සිය පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පාරිභෝගිකයින් අතර තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සදහා, MyDialog App හරහා රීලෝඩ් / බිල්පත් ගෙවීම් සිදුකරන මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සුවිශේෂී 100% ක Cash Back වාසියක් ලබාදීමට කටයුතු කර ඇත.
පාරිභෝගිකයන් සිය Dibit/ Credit කාඩ්පත් විස්තර MyDialog App එකේ save කර එය ස්වයංක්‍රිය test ගනුදෙනුවක් මගින් තහවුරු කිරීමෙන් අනතුරුව සිදුකරන පළමු රිලෝඩ්/ බිල්පත් ගෙවීම් වටිනාකමට මෙම සුවිශේෂී 100% ක Cash Back වාසිය ලබාගත හැක. මේ යටතේ පාරිභෝගිකයන්ට 2020 ජූනි 14 තෙක් රු. 1000 ක උපරිමයක් දක්වා මෙම වාසිය හිමිකර ගත හැක. මෙය ලබාගැනීමට ඕනෑම Mobile, DTV හෝ LTE සම්බන්ධතාවයක් වෙනුවෙන් මුදල් ගෙවීමක් හෝ රීලෝඩ් කිරීමක් සිදුකළ හැකි අතර, ගෙවීම / රීලෝඩ් කිරීම සදහා කිසිඳු අවම ගාස්තුවක් නියම කර නැත. MyDialog App හි save වී ඇති පාරිභෝගිකයාගේ Primary අංකයට මෙම වාසිය ලබා දෙන අතර , පෙරගෙවුම් මොබයිල් පාරිභෝගිකයන්ට මෙම Cash Back වාසිය මොබයිල් එකට ලැබෙන අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම Cash Back වාසිය, ඊළඟ මාසයේ බිල්පතට බැර කරනු ඇත. පාරිභෝගිකයින්ට MyDialog App එක මගින් ඔවුන් කැමති ඕනෑම Internet කාඩ්පත්, 4G Video Balster / Triple Blaster වැනි විශේෂ පැකේජයන් වලට අදාල මුදල රිලෝඩ් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර එවිට ඊට සමාන අගයක් 100% CashBack වාසිය මෙන් පාරිභෝගිකයාගේ මොබයිල් එකට ලැබේ. මෙම සුවිශේෂී 100% CashBack වාසිය COVID -19 හේතුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඉතා ආරක්ෂාකාරීව මෙන්ම ඉතා පහසුවෙන් නිවසේ සිට රිලෝඩ්/ බිල්පත් ගෙවීම් දිරිමත් කිරීම සදහා හඳුන්වාදී ඇත.
මීට අමතරව ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම කාලසීමාව තුළදී දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙන්ම ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහායවීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට Anytime ඩේටා GB 1 ක් ,D2D ඇමතුම් සඳහා මිනිත්තු 250 ක් සහ D2D SMS 250 ක් ඇතුළත් දින 7 ක විශේෂ සහන පැකේජයක් ලබාදීමට පියවර ගන්නා ලදී. මෙම 100% CashBack වාසිය ඩයලොග් විසින් Covid -19 හා සම්බන්ධව දැනටමත් හඳුන්වාදී ඇති e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care, සහ e -Work solutions (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) යන සේවාවලට අමතරව පාරිභෝගිකයන්ට සුරක්ෂිතව සිටිමින් නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහායවීමේ අරමුණින් හදුන්වා දෙන ලදී.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
MyDialog app හරහා සිදුකරන රීලෝඩ් / බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Bac
Sithum Friday, 19 January 2024 12:31 PM
0769498196