IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සැප කැමැත්තෝ සිත් සකසාගත යුත්තෝය

තථාගතයන් වහන්සේගේ නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර මූලික ස්ථානයක් සිත පිළිබඳව යොමුවී ඇති ආකාරය ත්‍රිපිටක ධර්මය තුළින් අනාවරණය වේ.

ධම්ම පද පාළියෙහි චිත්ත වග්ගයද සිත පිළිබඳව ඉතා සරලව අපිට තොරතුරු සපයන ස්ථානයකි. විවිධ උපමා උපමේයද මේ සඳහා යොදා ගෙන ඇති අයුරු දැකගත හැකිය. එහි ඇති සැලීම් ස්වභාවය පමණක් නොව චපල බව පිළිබඳවද තොරතුරු සඳහන් වේ. එමෙන්ම නොරැකිය හැකි බව පමණකුදු නොව වංක බව පිළිබඳවත් එසේ ඇද ගැසෙන සිත වඩු කාර්මිකයකු ලීයක ඇද හරින්නාක් මෙන් ඍජු කරගත යුතු ආකාරයද දැක්වේ. එසේම සිතෙහි ඇති සැලෙන බව දැක්වීම සඳහා දියෙන් ගොඩගත් මත්ස්‍යයෙකුගේ හැසිරීම් රටාව අපේ අවධානයට ලක්කොට ඇත. මෙම වංකභාවයත් සැළෙන ස්වභාවයත් අප විසින් සවිමත් කරගත යුතු වන්නේ කෙළෙස් දුරැලීමේ දුෂ්කර ක්‍රියාවලිය ශක්තිමත්  කරගැනීම සඳහා බව ඉතා පැහැදිලිය.  

පුහුදුන්  සත්වයන්ගේ නිරන්තර අපේක්ෂාව වන්නේ සැප කැමතිවීම මෙන්ම එම සැප ළඟාකර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමය. සැපයෙහි ස්වභාවය ලෞකික සහ ලෝකෝත්තර යනුවෙන් දෙයාකාර වේ. ලෞකික සැප අපේක්ෂාවෙන් නිරන්තරව උත්සාහ වන බොහෝ පිරිසක් ඇතිවා මතු නොව අස්වාදනීයත්වය එහි ස්වභාවය වේ. එම ආශ්වාදනීය බවෙහි තාවකාලිකත්වය දන්නේ නමුදු බොහෝ දෙනා ශීඝ්‍රයෙන් හඹායනුයේ ඒ සඳහාමය.

ලෝකෝත්තර සැපයෙහි සුවිශේෂත්වය වන්නේ අවින්දනීය බව වනවා මතු නොව එය සැපයක් වන්නේද එනිසාමය. කෙසේ නමුත් කිනම් සැපයක් සඳහා වුවද අපේ සිතට හිමිවන්නේ  ප්‍රමුඛතාවක්මය.  ඉහත ගාථා ධර්මයෙන් පැහැදිලි කරනුයේද සිතෙහි ඇති මෙම ස්වභාවය  පිළිබඳවය.  ‘දුන්නිග්ගහස්ස’ යනු දමනය කිරීමට ඇති අසීරුතාවය  පැහැදිලි කරන යෙදුමකි.  සිත ඉතා දුෂ්කරව දමනය කරනවා මතු නොව එක් අරමුණක තබාගැනීමේ නොහැකියාවද පෙන්නුම් කෙරේ. කෙසේ නමුත් සිතෙහි හිලෑ බව සඳහා ධර්මයම හේතුවන අතර ඒ සඳහා කිසිදු විකල්ප මාර්ගයක් නොගත හැකිවේ. ‘ලහුනෝ’ යන්න ක්ෂණිකව සිදුවන සිතෙහි  හටගැනීම හා බිඳීයාම ඉතා යුහුසුළුව සිදුවන අයුරු ප්‍රකාශ කරන්නකි. මරණ ධර්මය පිළිබඳව කරන විග්‍රහවලදී ක්ෂණික මරණය ලෙස දක්වා ඇත්තේ ද මෙම කරුණමය. ‘යත්ථ කාම නිපාතිනෝ’ මින් අදහස් වන්නේද, සිත තමා කැමති අරමුණ කරා අප නොදැනුවත්ම ගමන්  ගන්නා බවයි. සිත, සිත කැමති ඕනෑම තැනක රැඳිය හැකි බව මින් ප්‍රකාශ වන අතර එහිදී උස් පහත්කම් හෝ නෑ නොනෑකම් විෂය වන්නේ නැත. කායිකව  සිදුවන සිරගත කිරීමකදී වුවද සිත තම රුචිකත්වයන් හා සමඟ නිදහස්ව හැසිරෙන අයුරු මින් පැහැදිලි කෙරේ. මෙබඳු වූ සිත කීකරු කරගැනීම මතු නොව දමනය කරගැනීම කළහැකිවන්නේ නම් ‘සුඛාවහං’ ලොව්තුරා සැප සඳහා මංපෙත් විවර වන බව ධර්මයෙහි දැක්වේ. මේ අනුව සැප අපේක්ෂා කරන්නන්ගේ වගකීම  වන්නේ ‘චිත්තං දන්තං’ යනුවෙන් දැක්වෙන පරිදි තම සිත මනාව කීකරු කර ගැනීමය. බුද්ධධර්මය මනෝ මූලික ධර්මයක් වශයෙන් සමයාන්තරව සුවිශේෂී  ඉගැන්වීමක් බවට පත්ව ඇත්තේද තම වගකීම තමා විසින්ම සම්පූර්ණ කොටගෙන සැප ළඟාකරගත යුතු වන නිසා විය යුතුය.

