• මෙම වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 11,556 හා සැසඳීමේදී මාසයෙන් මාසය සියයට 24.5 ක වර්ධනයක්.

මෙරට බැංකු හරහා පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී රුපියල් බිලියන 11,769ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය මෙම වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 11,556 හා සැසඳීමේදී මාසයෙන් මාසය සියයට 24.5 ක වර්ධනයක් ලෙසත් සටහන්ව තිබේ.  

එසේම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ රුපියල් බිලියන 9,521 හා සැසඳීමේදී රුපියල් බිලියන 2,248 ක එනම් සියයට 23.6 ක වර්ධනයකි. 
මෙහිදී වසරින් වසර දේශීය බැංකු හරහා ලබා දුන් ණය රුපියල් බිලියන 8,935 ක සිට රුපියල් බිලියන 11,171 ක් දක්වා සියයට 25 කින් ඉහළ ගොස් ඇත.  
එසේම අක්වෙරළ බැංකු හරහා ලබාදුන් ණය රුපියල් බිලියන 585 ක සිට රුපියල් බිලියන 598ක් දක්වා සියයට 2.1කින් වර්ධනය වී තිබේ.