IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායට නව මංපෙත් විවර කරමින් HCL Technologies ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ

ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා 1500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට HCL සූදානම්

ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා 1500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමට HCL සූදානම්


2020 ජූනි 16 වැනිදා ශ්‍රී ලංකාවේ කොළඹදී සහ ඉන්දියාවේ නොයිඩා හිදී


ප්‍රමුඛපෙළේ ගෝලීය තාක්ෂණ සමාගමක් වන HCL Technologies (HCL) ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ඇරඹීම අද ප්‍රකාශයට පත් කළේය. මෙම කළාපය තුළ ස්ථාපිත වීමත් සමඟ කොළඹ පිහිටි මූලස්ථානයෙන් මෙහෙයුම් ආරම්භ කරන පළමු මාස 18ක කාලය තුළ නවක හා පළපුරුදු වෘත්තිකයන් යන දෙපාර්ශ්වයටම මෙරට නව රැකියා අවස්ථාවන් 1500කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට HCL  විසින් සැලසුම් යොදා තිබේ. ගෝලීය කාර්යයන් සපුරාලීම සඳහා මෙරට මානව සම්පතෙන් සැදුම්ලත් කුසලතා සංචිතය භාවිතා කිරීම ශ්‍රී ලංකාව තුළ මෙම සමාගමේ ව්‍යාපාර සහ සංවර්ධන ක්‍රමෝපායේ ප්‍රධාන අංගයක් වනු ඇත. 


‘ලොව ප්‍රමුඛතම තාක්ෂණ සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ මූලාරම්භයන්හි නියැලීමට සූදානම් බව දැනුම් දීමට ලැබීම ඉතා සතුටට කරුණක්’ යනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ‘සිය ගෝලීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඉදි කිරීම HCL සමාගමේ දැක්ම සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරක්. මෙරට ජනතාවට රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමට HCL  සමාගමට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාවේ ජනතාවට මෙරට කාර්ය පරිසරයක් තුළ ගෝලීය කාර්යයන් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත. අපි මේ පිළිබඳ ඉතා සතුටට පත්වන අතර තවත් සමාගම් ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී එනු ඇතැයි මා බලාපොරොත්තු වනවා’ යනුවෙන් සඳහන් කළේය.


HCL Technologies හි සමූහ උපසභාපති ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය අදහස් දක්වමින් ‘මෙම කලාපයේ අපගේ මෙහෙයුම් දැනටමත් ආරම්භ වී තිබීමෙන් අපි ඉතා සතුටට පත්වනවා වගේම ශ්‍රී ලංකාවේ ඉහළ නිපුනත්වයෙන් යුත් දක්ෂ පුද්ගලයින් සමඟ සම්බන්ධ වී, ඔවුන් සේවය පිණිස රටින් පිටව යනු වෙනුවට, ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සමාගමක් සමඟ සම්බන්ධව සේවය කිරීමේ අවස්ථාව ඔවුන්ගේ fදාරකඩටම රැගෙන යමින් ඔවුන් හා සම්බන්ධවීමට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය Fortune 500 හා Global 2000 ට අයත් සේවාදායකින්ට හා ලොව පුරා හවුල්කරුවන්ට සේවය සැපයීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත’ යනුවෙන් පැවැසුවාය. 


HCL  හි මෙරට ආයතනය වන HCL Technologies Lanka පුද්ගලික සමාගම දියත්  කිරීම සඳහා 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත් අතර  මෙම කළාපය තුළ HCL  සමාගමේ පළමු බෙදාහැරීමේ මධ්‍යස්ථානයද එයයි. HCL  මෙම ආයතනය හරහා මෘදුකාංග යෙදුම් හා පද්ධති ඒකාබද්ධ කිරීමේ සේවා හා යටිතල පහසුකම් සේවා යන ක්ෂේත්‍ර ඔස්සේ ගෝලීය සේවාදායකයින්ට සේවාවන් සපයනු ඇත. 


