වර්තමාන ප්‍රවණතා හා ජීවන රටාවේ දියුණුවට සමගාමීව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෑතකාලීනව බැංකු අන්තර්ජාල(Online) අරමුදල් හුවමාරු පහසුකම් හරහා බදු ගෙවීම් කටයුතු සක්‍රීය කිරීමට විකල්ප බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.NDB Tax Caretaker ලෙස මෙම විකල්ප බදු ගෙවීමේ ක්‍රමය හඳුන්වාදීමත් සමඟ NDB බැංකුව, පුරෝගාමී පියවරකට අවතීර්ණව සිටිනවා. ආදායම් බද්ද බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන අතරම දිවයින පුරා පවතින සීමා කිරීම් හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ, ගෙවිය යුතු ආදායම් බද්ද ගණනය කිරීමේ දුෂ්කර කටයුත්තකට ඔබ මුහුණ දී සිටිනවා විය හැකියි.NDB බැංකුවේ NDB Tax Caretaker නම් වූ නවතම ගිණුම හඳුන්වාදීම සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති විකල්ප බදු ගෙවීම් ක්‍රමයට අනුව ගණනය කිරීමේ සිට ඔබේ ආදායම් බදු අන්තර්ජාලය හරහා ගෙවීම දක්වා වන කටයුතු හැකි සෑම ආකාරයකින්ම ආවරණය කරනු ඇත.
සෑම බදු කාර්තුවකටම ඇස්තමේන්තුගත ‘ගෙවිය යුතු මුළු බදු මුදල’ සකස් කර ගැනීම සඳහා සෑම මසකම ඔවුන්ගේ මාසික ආදායමෙන් යම් මුදලක් වෙන් කිරීමට NDB Tax Caretaker ගිණුම විසින් සිය පරිශීලකයින් යොමුකරවීම මෙහිදී සිදුවෙනවා.විශේෂිත ‘බදු කැල්කියුලේටරය’ පාරිභෝගිකයින්ට ‘ගෙවිය යුතු ආදායම් බදු’ තක්සේරු කිරීමට සහ කාර්තුමය බදු ගෙවීම සඳහා සෑම මසකම ඉතිරි කළ යුතු මුදල තීරණය කිරීමටත් ලබා දෙන්නේ මහඟු උපකාරයක්. ඊට අමතරව, සෑම බදු කාර්තුවක් අවසානයේම, බදු අය කළ හැකි ආදායම නැවත පරීක්ෂා කිරීමෙන් පාරිභෝගිකයින් ගෙවිය යුතු ආදායම් බදු පරීක්ෂා කිරීමටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නීතිරීති / රෙගුලාසි වලට අනුව ඕනෑම සුදුසුකම් ලත් ගෙවීම් සහ සහන මත අවසන් ආදායම් බදු මුදල තීරණය කිරීමටත් හැකියාව ලැබෙනවා.එමෙන්ම NDB Tax Caretaker ගිණුම මඟින් ඉදිරියේදී ගෙවිය යුතු බදු ගෙවීම් පිළිබඳව කෙටි පණිවුඩ මතක් කිරීම්, ඉතිරිකිරීම් සඳහා වන ඉහළ පොලී අනුපාත, මුදල් ආපසු ගැනීමේ අසීමිත සීමා, ඩෙබිට් කාඩ්පත් සහ ජංගම බැංකු පහසුකම් මෙන්ම ආයෝජන, විදේශ මුදල් සහ වෙනත් මූල්‍ය ප්‍රවාහයන් ඇතුළු සියලුම ආකාරයේ ආදායම් මැනවින් කළමනාකරණය වැනි විවිධ ප්‍රතිලාභ සලසා දෙනවා.
මාසික ඉපැයීම් වලින් සාම්ප්‍රදායික ආදායම් බදු අඩු කිරීමේ ක්‍රමයට වඩා වෙනස්ව, NDB Tax Caretaker පහසුකම මඟින් සිය ගණුදෙණුකරුවන්ට බැංකුවේ Online ප්‍රවේශයක් වන NDB NEOS හරහා සෑම කාර්තුවකටම සෘජුවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු ගෙවීමට හැකියාව ලැබීම ද තවත් එක් විශේෂත්වයක්.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පාරිභෝගිකයා විසින්ම සුරක්‍ෂිත හා ඩිජිටල් ක්‍රමයක් ඔස්සේ කාර්තුමය බදු ගෙවීමේ කටයුතු සඳහා බාධාවකින් තොරව ඉඩ විවර කිරීමට NDB බැංකුව මෙලෙස ගෙන ඇති පියවර Online බැංකු අත්දැකීම්වල කැපී පෙනෙන වර්ධනයක්.
සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රමයට කැමති පරිශීලකයින්ට, ආදායම් බදු ගෙවීමේ පත්‍රිකාව සමඟ NDB ශාඛාවකට ගොස්,නොමිලේ නිකුත් කරනු ලබන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට වන ගෙවීම් නියෝගය ලබා ගත හැකියි.හැඳුනුම්පත සහ පදිංචිය සනාථ කිරීමේ ලියවිලි පෙන්වීමෙන් මෙන්ම ඇස්තමේන්තුගත මාසික බදු මුදලට අදාළ ස්ථාවර නියෝගයක් ලබා දීමෙන් NDB Tax Caretaker ගිණුමක් රු. 1,000 ක මූලික තැන්පතුවකින් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා.සියළුම ගණුදෙණුකරුවන්ට නව්‍ය හා ප්‍රබෝධමත් මූල්‍ය විසඳුම් ලබා දෙන ප්‍රමුඛ බැංකුවක් ලෙස, NDB බැංකුව හඳුන්වාදෙන NDB Tax Caretaker ගිණුම තම ගණුදෙණුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන කාලෝචිත Online විසඳුමකි.මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වූ ජාතියක් ගොඩනැගීමේ දැක්මක් සහිත NDB බැංකුව සිය විශ්වාසවන්ත අනුග්‍රාහකයන්ට කාර්යක්ෂම, ඵලදායී හා වැඩිදියුණු කළ බැංකු අත්දැකීම් ලබා දීමේ පෙරමුණ ගෙන කටයුතු කරන පුරෝගාමියෙක් ද වනවා.එහි ගැඹුරට මුල් බැසගත් මූලික සාරධර්ම නිරන්තර විශිෂ්ඨත්වයට හේතු වන අතර එහි දිගුකාලීන ගණුදෙණුකරුවන් වසර ගණනාවක සිට බැංකුවේ අඛණ්ඩ වර්ධනයට සහ සාර්ථකත්වයට මහඟු සාක්ෂියක් වන බව නොඅනුමානයි.
Visit https://www.ndbbank.com/personal/accounts/ndb-tax-caretaker
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මේ ඔබේ ආදායම් බද්ද ගෙවීමේ කාලය ද? NDB Tax Caretaker ගිණුම අන් කවරදාකටත් වඩා දැන් ඔබේ කටයුතු පහසුවෙන්