එළැඹ ඇති වස්සාන සමයෙහි ඉතිහාසය තතාගත ධර්මාන කාලය දක්වා දිවෙන්නක් බව අපේ ධර්ම සාහිත්‍ය මගින් අනාවරණය කරනු ලැබේ. එහි දැක්වෙන  තොරතුරු අනුව අතීතයේ සිටම මෙම උතුම් පින්කම සඳහා භික්ෂු භික්ෂුණීන්ද මතු නොව දායක දායිකාවන්  වශයෙන් ගිහි සමාජයද දක්වා ඇත්තේ විශාල උනන්දුවකි.

භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් උනන්දු කර ඇත්තේ තමන් වහන්සේද  මෙම චාරිත්‍ර ධර්මයෙහි නිරතවෙමිණි. බරණැස, ඉසිපතන, මිගදාය  කේන්ද්‍ර කොටගෙන  ඇරඹුණ මෙම දීර්ඝ කාලීන ව්‍යායාමයෙහි  නියැළෙන ලද්දේ එය විනය ප්‍රඥප්තියක් වනවා මතු නොව ශාස්තෘ නියමයක් ලෙසද සලකමින්ය.

ඒ අනුව ආරාධනා ලැබ හෝ නොලැබ මෙම උතුම් සිරිතෙහි නියැලීම සඳහා ඇතැම් විට භික්ෂූන් වහන්සේ ගව් ගණනක් මතු නොව යොදුන් ගණන් පා ගමනින් වැඩම කර ඇති අයුරු අපේ ධර්ම සාහිත්‍ය මගින් වාර්තා කොට ඇත. එසේ ගමන් ගන්නා භික්ෂූන් මුහුණ දෙන ලද දේශගුණික සහ පාරිසරික ගැටලු පමණක් නොව ගෝචර ස්ථාන පිළිබඳ දුෂ්කරතා පිළිබඳවද සඳහන්වේ. එමෙන්ම අමනුෂ්‍ය උපද්‍රවද මතු නොව විවිධ මනුෂ්‍ය උපද්‍රවද විඳදරා ගනිමින් මෙහි නියැලුණු ආකාරය සැබැවින්ම අනුවේදනීය වේ. බුදුරදුන් තව්තිසාව ආදි දිව්‍ය ලෝකයන්හි පවා වස්වසා වැඩිහිටි අතර ‘යව’ වැනි රළු ආහාරයන්ද වළඳමින් අති දුෂ්කරතාවයන්ගෙන් යුතුව නේරංජාවේදී වස්සාන සමයක් ගෙවාලු ආකාරයද ප්‍රකට සිදුවීමකි. කෙසේ නමුත් මෙම විශේෂිත කාලසීමාව තුළදී කිසියම් මාර්ගඵලයකට පත්වීම දායක දායිකා අපේක්ෂාව වූයේ මතු නොව භික්ෂූන් වහන්සේලාගේ ව්‍යායාමයද වූයේ වස්සානය නිමවීමට පෙර කෙසේ හෝ නිර්වාණ අවබෝධය ලබාගැනීමය. තත් කාලීනව බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ලබන ලද කමටහන් ඇතිව මහත් වීර්යයෙන් යුතුව එම උතුම් සුවය අත්විඳීම සඳහා අධිෂ්ඨානශීලී වූහ.

