IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


දිවයිනේ ප්‍රධාන රෝහල් 16 කට Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍

(ඉහළ ඡායාරූපය) Tele Medicine විසඳුම් උපයෝගී කරගනිමින් දුරස්ථ ක්‍රමයට වෛද්‍යවරයෙකු රෝගියෙකුට ප්‍රතිකාර ලබාදෙන ආකාරය


(පහළ ඡායාරූපය) වමේ සිට දකුණට: සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි, Samsung ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුංසු යූ, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ, Samsung ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සහ පාරිභෝගික සේවා ප්‍රධානී හොග්යූන් පාක් සහ MyDoctor සේවාවේ ප්‍රධාන විධායක නිලධාරී සමීර විජේරත්න.

 

COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ ඊ සෞඛ්‍ය පද්ධතිය (e-Health) සවිමත් කරමින් MyDoctor app හරහා නොමිලේ Tele Medicine සේවා සැලසීම සඳහා Samsung Global සහ MyDoctor සමඟ එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට (MOH) වසර 3 ක් සඳහා අඛණ්ඩව Samsung Tab පරිගණක, සම්බන්ධතා පහසුකම් සහ Tele Medicine සේවා සැලසීමට ඉදිරිපත් වී තිබේ. මෙම සහයෝගීත්වය හරහා රජයට කිසිඳු පිරිවැයක් දැරීමට සිදු නොවන අතර COVID-19 හමුවේ බෝ නොවන රෝග සහිත රෝගීන් බහුතරයකට තමා නිතර හමුවන වෛද්‍යවරයාගෙන් නිරතුරුවම උපදේශන ලබාගෙන පරීක්ෂා කිරීමකට ලක්වීම අවශ්‍ය වන බැවින් වෛද්‍යවරුන්ට දුරස්ථව සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය Tele Medicine සේවා සැලසීමට හා සම්බන්ධතා පහසුකම් ලබාදීම සඳහා රටේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16 ක බෝ නොවන රෝග සායන  ඩිජිටල්කරණයට ලක්කිරීම මෙහි අරමුණ වේ.

ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා සම්පාදකයා වන MyDoctor සේවාව විසින් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය රෝහල්වල සිට රෝගීන්ගේ රෝග විනිශ්චයන් සහ ප්‍රතිකාර දුරස්ථව සිදු  කළ හැකි වන පරිදි මේ හරහා  පහසුකම් සැලසෙනු ඇත.  Samsung Tab පරිගණක සහ ඩයලොග් 4G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන MyDoctor මගින් සැපයෙන ඩිජිටල් සෞඛ්‍ය සේවා හරහා වෛද්‍යවරුන්ට අදාළ රෝගීන් සමඟ හඬ / වීඩියෝ ඇමතුම්වල නියැලීමට, ඖෂධහල් සඳහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීමට සහ MyDoctor App හරහා රසායනාගාර පරීක්ෂණ නියම කිරීමට පහසුකම් සැලසෙන අතර, සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩල සාමාජිකයින් සහ රෝගීන් වෙනත් ආසාදන සඳහා අනවශ්‍ය පරිදි නිරාවරණයවීමට ඇති අවස්ථා විශාල වශයෙන් අවම කරයි. මෙවැනි පහසුකම් හරහා වෛද්‍ය උපදේශන ක්‍රියාවලිය කාර්යක්ෂම වන අතර, මෙයින් රෝගීන්ට සිදුවන පීඩනයද අවම වේ. රෝහල් 16 ක ක්‍රියාත්මක කෙරෙන මෙම සේවාවේ මූලික අදියරේ සාර්ථකත්වය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග දෙපාර්තමේන්තුව විසින් සෙසු රෝහල්වලද මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය මෙසේ අදහස් ප්‍රකාශ කළාය. “අති විශිෂ්ට සම්බන්ධතා පහසුකම්, උපාංග සහ Tele Medicine සේවා හරහා රටේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16 ක බෝ නොවන රෝග සායන ඩිජිටල්කරණයට ලක්කිරීමේ ජාතික කර්තව්‍යයට උරදීම වෙනුවෙන් එක්වූ ඩයලොග්, Samsung සහ MyDoctor ආයතනවලට අපගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ පුදකර සිටිනවා. එමෙන්ම COVID -19 තත්වය හමුවේ රටට අත්‍යවශ්‍යම අවස්ථාවක මෙම පහසුකම් සැලසීමට ඉදිරිපත්වීම පිළිබඳවත් මේ ආයතන ත්‍රිත්වයටම නැවත වතාවක් විශේෂයෙන් ස්තුතිය පිරිනමනවා.”

