HNBA සහ HNBGI හි කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි, HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු සහ HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න
HNB ඇෂුවරන්ස් PLC (HNBA) ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත කීර්තිමත් ඩොලර් මිලියන වට මේස සමුළුව (MDRT – Million Dollar Round Table) සඳහා, තම අලෙවි බලකායෙන් සුදුසුකම් ලත් විශිෂ්ටයින් සංඛ්‍යාව මෑතකදී ප්‍රකාශයට පත් කළේය. සමාගම විසින් එහි ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් කළ ඇති වැඩිම MDRT සුදුස්සන් සංඛ්‍යාව මෙය වේ, එයට අමතරව කෝට් ඔෆ් ද ටේබල් (COT) විශිෂ්ටයින් 3 ක් සහ ටොප් ඔෆ් ද ටේබල් (TOT) 1 විශිෂ්ටයෙක් ද මෙම සංඛ්‍යාවට ඇතුළත් ය. සමාගම විසින් ඉදිරිපත් කරන ලද වැඩිම MDRT සහ COT ජයග්‍රාහකයින් සංඛ්‍යාව මෙයයි.
MDRT යනු 1927 දී පිහිටු වන ලද, දැන් ජාත්‍යන්තරයේ රක්ෂණ හා මූල්‍ය සේවා ක්ෂේත්‍ර ආශ්‍රිත සමාගම් 500 කට වැඩි සංඛ්‍යාවක් හා අනුබද්ධිත වෘත්තිකයන් 45,000 කට අධික සංඛ්‍යාවක් සිටින ස්වාධීන සංගමයකි. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ විශිෂ්ට කාර්යසාධන කඩ ඉම් ඉක්මවා යන සීමිත සුදුස්සන්ට පමණි.
සිය අදහස් ප්‍රකාශ කරමින් කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා මෙසේ පැවසුවේ, “රක්ෂණ වෘත්තියේ දී MDRT සුදුසුකම අත්පත් කර ගැනීම විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස සලකනු ලබන අතර එය එම විශිෂ්ටයින්ට තම වෘත්තීය සංවර්ධනය පුළුල් කිරීම සඳහා ද අනගි අවස්ථාවක් හිමි කර දෙයි. මේ වසරේ දී HNBA විසින් අප ඉතිහාසයේ ඉදිරිපත් කර ඇති වැඩිම සුදුසුකම් ලත් සංඛ්‍යාවක් - එනම් සුදුස්සන් 75 ක් ඉදිරිපත් කර ඇති අතර එය අපගේ අලෙවි බලකායේ ශක්තිය මනාව පෙන්නුම් කරයි. අපි සැබවින්ම අපගේ විශිෂ්ටයින් ලත් ජයග්‍රහණ පිළිබඳ ව සතුටට පත් වන අතර ඔවුන්ට මම මුළු හදින් ම සුබ පතමි".
HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ, “වසර ගණනාවක් තිස්සේ HNBA විසින් MDRT සුදුසුකම් ලබා ඇති බොහෝ වෘත්තිකයන් බිහි කර ඇති අතර මෙය රක්ෂණ වෘත්තිකයෙකුගේ වෘත්තීය ගමනේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. MDRT සුදුසුකම් ලැබීම සඳහා සුවිශේෂී වෘත්තීය කුසලතා, නිෂ්පාදන දැනුම සහ සදාචාරාත්මක වෘත්තීය හැසිරීම අවශ්‍ය වන අතර අපගේ අලෙවි ශූරයන් සමස්ත ක්ෂේත්‍රයට ම ආදර්ශයක් වෙමින් MDRT මෙම පිළිගැනීම හිමි කර ගෙන ඇත".
HNBA හි නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලසිත විමලරත්න මහතා කණ්ඩායමට සිය කෘතඥතාවය පළ කරමින් කියා සිටියේ, “MDRT සුදුසුකම් ලැබීමට පුද්ගලික කැපවීම හා ධෛර්ය අත්‍යවශ්‍ය මෙන්ම අඛණ්ඩ උපකාරක යටිතල පහසුකම් ද අවශ්‍ය වේ. ඒ නිසා MDRT, COT සහ TOT සුදුසුකම් ලැබූවන් සඳහා අඛණ්ඩ සහය සහ මග පෙන්වීම ලබා දුන් බෙදාහැරීම් අංශයේ කළමනාකරණ කණ්ඩායමට, පුහුණු කිරීමේ කණ්ඩායමට සහ විශේෂයෙන් බෑන්ක්ඇෂුවරන්ස් කණ්ඩායමට ද මම සැබවින්ම ස්තුතිවන්ත වෙමි".
HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
HNB ඇෂුවරන්ස් වෙතින් 2020 වසරේ MDRT විශිෂ්ටයන් 75 ක්!