ඉහත ගාථා ධර්මය දේශනා කොට ඇත්තේද වස්සාන සමයක සිදුවූ එබඳු සිදුවීමක් පාදක කොටගෙන ගත් එක්තරා භික්ෂුවක් අරමුණු කොටගෙනය. කෝසල රාජ්‍යයට අයත් ඇළගම නමින් හඳුන්වන ලද ග්‍රාමය නිගමයක් විය. මෙහි ධනවත් වූවාද මතුනොව සැදැහැවත් බවින්ද පරිපූර්ණ මාතිකමාතා නම් වූ උපාසිකාවක් වූවාය. ඇය නිරන්තරයෙන්ම තම පුණ්‍ය මහිමයෙන් ලබන ලද ධනය පරිහරණය කරන ලද්දේ පරලොවටද ගෙන යා හැකි අයුරින්ය. බුද්ධාදි රත්නත්‍රය පිළිබඳව වූයේ අසීමිත විශ්වාසයක්ද මතු නොව ගෞරවාන්විත වූ පිළිගැනීමකි. එක්තරා වස්සාන සමයකට ආසන්නව සැට නමක් පමණ වූ භික්ෂු පිරිසක් එම ගමට වැඩමවන ලද්දේ, එම උපාසිකාව ඉතා මිහිරි අයුරින් දන් පැන් සකසා දෙමින් දෙමින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද්දීය. භික්ෂු පිරිස පිළිබඳ අතිශය ප්‍රසාදයට පත්ව සිටින මාතික මාතාවෝ එළඹෙන වස්සාන සමයෙහි වස් වසා වැඩ සිටීම සඳහා රමණීය වූ ආරාමයක්ද තනවා පූජා කළහ. එමතුද නොව වස් විසීම සඳහා ආරාධනා කරනුයේ සිව්පසයෙන් පූජා පවත්වමින් සංඝෝපස්ථානයෙහි  නියලුනේද මහත් ශ්‍රද්ධාවෙන් යුතුවය. භික්ෂු පිරිසද එම උපාසිකාවගේ ශ්‍රද්ධා මහිමය තේරුම්ගෙන ඇයටද අනුග්‍රහයක් වශයෙන් වෙන් වෙන්ව අධිෂ්ඨානශීලීව භාවනාවෙහි නියැලුණි. එක් දිනක් ආරාමයට ගිය මාතික මාතාවන්ට කිසිදු භික්ෂුවක් දක්නට නොලැබීමෙන්  කැළඹුණ  සිතැත්තී සීනුව නාද කරන්නීය. එක් එක් නම වෙන් වෙන් මාර්ග වලින් තනි තනිව පැමිණීම දැක විමතියට පත්වුණි. භික්ෂු පිරිස කිසියම් කරුණක් නිසා අසමගිව, අසතුටින් වෙන්ව සිටිතැයි සැක සිතුවා මතු නොව විමසුම් කරන්නී ලද පිළිතුර වූයේ තමන් වහන්සේලා සිදුකරන භාවනාව සඳහා ඇතිවිය හැකි බාධා අවමකිරීම සඳහා එක්ව නොවෙසෙන බවයි. මේ අනුව භාවනාව පිළිබඳව කිසියම් අවබෝධයක් මෙන්ම රුචියක් ඇතිකර ගත් එම උවැසිය තමන්ද එහි යෙදිය යුතු යැයි දිරිමත්ව කායගතාසති භාවනාවෙහි යෙදුනා මතු නොව අනාගාමීඵල සුවය ලබාගැනීමට සමත් වූවාය. අනතුරුව  වස් විසු භික්ෂු පිරිස එතෙක් මගඵලලාභී නොවන බව දැන රහත්භාවය ලබාගැනීම සඳහා විවිධ  අයුරින් උනන්දු කරවන ලද්දේ භික්ෂහුද අධිෂ්ඨානශීලීව බවුන් වඩා රහත්භාවයට පත්වූයේ මතු නොව බුදුරදුන්  හමුවේදී මාතික මාතාවගේ බහුවිද ගුණයන්ද ප්‍රකාශ කළහ. මෙම  සිදුවීම අසා සිටි එක්තරා භික්ෂුවක් එම ස්ථානය හා උපාසිකාව සෙයා යන්නේ ඇයගේ අනුග්‍රහයද නොඅඩුව ලබමින් භාවනාව සඳහා යොමුවූයේ නමුදු උපාසිකාවගේ පරසිත් දන්නා නුවණ පිළිබඳව දැන බියපත්ව බුදුරදුන් මුණගැසී තමන්ට මුහුණ දීමට සිදුවූ ගැටලුව ප්‍රකාශ කළහ.  පුහුදුන් තම සිතට නැගෙන විවිධ පාපී සිතුවිලි උපාසිකාව විසින් දැකිය හැකි යැයි සිතා පසුගාමීවූ එම භික්ෂුව දිරිමත් කළ තථාගතයන් වහන්සේ සිත රැකගැනීම දුෂ්කර වුවද එම  ව්‍යායාමය සැපය සඳහා හේතුවන බව දේශනා කරමින් හෙතෙම නැවතත් එම ස්ථානයටම යොමු කරන ලදහ. අනතුරුව උපාසිකාගේ අනුග්‍රහය ලබමින් දැඩිසේ භාවනාව සඳහා උත්සාහවත්ව ක්‍රියාකළ එම තෙරුන් රහත්භාවයට පත්වීමේ සිදුවීම උක්ත ගාථාව දේශනා කිරීම සඳහා හේතු වී ඇත.

