලු දෙනා ආණ්ඩුවට සහාය ලබාදීම සඳහා ආයාචනා කිරීමට අවස්ථාවක් කරගෙන තිබේ” යනුවෙනි.

රට පුරා පොහොර හිඟයක් මතුවූ හෙයින් ඒ පිළිබඳව දේශපාලන කරළියේද විවිධ කතා පැතිර යන්නට වූයේය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට දේශපාලනඥයන්ට ගමට යෑමට නොහැකි වාතාවරණයක් ඇතිවූ හෙයින් ඒ පිළිබඳව මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම විටින් විට ජනාධිපතිවරයාටත් කරුණු කියා තිබිණ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කැඳවා ඒ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද සිදුවිය. එහෙත් ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යෑම හේතුවෙන් ජනාධිපතිවරයාට පියවරක් ගැනීමට සිදුවිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය දුරකතනය ඔස්සේ පාකිස්තාන අගමැතිවරයාට කතා කළේය. ලංකාවේ පවතින පොහොර හිඟය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ඉල්ලීමක් ද කළේය. ඒ වන විට පාකිස්තානය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබුණේ පොහොර අපනයනය නතර කිරීමටය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි වූ අවස්ථාවේ පකිස්තාන අගමැතිවරයා එරට “ආර්ථික සම්බන්ධීකරණ කමිටුව” වහා කැඳවීමට කටයුතු කළේය. එහිදී තීන්දු කර තිබුණේ එරට ගත් නීතිය වෙනස් කර ලංකාවට පමණක් පොහොර අපනයනය කිරීමටය. මේ වනවිට එරට ආණ්ඩුව ද ලංකාවට පොහොර අපනයනය කිරීමට කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව පකිස්තානය තීන්දු කර තිබුණේ පොහොර මෙටි්‍රක් ටොන් හැත්තෑ පන්දහසක් ශ්‍රී ලංකාවට එවීමටය. ඉන් පළමු කොටස ඉකුත් බදාදා රාත්‍රියේදී කොළඹට ලැබී තිබිණ.

