දීප්ති ලොකුආරච්චි - කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී HNBA සහ HNBGI, ප්‍රසන්න ප්‍රනාන්දු - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී HNBA සහ ලසිත විමලරත්න - නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී HNBA
උසස් ජීවන රටාවකට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇත. රැකවරණය, ශරීර සෞඛ්‍යය, ඉතුරුම් සහ විශ්‍රාමය මින් අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි. මෙම කාරණා ඔබේ ජීවිතයේ පරිපූර්ණ වන විට සැබැවින්ම ඔබේ දිවිය සුවිශේෂී ජීවිතයක් වනු නොඅනුමානය. මේ උදෙසා HNB ඇෂුවරන්ස් ඔබේ ජීවන රටාවේ සෑම පියවරකටම සහයක් වන Privileged Life නව්‍ය විසඳුම හඳුන්වාදී තිබේ.
මේ පිළිබඳව සිය අදහස් දැක්වූ HNB ඇෂුවරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේ "HNBA විසින් හඳුන්වා දී තිබෙන Privileged Life සැලසුම ඔබේ ජීවිතයේ රැකවරණ, සෞඛ්‍ය, ඉතුරුම් සහ විශ්‍රාම වැනි වැදගත් අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ලබා දෙන සැලසුමකි. සමාගමක් ලෙස සැමවිටම අපගේ අවධානය යොමු වන්නා වූ ප්‍රධාන කරුණු දෙක වන රැකවරණය සහ අපගේ සේවාලාභීන් හට හොඳම සැලසුම ලබාදීම යන කාරණා මුදුන්පත් කරමින් සැකසුණු මෙම සැලසුම සේවාලාභී අවශ්‍යතාවයන් පිළිබඳ මනා විමර්ශනයකින් සහ අප සතු පුර්ණ අත්දැකීම යොදා ගනිමින් සකසනු ලැබුණි. සැබැවින්ම මෙය සුවිශේෂී රක්ෂණ සැලසුමකි”.
HNB ඇෂුවරන්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ "Privileged Life යනු අනේකවිධ ප්‍රතිලාභ සහිත රක්ෂණ සැලසුමක් පමණක්ම නොව මෙමගින් ඔබේ ජීවිතය හදිසි අවශ්‍යතාවයන් උදෙසා මුදල් දීමනා ලඟා කර ගත හැකි සැලසුමක් වේ. උවමනා වූ විටෙක රක්ෂණ අරමුදලෙන් කොටස් ආපසු ලබාගැනීමේ පහසුකම සේවා ලාභීන් හට මෙමගින් සැලසේ. මෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ සාමාන්‍ය නිත්‍ය වාරික ගෙවීමට අමතරව සේවාලාභියාට තවත් මුදලක් එකවර අමතර වාරික (Top-Up Premium) ලෙස ආයෝජනය කළ හැකිය. ආයෝජනය කරන සියලු වාරික සඳහා ආකර්ෂණීය ලාභාංශ අනුපාතයක් ලබාදෙන බැවින් සේවාලාභියාගේ අරමුදලේ වටිනාකම තවත් ශීග්‍රයෙන් වර්ධනය වනු ඇත. එබැවින් Privileged Life සැබැවින්ම ඔබ සිහින මවන ජීවන රටාව භුක්ති විඳීම යථාර්ථයක් කර දෙන්නා වූ සැලැස්මක් ලෙස හැඳින්විය හැක".
සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ලසිත විමලරත්න මහතා සඳහන් කළේ "සුවිශේෂී රක්ෂණ ප්‍රතිලාභ රැසකින් සමන්විත මෙම සැලසුම අප සමාගමේ සැලසුම් කළඹේ තවත් විශිෂ්ට සැලසුමකි. කල් පිරීමෙන් පසුවද Privileged Life වෙතින් සේවාලාභීන් හට එහි තවත් ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථා සලසයි. එනම් සැලසුම කල්පිරීමේදී එකවර කල්පිරීමේ අරමුදලක් ලෙස ඔබේ මුදල් ඉවතට ගැනීම හෝ ඒ වටිනාකම විශ්‍රාම වයසේදී ඔබට පැන නැගිය හැකි වෛද්‍ය සහ රෝහල් ගාස්තු පියවා ගැනීමට භාවිතා කරන්නාවූ සෞඛ්‍ය අරමුදලක් ලෙස පරිවර්තනය කර ගැනීමට ද ඔබට මෙයින් අවස්ථාව සැලසේ. එසේත් නැත්නම්, කල්පිරීමේ අරමුදල ඔබට ජිවිත කාලය පුරා විශ්‍රාම ආදායමක් ලෙස මාසිකව සලසා ගැනීමට ද තීරණය කිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. සැලසුමේ ප්‍රධාන ප්‍රතිලාභයන්ට අමතරව, අමතර ජීවිත ප්‍රතිලාභය, හදිසි අනතුරු ප්‍රතිලාභය. රෝග 29ක් ආවරණය කරන්නා වූ බරපතළ රෝග ප්‍රතිලාභය, රෝහල්ගත වීමේ ප්‍රතිලාභය, ශල්‍යකර්ම ප්‍රතිලාභය, වසරකට රුපියල් මිලියන 50 ක් දක්වා ආවරණයක් ලබාගත හැකි Supreme Health රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණ ප්‍රතිලාභය වැනි අමතර ප්‍රතිලාභ රැසක් සේවාලාභියාට තෝරා ගැනීමට හැකිවනු ඇත. Privileged Life ඔබේ ජීවිත කාලය පුරා පැන නැගිය හැකි නොයෙකුත් මුදල් අවශ්‍යතාවයන් මුහුණ දීම ඔබට අවැසි ලෙස සකසා ගැනීමේ නම්‍යශීලිත්වය ලබාදෙන බැවින් ඔබත් ඔබගේ ආදරණීයන්ටත් ජීවිතයේ අභියෝග ජයගන්නට සවිය උදා කරන කදිම සැලැස්මක් වේ”.
HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 58ක් දැනට රට පුරා පවතී. එය Fitch Ratings Lanka වෙතින් කෙරෙන "ජාතික රක්ෂණ සමාගම්හි මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වන අතර S&P SL 20 දර්ශකයේද ඇතුලත් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වාදුන් සමාගම් වෙන්කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ තකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හි සම්පූර්ණ හිමිකාරීත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳනාම 100 ඇතුළතත් ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳනාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මානද එහි වාර්ෂික වාර්ථාවන් සඳහා ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකරණ සංගමය විසින් ලබාදෙන නොයෙකුත් සම්මාන ජයගත් සමාගමක් වේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
HNB ඇෂුවරන්ස් වරප්‍රසාදිත දිවියකට Privileged Life සැලසුම හඳුන්වා දෙයි