වස්සානයෙහි ප්‍රථම පුර පොහෝ දිනය වූ නිකිණි පුර පසළොස්වක් දිනය අද දිනයේදී උදාවී තිබේ. මෙදින ශාසනික වශයෙන් වැදගත්වීමට හේතුවන කරුණු කිහිපයක් පිළිබඳව සඳහන් වේ. පෙර වස් සමාදන්වීම  පසු  ගිය ඇසළ පුන් පොහෝ දිනට පසු දින සිදුවූ අතර කිසියම් හේතුවන් නිසා එය මඟහැරී ගියේ නම් නිකිණි  පොහෝ දිනයෙහි පසුවස් එළඹිය යුතු බව බුද්ධ නියමයයි. වස් විසීම් පිළිබඳව වූ නියමය කොතරම් වැදගත් වන්නේද යන්න මින් පැහැදිලි වනවා මතු නොව ඊට අදාළ දිනය අද වන්නේය. ප්‍රථම සංගායනාව  ඇරඹීමේ දිනය ලෙසත් අද දිනය වැදගත් වන අතර ඊට සමගාමීව අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් වහන්සේ රහත්භාවයට එළඹි දිනය ලෙසද නිකිණි පුර පොහෝ දිනය වැදගත් වේ. එමෙන්ම මෙම වකවානුවෙහි එළඹි ප්‍රථම පුර පොහෝ දිනය වශයෙන් නිබඳ ගිහි - පැවිදි සබඳතා සවිමත් වන දිනයක් ලෙස සමාජීයමය වූ සුවිශේෂී බවක්ද දක්නට ලැබේ. මෙම විශේෂිත ආගමික පරිසරය තුළ රැක ගන්නා සිතින් නිරාමිස සැපය සඳහා එළඹීමට උත්සාහවත් විය යුතුව ඇත.

 



අදහස් (4)

සැප කැමැත්තෝ සිත් සකසාගත යුත්තෝය

පිටිගල මිලානෝ Monday, 07 August 2017 11:54 AM

අපි කරන්නේ පෝය බලබලා වැඳ වැඳ ඉන්න එක මිසක් තථාගතයාණන් වහන්සේ කියා දුන් නිවන් මගේ යන එක නෙවෙයි. ඒකට උගත් ඉතාලි ජර්මන් ආදී යුරෝපීහු වඳින්නේ නැහැ නමුත් නිවන් මඟ ගැන උනන්දුවෙන් සොයා බැලීම් කරනවා. සමහරු ඒ මඟ යනවා. හාමුදුරුවන්ගෙන් ඉපදුන දා සිට ගුරුහරුකම් ගන්න අපි කඨින පූජා, පෙරහැර, පිච්චමල් පූජා, පලතුරු පූජා සහ බෙහෙත් පැන් (රෝගියෙකුට නොදී) සම්මා සම්බුද්ධ අනුරූවලට දෙවියෙකුට මෙන් පූජා කරමින් නිවන් මග අප වෙතට එන තෙක් බලා ඉන්නවා.