මේ අතර ආණ්ඩුවේ යට විටින් විට මෝදුවෙමින් තිබෙන දේශපාලන ගිනි පුපුර ද පොහොර ප්‍රශ්නය නිසා දැවෙන්නට පටන් ගත්තේය.එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් උත්සාහ කර තිබුණේ පොහොර ප්‍රශ්නය ශ්‍රීලනිප ඇමැතිවරුන් පිට පැටවීමටය. එක්තරා එජාප කැබිනට් ඇමැතිවරයකු සඳහන් කර තිබුණේ “ශ්‍රීලනිප අහවල් ඇමැතිවරයාගේ අකාර්යක්ෂමතාව පොහොර ගැටලුවට හේතුවක් වී තිබෙන බවය.  ඉකුත් අඟහරුවාදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පොහොර ප්‍රශ්නය දිග්ගැස්සෙන්නට වූයේය. එහිදී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා චෝදනා කර ඇත්තේ “අද අපට ගම්වලට යන්න බැහැ. මිනිස්සු බනිනවා. මේක පොහොර ටිකක්වත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් දැයි මිනිස්සු අපෙන් අහනවා” යැයි සජිත් ප්‍රේමදාස කියා තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ඡන්දයේ වැඩි බරක් කරට ගෙන ඇති ඇමැතිවරුන් අතර එස්.බී. දිසානායකට විශේෂ තැනක් හිමි වී තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පිට එස්.බී. දිසානායක ඇමැතිවරයා සති කිහිපයක සිටම උදේ සවස නොබලා ඡන්ද වැඩවලට සහභාගි වූයේය. වැඩි කාලයක් කොළඹින් පිට සිටි එස්.බී. දිසානායක ඇමැතිවරයා මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකේම මැතිවරණ සම්බන්ධීකරණ කටයුතුවලට සම්බන්ධ වී සිටියි. ඒ පිළිබඳව ඔහු හිතවතකු සමඟ ප්‍රකාශ කර තිබුණේ, “දුවලා දුවලා දැන් නම් හරිම හතියි. මේ ඡන්දෙන් ශ්‍රීලනිපය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඇතැම් පිරිස් පොහොට්ටු පක්ෂය ගැන කියනවා. හැබැයි ඡන්ද ප්‍රතිඵලය වෙනස්. ඔය කියන රාජපක්ෂ කැක්කුමක් දුප්පත් ගම්වැසියන්ට නැහැ” යනුවෙනි.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ කරුණු හා නිර්දේශ එළියට ඒමත් සමඟ දේශපාලන කරළිය ඉකුත් දින දෙක තුනේ උණුසුම් වී තිබිණ. ජනාධිපතිවරයා බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ වැදගත් කරුණු ඉදිරිපත් කරමින් බදාදා පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. දේශපාලන කරළිය රත්වූයේ ඉන්පසුවය. ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව දේශපාලන පක්ෂ කිහිපයක්ම ඉල්ලා සිටිනුයේ පාර්ලිමේන්තුවේ හදිසි රැසවීමක් කැඳවන ලෙසය. හදිසියේ පාර්ලිමේන්තුව කැඳවා බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද දේශපාලන පක්ෂ නායකයින් කතානායකවරයාට යෝජනා කර තිබිණ. එහෙත් මේ දක්වා කතානායකවරයා ඊට පිළිතුරක් ලබාදී තිබුණේ නැත. මේ අතර පළාත් පාලන මැතිවරණය යහපාලන ආණ්ඩුවේ ඉරණම, ශ්‍රීලනිප අර්බුදය ආදී දේශපාලන ගැට කිහිපයකටම බැඳුම්කර වාර්තාව හොඳ අත්බෙහෙතක් වනු ඇතැයිද දේශපාලන විචාරකයෝ පවසති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙසැම්බර් 31 වැනි දින මධ්‍යම රාත්‍රියේ කතරගම වන්දනාමාන කිරීම සඳහා පිටත්ව ගොස් තිබිණ. හිටපු ජනාධිපතිවරයා කිරිවෙහෙර වැඳ පුදාගෙන මහ දේවාලයටද ගොස් ආශිර්වාද ලබා ගත්තේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ කාල්ටන් නිවසට ගොඩවදින විට අලුත් අවුරුද්ද උදාවී තිබිණ. හිටපු ජනාධිපතිවරයා කෙටි විවේකයකින් පසුව පැමිණ සිටි පිරිස හමුවීමට ගියේය. ඒ වනවිටත් දේශපාලනඥයන්, හිතවතුන් ගම්වාසීන් ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමට පැමිණ සිටියහ. ඒ අතර පිරිසක් නෙළුම් පොහොට්ටු අතැතිව පැමිණ සිටි අතර සිනාසෙමින් හිටපු ජනාධිපතිවරයා ඇසුවේ ‘මොකද මේ නෙළුම් පොහොට්ටු අරගෙන’ කියාය. ‘සර් අපි අද බුලත් අතක් අරගෙන ආවේ නැහැ. බුලත් වෙනුවට නෙළුම් පොහොට්ටුවක් අරගෙනයි ආවේ ඔබතුමාට සුබපතන්න’ යැයි ඒ අතරින් කෙනෙකු කීවේය. හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස කිරිබත් කා පෝදා බණ වැඩසටහන සඳහා එක්වූහ. කාල්ටන් නිවසේ පැවැති බණ වැඩසටහන සඳහාද විශාල පිරිසක් පැමිණ සිටියහ. බණ ඇසීමෙන් පසුව බොහෝ පිරිසක් පිටත්ව ගිය පසුව හිටපු ජනාධිපතිවරයා හා සමීපතමයන් අතර දේශපාලන කතාබහක්ද ඇතිවිය. මහාචාර්ය ජී.එල්. පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, අජිත් නිවාඞ් කබ්රාල් සහ කුමාරසිරි හෙට්ටිගේ ඇතුළු පිරිසක්ද එහි වූහ. මුලින්ම කුමාරසිරි හෙට්ටිගේ කතාවට මුල පිරීය ‘සර් දැක්ක නේද අද අවුරුද්දට සුබපතන්න ආපු බොහෝදෙනෙක් නෙළුම් පොහොට්ටු අරගෙන ඇවිත් තිබුණා. නෙළුම් පොහොට්ටුව මේ තරම් ජනප්‍රිය බවක් අපිවත් දැනගෙන හිටියේ නැහැ.’ හෙට්ටිගේ ඒ කතාව කී පසුව අජිත් නිවාඞ් කබ්රාල්ද ඊට හවුල් වූයේය. ‘නෙළුම් පොහොට්ටුව කරළියට ආවේ ඉතාම හොඳ කාලයක. හැම ජන කොටසකටම ආණ්ඩුව එපා වෙලා තියෙන තත්ත්වයක් තමයි දැන් උද්ගත වෙලා තියෙන්නේ. ඒකයි අලුත් පක්ෂයට මේ තරම් ජනප්‍රියතාවයක් ඇතිවුණේ’ යැයි කබ්රාල් කීවේය. එවිට හිටපු ජනාධිපතිවරයාද කතා කළේය.