HCL  ආයතනය වර්ධනය ඉහළ නැංවීම සඳහා දේශිය කුසලතා සංචිතය සංවර්ධනය හා පුහුණු කිරීම සඳහා දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඉංජිනේරු ආයතන සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කරමින් එහි කාර්ය ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත. උසස් පෙළ (A/L) සිසුන්, උසස් ජාතික ඩිප්ලෝමා  (HND) සිසුන් HCL ESOFT පුහුණු කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහන හරහා නවකයින් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි ්‍යක්‍ඛ අවධානය යොමු කිරීමට නියමිතය. දේශිය ශ්‍රම බලකායට ඔවුන්ගේ උපන් භූමිය තුළ රැඳී සිටිමින් කාර්යයේ නියැලීමට උපකාරය ලබාදෙන අතරතුර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් මව් රටට පැමිණ මෙම පරිවර්තනීය ගමනේ කොටසක් වීමට ආරාධනා කරනු ඇත. එමෙන්ම සමාගම ආයතනික පිරමීඩය වෙනසකට ලක්කිරීමේ හා ඉදිරිපෙළ සම්බන්ධ කිරීම, සක්‍රීය කිරීම හා සවිබල ගැන්වීමේ මූලික විශ්වාසය මත පදනම් වූ සිය ideapreneurship™ සංස්කෘතියද හඳුන්වාදෙනු ඇත. 


‘ගණුදෙනුකරුවන් සමඟ අපේ සම්බන්ධතාවය ගිවිසුම්ගත ගණුදෙනුවෙන් ඔබ්බට දිවෙනවා. අප විසින් ශ්‍රී ලංකාවේ සේවකයින් අපගේ සුවිශේෂී කාර්ය සංස්කෘතිය වන සෑම සේවකයෙකුටම සංකල්පනය සඳහා අවසරය අවස්ථාව හිමිවන ව්‍යාපාර මත දිවෙන, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නවෝත්පාදනය එනම් ideapreneurship™ හරහා සවිබලගැන්වීම හා දිරිමත් කිරීම සිදුකරනු ලබයි. ideapreneurship™ සංස්කෘතියට අනුගත වීමෙන් දේශීය කුසලතා සංචිතයේ සහාය ඇතිව ලොව පුරා විහිදුනු අපගේ ගණුදෙනුකරුවන්ට අනර්ඝ වූ සහායක් ලබාදීම කෙරෙහි අප ඉලක්කගතවනු ඇත’ යනුවෙන් HCL Technologies හි සමූහ උපසභාපති ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. 


ශ්‍රී ලංකාව ගෝලීය ITO සහ BPM වෙළඳපොලේ නැඟී එන කේන්ද්‍රයක් බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් සිටියි. විදේශයක සිට සපයන තාක්ෂණ සක්‍රීය සේවාවන් ( ITEs) මෙන්ම මූල්‍ය හා ගිණුම්කරණය, නෛතික, රක්ෂණ, බැංකුකරණ හා විදුලි සංදේශ යන අංශ හා බැඳුණු සේවාවන් සැපයීමේදී ශ්‍රී ලංකාව තෝතැන්නක් බවට පත්ව තිබේ. 


HCL Technologies Lanka පුද්ගලික සමාගම මෘදුකාංග යෙදුම් හා පද්ධති ඒකාබද්ධ කිරීමේ සේවා, යටිතල පහසුකම් සේවා සහ ඩිජිටල් ක්‍රියාවලි මෙහෙයුම් යන ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත වන වටිනා සේවාවන් සපයනු ඇත. 


රැකියා අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.hcltech.com/careers වෙබ් අඩවිය වෙත පිවිසෙන්න


-අවසන්- 


HCL Technologies සමාගම පිළිබඳ


HCL Technologies මීලඟ දශකයේ තාක්ෂණය හරහා ජාත්‍යන්තර ව්‍යාපාර සවිබලගන්වයි. HCL  හි 1-2-3 උපායමාර්ග වන ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් විශේෂඥ දැනුම, පාරිභෝගික ප්‍රමුඛ සේවාව සහ ideapreneurship™  ව්‍යවසායකත්ව සංස්කෘතිය ව්‍යාපාරයන් ඉදිරි පරම්පරාවට ගැලපෙන පරිදි පරිවර්තනය කරයි. 