:       0       12

SamMonday, 07 August 2017 02:08 PM

ඔබ අවසානයේ සඳහන් කර ඇති සියළුම දේ අවබෝධයෙන් කළයුතු ධාර්මික මඟ යන්නවුන්ගේ ක්‍රියා වේ. සුත්‍ර පිටකය කියවන්න. විමාන වස්තු, ප්‍රේත වස්තු කියවන්න. ඔබට ධර්මය නිවැරදිව දැකිය හැක. තෙරුවන් සරණයි.

:       1       0

පිටිගල මිලානෝ Monday, 07 August 2017 08:21 PM

ඔබට බොහෝ පින් හිමියනි. මල් පුදා ලද හැකිද නිවනක්... කෙලෙස් මල් ගොමුවෙන්.... පිපී පරවෙන සිත දකිත්වා මල් පිදු කුසලෙන්...!!!

:       0       1

amitha Tuesday, 08 August 2017 01:20 AM

බෞද්ධයෙකුගේ එකම පරමාර්ථය විය යුත්තේ, තමා පෙර කල පිනකින් ලබා ඇති මනුෂ්‍ය ජීවිතේදීම, එලොව මෙලොව නිරාමිස සුවයක් ලබා ගැනීමට, හැම මොහතකම තම සිතට ඇතුළුවන රාගය, වෛරය , මෝහය, තමාටත් පොදුවේ හැමටත් අප්‍රමාණ අයහපතක් සිදුවන බව ධර්මාබෝධයෙන් වටහාගෙන, සංවර ජීවිතයකට යොමු වීමට පුහුණුවීම පමණි. එය උතුම් බුද්ධ දේ ශනාවයි . එම උතුම් ප්‍රතිපදාව හැම මොහොතක ම පිරිය යුතු ක්‍රියාවක්. දින නියමක් අවශ්‍ය නැත. සියලු ලෝක, සියලු සත්වයන්ට යහපතක්ම වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය පතමි.

:       0       6

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 142 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


කෑලි කැඩුණු උතුරේ දේශපාලනය
2024 සැප්තැම්බර් මස 11 1145 1

රටේ අන් පෙදෙස්වල දේශපාලනය සේම උතුරේ දේශපාලනය ද දෙකඩ වී තිබේ. උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය දෙකඩ වූයේ පළමුව එහි සෙසු පක්ෂ ප්‍රධාන පක


රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙන්න
2024 සැප්තැම්බර් මස 03 539 0

ජීවන වියදම සහ ජීවන බර අඩු කිරීමට නම් කළ යුත්තේ රට පල්ලම් බැසීමේ වේගයට තිරිංග තමා රට දියුණු වීමේ වේගය වැඩි කිරීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා’’ පු


අපෙක්ෂකයන්ගේ කැරට් කතා
2024 අගෝස්තු මස 30 1032 5

ජනාධිපතිවරණ තරගය, මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර සිටම අඩු වැඩි වශයෙන් ආරම්භ වූ අතර, සියලුම අපේක්ෂකයන්ගෙන් සුරංගනා කතා දැන්


මාලිමාව රට හදන්නේ මෙහෙමයි
2024 අගෝස්තු මස 28 1724 6

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරේදා (26) එළිදැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ, “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ යනුවෙනි.


ඉන්දියාව සහ චීනය දිනවන ලංකාවේ ඡන්ද
2024 අගෝස්තු මස 27 1289 0

ජනාධිපතිවරණයක දී මුලින්ම විදේශයක මුද්‍රණය කරන ලද පෝස්ටර් කලඑළි බැස්සේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජනපති සටන මෙහෙයවනවාත් සමගය. රණසිංහ ප්‍රේමදාස අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38797 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site