‘මේකනේ කුමන්ත්‍රණය කරලා බලය ගන්න පුළුවන්. හැබැයි කුමන්ත්‍රණ වලින් රටක් පාලනය කරන්න බැහැ. ඒක ආණ්ඩුවටත් මේ වනවිට වැටහිලා ඉවරයි.’ මහින්ද රාජපක්ෂ කීවිට ආචාර්ය නාලක ගොඩහේවාද යමක් කීවේය. ‘මේ ආණ්ඩුවට තවත් යන්න බැහැ. උගත් බුද්ධිමත් මිනිස්සු තවදුරටත් ආණ්ඩුවේ ඉන්න එකනම් බොරු.’ යැයි ගොඩහේවා කතාකරමින් සිටින විට නාමල් රාජපක්ෂ කිරිබත් පිඟානක්ද අතැතිව මැදට පැන්නේය. ‘තාත්තා දන්නවද එදා හරි වැඩක් තමයි වුණේ අපි හම්බන්තොට උද්ඝෝෂණය කරන කොට යන්තම් මහාචාර්යතුමා ළඟ තියෙන ගෙදරකට යවලා බේරා ගත්තා. නැත්නම් එතුමාටත් වෙන්නේ මමත් එක්ක කූඩුවට යන්නයි’ නාමල් කී විට එතන සිටි සියලුදෙනාම සිනාසෙන්නට වූහ.

අලුත් අවුරුද්ද වෙනුවෙන් රජයේ කාර්යාල හා අමාත්‍යංශවල වැඩ ආරම්භ කෙරුණේ අඟහරුවාදාය. එදිනට කැබිනට් මණ්ඩල රැස්වීමද යෙදී තිබුණ හෙයින් අලුත් අවුරුද්දේ වැඩ කැබිනට් රැස්වීමෙන් ආරම්භ කරනවාද එහෙමත් නැත්නම් අමාත්‍යංශයට ගොස් ආරම්භ කරනවා දැයි නවීන් හිටියේ දෙගිඩියාවෙනි. මේ අතර ඉකුත් දා රාත්‍රියේ කැබිනට් ලේකම් කාර්යාලයෙන් ඇමැතිවරුන්ට දුරකතන ඇමතුම් ලබාදී තිබුණේ පසුදින දහවල් එකොළහට කැබිනට් රැස්වීම පැවැත්වෙන බවය. නවීන් උදේ අටහමාර වන විටම අමාත්‍යංශයට ගියේය. ‘අපි කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා අවශ්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තීරණ ගන්නවා. ඒත් සමහර තීරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තීරණ ක්‍රියාත්මක කිරීමට විධිමත් ක්‍රමයක් අවශ්‍යයි. ඇමැති නවීන් ලේකම්වරයා දැනුම්වත් කළේය. ‘ඉතාම ඉක්මනින් කැබිනට් තීරණ ක්‍රියාත්මක කරන යුනිට් එකක් හදන්න’ නවීන් අලුත් අවුරුද්දේ අලුත් යෝජනාවක් කළේය.