HCL  සිය සේවා සහ නිෂ්පාදන ව්‍යාපාර ඒකක 3ක් ඔස්සේ, එනම් තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර සේවා (ITBS), ඉංජිනේරු සහ පරියේෂණ හා සංවර්ධන (ERS) , නිෂ්පාදන හා පදනම්  (P&P) යන ඒකක ඔස්සේ පිරිනමයි. මෘදුකාංග යෙදුම්, යටිතල පහසුකම්, ඩිජිටල් ක්‍රියාවලි මෙහෙයුම් සහ මීළඟ පරම්පරාවේ ඩිජිටල් පරිවර්තන විසඳුම් යන ක්ෂේත්‍රයන්වල පිරිනැමීම් හරහා ගෝලීය ව්‍යාපාරයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල වෙනසක් ඇතිකිරීමට ITBS සහාය වේ. සියලු පැතිකඩයන්හි නිෂ්පාදන සංවර්ධනය සහ platform ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් වූ ඉංජිනේරු සේවා සහ විසඳුම් P&P මඟින් සපයයි. HCL  යටතේ ්‍යක්‍ඛ සිය ජාත්‍යන්තර ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ තාක්ෂණයට හා ක්ෂේත්‍රයට සුවිශේෂී වූ අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා නව්‍යකරණය කළ මෘදුකාංග නිෂ්පාදන සපයයි. සිය අති නවීන පරීක්ෂණාගාර, ජාත්‍යන්තරව බෙදාහැරීමේ හැකියාව සහ පුළුල් ජාත්‍යන්තර ජාලය හරහා මූල්‍ය සේවා, නිෂ්පාදන, තාක්ෂණ හා සේවා, ටෙලිකොම් හා මාධ්‍ය, සිල්ලර සහ CPG, ජීව විද්‍යා හා සෞඛ්‍යාරක්ෂාව සහ පොදු සේවා යන කාණ්ඩ යටතේ HCL  විවිධ ක්ෂේත්‍ර සඳහා සේවා රැසක් පිරිනමයි. 


ප්‍රමුඛ පෙලේ ගෝලීය තාක්ෂණික සමාගමක් ලෙස HCL  සිය විවිධත්වය, සමාජ වගකීම්, තිරසරභාවය සහ අධ්‍යාපනික මුලපිරීම් පිළිබඳ සාඩම්බර වෙයි. 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 12ක කාලය තුළ HCL  ඇමරිකානු ඩොලර් බිලියන 9.94ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කළ අතර රටවල් 46ක එහි ideapreneurs 150, 423ක් ක්‍රියාත්මක වෙයි. වැඩි විස්තර සඳහා www.hcltech.com  වෙබ් අඩවියට පිවිසෙන්න. 

මතු දැක්ම පිළිබඳ ප්‍රකාශයන්
මෙම නිවේදනයේ සමහර ප්‍රකාශයන් සමාගමේ අනාගත දැක්ම (මතු දැක්ම) හා රැඳුණු ප්‍රකාශයන් වන අතර අවදානම් අවිනිශ්චිතතාවයන්, උපකල්පන මෙන්ම සැබෑ ප්‍රතිඵල මෙම ප්‍රකාශයන්හි සඳහන් වන කරුණු වලින් සැළකිය යුතු ලෙස වෙනස් විය හැකි වෙනත් සාධක ගණනාවක්ද ඊට සම්බන්ධ වේ. ඉතිහාසගත කරුණු මත පදනම් වූ ප්‍රකාශ හැරුණු විට ‘සැලසුම් කර ඇත’, ‘බලාපොරොත්තු වේ’, ‘උපාය මාර්ගය’, ‘අවස්ථාව’, ‘අපේක්ෂා කරයි’, ‘බලාපොරොත්තු වේ’ හෝ වෙනත් ඊට සමාන වචනද ඇතුළත් වූ ඊට සීමා නොවූ සියලුම ප්‍රකාශයන්ද මතු දැක්ම පිළිබඳ ප්‍රකාශයන් ලෙස සැළකිය හැකිය. 