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මේ පිළිබඳව අදහස් දක්වමින්, “ COVID -19 ට එරෙහි ජාතික සටනට සහායවීම වෙනුවෙන් අප ගන්නා උත්සාහයේදී මෙම Tele Medicine සේවා සලසන Samsung Global සහ MyDoctor ආයතනවලට අපගේ කෘතඥතාවය පළ කරන අතර, මහජනතාවට සේවය සැලසීම සඳහා තාක්ෂණය උපයෝගී කරගැනීමේ ඉදිරි පියවර තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ස්තුතිය පුදකර සිටීමත් මෙය අවස්ථාවක් කරගනු ලබනවා. දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල් ඩිජිටල්කරණයට ලක්කරමින් ශ්‍රී ලාංකිකයින්ට සමාන අවස්ථා සහ ඩිජිටල් සෞඛ්‍ය ක්‍රියාකාරකම්වල තිරසර සංවර්ධනයට පහසුකම් සලසමින් රටේ ඊ සෞඛ්‍ය පද්ධතිය (eHealth system) තවදුරටත් ශක්තිමත් කිරීම මෙවැනි දීර්ඝකාලීන පහසුකම්  සැලසීමෙහි අරමුණයි.”

Samsung ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුංසු යූ මෙසේ අදහස් දැක්වීය. “COVID -19 පවතින මෙම කාලසීමාව තුළ බෝ නොවන රෝගවලින් පීඩා විඳින රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 16 ක් සඳහා නවතම Samsung Tab පරිගණක පරිත්‍යාග කිරීමේ අර්ථවත් සහ කාලීන ව්‍යාපෘතියට ඩයලොග් සහ MyDoctor සමඟ දායකවීමට ලැබීම මහත් ආඩම්බරයක් වශයෙන් සලකනු ලබනවා. Samsung Tab පරිගණක තුළ MyDoctor app එක ස්ථාපනය කෙරෙන අතර, මේ හරහා රෝහල්වලට අවශ්‍ය Tele Medicine සේවා සැලසීම සඳහා සම්බන්ධතා පහසුකම් සපයනු ලබන්නේ ඩයලොග් සමාගමයි. නවීකරණය වූ සෞඛ්‍ය සේවාවක් තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකිරීමේ වගකීම විශ්වාසදායී තාක්ෂණයක් වෙත පැවරී තිබෙන අතර, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ රෝගීන් සවිබලගැන්වීම වෙනුවෙන් මෙම දුරස්ථ රෝගී සත්කාර සේවාව සමඟ අපටත් සම්බන්ධවීමට අවස්ථාව ලැබීම පිළිබඳව අතිශයින් සතුටු වෙනවා. වර්තමානයේ අප ජාතිය මුහුණපාමින් සිටින අභියෝගය වෙනුවෙන් කළ හැකි ඕනෑම දෙයකට දායකවීමට Samsung සමාගම කැපවී සිටින බවත් සඳහන් කර සිටිනවා.”

මේ පිළිබඳව අදහස් දැක්වූ MyDoctor සේවාවේ ප්‍රධාන විධායක නිලධාරි සමීර විජේරත්න “ඩයලොග්, Samsung සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙවැනි ජාතික කර්තව්‍යයකට දායකවීමට ලැබීම මහත් ආශිර්වාදයක් කොට සලකනු ලබනවා. MyDoctor app එක හරහා තම සාමාන්‍ය සායනවලට නිවසේ සිටම ඉතා පහසුවෙන් සහභාගිවීමේ අවස්ථාව රෝගීන්ට හිමිවී තිබෙනවා. එපමණක් නොවේ, තම අනාගත ප්‍රයෝජනය සඳහා app එක මත ඔවුන්ගේ සියලුම සෞඛ්‍ය වාර්තා සහ බෙහෙත් වට්ටෝරු upload කරමින් ඒවා පවත්වාගෙන යාමටත් ඔවුන්ට අවස්ථාව සැලසෙනවා. තවද උපදේශන ආරම්භ කිරීමට පෙර  MyDoctor app එක භාවිත කරමින් දුරස්ථ ක්‍රමයට රෝගීන්ගේ සෞඛ්‍ය පැතිකඩ නිරීක්ෂණය කිරීමේ අවස්ථාව වෛද්‍යවරුන්ට හිමිවනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත පියවරට අවතීර්ණවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අපගේ ප්‍රශංසාව පළ කරනවා.”



අදහස් (0)

දිවයිනේ ප්‍රධාන රෝහල් 16 කට Tele Medicine සේවා සැලසීම සඳහා Samsung, ඩයලොග් සහ MyDoctor සෞඛ්‍ය අමාත්‍

ඔබේ අදහස් එවන්න

You may also like

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි
2024 නොවැම්බර් මස 05 495 0

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව


සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි
2024 ඔක්තෝබර් මස 18 710 0

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.


දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?
2024 ඔක්තෝබර් මස 10 1998 0

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර


​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 21 717 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්


ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්
2024 සැප්තැම්බර් මස 19 1639 5

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල


ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්
2024 සැප්තැම්බර් මස 18 433 0

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 495 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 710 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1998 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site