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ අලුත් අවුරුදු සාදය ඉකුත් බදාදා රාත්‍රියේ පැවතියේ කොළඹ ස්ටෑන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි ඇමැති නිල නිවසෙහිය. දේශපාලන හිතවතුන්, මිතුරන් මෙන්ම මාධ්‍යවේදීන් පිරිසකටද ඊට ආරාධනා ලැබී තිබිණ. ඇමැති රාජිත මේසයෙන් මේසයට ගොස් ආරාධිතයන් පිළිගත්තේය. අමුත්තන් හමුවීම සඳහා බිරිඳ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්නද එක්වී සිටියාය. පිළිගැනීමෙන් පසුව තවත් විශේෂ යමක් එහිදී සිදුවූයේය. මාධ්‍ය හිතවතකු ඇමැතිවරයා සිටි මේසයට ගොස් කනට කර යමක් කීවේය. ‘ඇමතිතුමා අපි තවත් වැඩකට සූදානම් වෙලයි ආවේ. ඔබතුමාගේ මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායකගේ උපන් දිනය අද. අපි යාළුවො මේ ස්ථානයේ කේක් ගෙඩියක් කපලා පුංචි සුබපැතුමක් කරනවා.’ මාධ්‍ය හිතවතාගේ යෝජනාවට ඇමැති රාජිත එකපයින් කැමති වූයේය. ඒ අනුව ඇමැතිවරයා ඇතුළු විශේෂ අමුත්තන් සිටි මේසයට කේක් ගෙඩියක් තැබීය. සත්සර රාවය මැද නිපුන් කේක් ගෙඩිය කපා මුල්ම කේක් කෑල්ල ඇමැති රාජිතට කැව්වේය. ඇමැතිවරයාද තවත් කේක් කෑල්ලක් ගෙන නිපුන්ට කැව්වේය.  මාධ්‍ය මිතුරෝද නිපුන්ට සුබපතා කෙටි උපන් දින සාදය නිම කළහ.

ඇමැති වජිර අබේවර්ධනද දැන්  අලුත් කතාවක් කියමින් යන්නේය. ‘මම මේ පාර ගාල්ල දිස්ත්‍රික්කයෙන් එජාපයට විශේෂ ජයග්‍රහණයක් අත්කර දෙනවා. ඒ සඳහා බැහැලා වැඩ කරනවා. යැයි වජිර හිතවතුන් පිරිසක් හමුවේ කීවේය. 

ඒ අනුව ඉකුත් සති අන්තයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩල දහයම කැඳවීමට ඇමැති වජිර පියවර ගෙන තිබිණ. ඒ සඳහා කොළඹින්ද අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ විf
ද්ශ කටයුතු අමාත්‍ය තිලක් මාරපනය. ඇමැති ගයන්ත කරුණාතිලකද ඊට එක්වී තිබිණ. ආසන බල මණ්ඩල රැස්වීම් වලදී ඡන්ද ලැයිස්තු බෙදාදී මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම්ද එහිදී ලබාදෙමින් වජිර කීවේ ‘ගාල්ලෙන් මේ පාර අපි දිනන්න ඕනේ’ කියාය.

 

 



අදහස් (3)

ඡන්ද නීතිය කණ පිට පෙරළන්නෝ

arnold Friday, 05 January 2018 12:20 PM

හංසයා අයිතිකාරආ අන්තර්ජාතික හොරෙක් බව කියවේ. ඔය කමිෂන් වතුරෙන් සෝදා සුදු කර නොහැක.

:       0       36

Jayantha Saturday, 06 January 2018 04:53 AM

අනේ ඔය පරණ කොකාව හෝදලා ඇති වැඩේ මොකක්ද? අනිත් කොක්කු ටික නම් බලාගෙන ඉන්නවා

:       0       14

Bamunuarachchi Saturday, 06 January 2018 06:01 AM

ඔය කොකා ඔහොම හෝදලා පාට කොකෙක් කිරීමට බැරිය. අර හාවා සහ නරියගේ කතාවේ වගේ බෙල්ලෙන් අල්ලා ගලේම ගසා සිදු කල යුතුය.

:       0       21

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1132 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 527 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1025 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1699 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1279 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


පිටරටින් මට මුදල් එන්නෑ: අපි IMF ඉස්සරහට ගෙන යනවා
2024 අගෝස්තු මස 09 3480 7

ජාතික ජන බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක සැප්තැම්බරයේ පැවැත්වෙන ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙකි. තමා ජනපතිවරණය ජයග්‍රහණය කළහොත් කිසිවෙකුග


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16963 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site