ක්‍රියාත්මක කිරීමට තිබෙන නියාමන කටයුතුවල බලපෑම පිළිබඳ අවදානම් සහ අවිනිශ්චිතතාවයන්, ඉපැයීම්වල උච්ඡාවචනයන්, වර්ධනය කළමනාකරණය කිරීමට අප සතු හැකියාව, තොරතුරු තාක්ෂණික සේවාවන්හි දැඩි තරඟකාරිත්වය, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් ලබාගැනීම හා උපදේශන සේවා ඇතුළුව අපගේ පිරිවැය වාසියට බලපාන සාධක, ඉන්දියාවේ වැටුප් වැඩිවීම්, අපගේ සේවාවන්ට හිමි පාරිභෝගික පිළිගැනීම, නිෂ්පාදන හා ගාස්තු ව්‍යුහයන්, ඉහළ නිපුනත්වයෙන් යුත් වෘත්තිකයින් ආකර්ෂණය කරගැනීමට හා රඳවා ගැනීමට අපට ඇති හැකියාව, අත්පත් කරගත් වත්කම් පිරිවැය-ඵලදායී හා කාලෝචිත ආකාරයකින් ඒකාබද්ධ කිරීමට අපට ඇති හැකියාව, කාලය හා පිරිවැය ස්ථාවර මිල ඉක්මවා යෑම, ස්ථාවර කාලරාමු ගිවිසුම්, සේවාදායකයන්ගේ අවධානය, සංක්‍රමණ සීමාවන්, අපට අපගේ ජාත්‍යන්තර මෙහෙයුම් කළමනාකරණය කිරීමට ඇති හැකියාව, අපගේ ප්‍රධාන අවධානය යොමු වන ක්ෂේත්‍රවල තාක්ෂණය සඳහා ඇති අඩු ඉල්ලුම, විදුලි සංදේශ ජාලයන්හි අවහිරතා, විභවය අත්පත් කරගැනීම් සාර්ථකව සම්පූර්ණ කිරීමට අපට ඇති හැකියාව, අපගේ සන්නාම සංවර්ධන ප්‍රයත්නයන්හි සාර්ථකත්වය, අපගේ සේවා ගිවිසුම් වලට වන හානි සඳහා වගකීම, අප උපායමාර්ගික ආයෝජනයන් සිදුකළ සමාගම්/ආයතනවල සාර්ථකත්වය, රජයේ මූල්‍ය දිරිගැන්වීම් ඉවත් කිරීම, දේශපාලන අස්ථාවරත්වය, ඉන්දියාවෙන් පිටත ප්‍රාග්ධනය ඉහළ නැංවීම හෝ සමාගම් අත්පත් කරගැනීම පිළිබඳ නීතිමය සීමාවන්, අපගේ බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිතා කිරීම, වෙනත් අවදානම්, අවිනිශ්චිතතාවයන් සහ අපගේ කර්මාන්තයට බලපාන පොදු ආර්ථික තත්ත්වයන්ද ඇතුළුව, ඊට සීමා නොවූ අවදානම් සහ අවිනිශ්චිතතාවන් මෙම ප්‍රකාශයට ඇතුළත් වේ. මතු දැක්ම පිළිබඳ මෙහි සඳහන් කරන ලද ප්‍රකාශයන් නිරවද්‍ය බව සහතික නොකරන අතර එවැනි මතු දැක්ම පිළිබඳ ප්‍රකාශයන් නිකුත් කිරීම සමාගමේ අරමුණු හා සැළසුම් සාක්ෂාත් කරගැනීම සඳහා සමාගමේ හෝ වෙනත් පුද්ගලයකුගේ නියෝජනයක් ලෙස නොසැලකිය යුතුය. මෙහි සඳහන් වන සෑම මතු දැක්ම පිළිබඳ ප්‍රකාශයක්ම සමාගමේ කළමනාකාරීත්වය සතුව දැනට පවතින තොරතුරු මත පදනම් වී ඇති අතර සමාගම විසින් වරින් වර සිදු කරන ලද හෝ සමාගම වෙනුවෙන් සිදුකරන ලද මතු දැක්ම පිළිබඳ ප්‍රකාශයන් යාවත්කාලීන කිරීමේ වගකීම සමාගම විසින් භාරගනු නොලැබේ. 


වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සම්බන්ධ වන්න
HCL Technologies
Anne Coyle, ඇමරිකා එක්සත් ජනපදය
[email protected]


Elka Ghudial, යුරෝපය
 [email protected] 


Devneeta Pahuja, ඉන්දියාව හා ආසියානු පැසිෆික් කලාපය 

[email protected]

 



අදහස් (0)

මෙරට තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායට නව මංපෙත් විවර කරමින් HCL Technologies ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.
2025 මාර්තු මස 31 246 0

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය


ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
2025 මාර්තු මස 21 812 0

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
2025 මාර්තු මස 07 788 2

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 1491 2

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් පිරිනමයි.
2025 පෙබරවාරි මස 27 365 1

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස


රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක් හඳුන්වා දෙනු ලබයි.
2025 පෙබරවාරි මස 19 572 0

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site