දියවැඩියා පරීක්ෂණ මඟහරින ලාංකේය සමාජයේ සැඟවුණු මානසික පැත්ත

ශ්‍රී ලාංකේය නර්තන කලාව ලෝකයටම ගෙන ගිය කලා ලොවේ ප්‍රවීණයෙකු වන චන්න විජේවර්ධනයන් මේ වයසේදීත් වේදිකාව මත දක්වන අසමසම ජවය සහ ප්‍රබෝධය බොහෝ දෙනෙකු පුදුම කරවන්නකි. වයස අවුරුදු 60 සීමාව පසු කරද්දීත් තමන්ගේ වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ නිරෝගී තාලය පවත්වාගෙන යන ඔහු මේ දිනවල ඩයබිටසෝල් (Diabetasol) වෙනුවෙන් රූපවාහිනී වෙළෙඳ දැන්වීමක පෙනී සිටිනවා සමහර විට ඔබත් දකින්න ඇති. වෙළඳ දැන්වීම දියවැඩියාව සහ පූර්ව දියවැඩියා තත්ත්වය තිබෙන අයට පෝෂණීය අවශ්‍යතාවයන් කර ඇඟට ශක්තිය ලබා දෙන ඩයබිටසෝල් පෝෂණීය පානය සම්බන්ධව වුණත් චන්නගේ කථාව හරහා ලබාදෙන පණිවිඩය සම්බන්ධයෙන් වෙනම කථා කරන එක වැදගත්.
ඊට හේතුව වෙන කිසිවක් නොව, චන්න තමන්ගේ ජීවිතයේ තාලය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියත්, අද අපේ සමාජයේ බහුතරයක් දෙනා කුඩා රුධිර පරීක්ෂණයකට පවා බිය වී තමන්ගේ ජීවිතයේ ප්‍රබෝධමත් තාලය අහිමි කරගනිමින් සිටින නිසාවෙනි.
කෑම මේසයේදී කොන්වීමේ බිය සහ මිථ්‍යා මත
ශ්‍රී ලංකාවේ දියවැඩියාව සහිත වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුට වැඩි පිරිසක් (41.4%ක්) තමන්ට දියවැඩියාව ඇති බව පවා නොදන්නා බවත්, ප්‍රතිකාර ලබන අයගෙන් 67%ක්ම රෝගය නිසි ලෙස පාලනය කරගන්නේ නැති බවත් සමීක්ෂණ දත්ත පෙන්වා දෙයි. මේ තරම් ඉහළ ප්‍රතිශතයක් රෝගය මඟහැර සිටීමට බලපා ඇත්තේ සෞඛ්‍යමය හේතුවකට වඩා ලාංකේය සමාජය තුළ පවතින මානසික සහ සංස්කෘතිකමය බලපෑමකි.
අපේ සංස්කෘතිය තුළ ආහාර සහ උත්සව අවස්ථාවලට හිමිවන්නේ ප්‍රධාන තැනකි. එම නිසා දියවැඩියාව හඳුනාගත් අලුත පවුලේ කෑම මේසයේදී හෝ උත්සවවලදී තමන් "ලෙඩෙකු" ලෙස සලකනු ඇතැයි බොහෝ දෙනා බිය වෙති. රෝගීන්ට වෙනම ආහාර පිළියෙල කිරීමට සිදුවීම නිසා තමන් අන් අයට බරක් වී ඇතැයි සිතීමට පෙළඹෙන ඔවුන්, දියවැඩියාව යනු පාලනය කරගත හැකි තත්ත්වයකට වඩා තමන්ගේ සක්‍රීය ජීවිතයේ අවසානය සනිටුහන් කරන "මරණ වරෙන්තුවක්" ලෙස දැකීමට පුරුදු වී සිටිති. මෙම අහේතුක බිය නිසා රෝගය ප්‍රතික්ෂේප කරන අතර, පෙනීමේ ආබාධ හෝ අධික විඩාව වැනි සංකූලතා මතු වන තෙක්ම පරීක්ෂණ කල් දමති.
තවත් පසෙකින්, දියවැඩියාව පාලනය කිරීම යනු එක රැයකින් සීනි සහ කාබෝහයිඩ්‍රේට් සම්පූර්ණයෙන්ම නැවැත්වීම මිස, සමබර පෝෂණය ලබා ගැනීම නොවේ යැයි පවතින අන්තගාමී පෝෂණ මිථ්‍යාවන් නිසාද මිනිසුන් ආරම්භයේදීම බිය වී පසුබසිති.
දත්ත හෙළි කරන තිත්ත ඇත්ත
මේ මානසික බිය පිටුපස සැඟවී ඇති ඇත්තම තත්ත්වය ඉතා භයානකය. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් (30.5%ක් පූර්ව දියවැඩියා තත්ත්වයේ සහ 22–23%ක් දියවැඩියා තත්ත්වයේ) යම් කිසි ආකාරයක රුධිර සීනි ගැටලුවකට මුහුණ දී සිටිති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වයස අවුරුදු 30ට වැඩි දියවැඩියා රෝගීන්ගෙන් 41%ක්ම (ලක්ෂ 24ක්) කිසිදු ප්‍රතිකාරයක් ලබා ගන්නේ නැත. මෙසේ රෝගය මඟහැර සිටීමේ සහ නොසැලකිලිමත්කමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ, පසුගිය වසර 20 තුළ ශ්‍රී ලංකාවේ දියවැඩියාව නිසා සිදුවන අකල් මරණ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාමයි.
දියවැඩියාව යනු ජීවිතයේ අවසානය නොවේ
චන්න විජේවර්ධනයන් පෙන්වා දෙන පරිදි, දියවැඩියාව හඳුනා ගැනීම යනු ඔබ ආස කරන සියල්ල අතහැර ලෙඩෙකු මෙන් ජීවත් වීම නොවේ. නිවැරදි ආහාර පාලනය, සමබර පෝෂණීය සත්කාර සහ ක්‍රියාශීලී ජීවන රටාව තුළින් දියවැඩියාව පාලනය කරගනිමින් ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථකව ඉදිරියට යා හැකිය.
"නොදැන සිටීම ආරක්ෂාවක්" යැයි සිතා පරීක්ෂණ කල් දැමීමෙන් සිදුවන්නේ නොසිතූ මොහොතක බරපතළ සංකූලතාවලට ගොදුරු වීමයි. කල්තියා පරීක්ෂා කර දැනුවත් වීම යනු ඔබේ ජීවිතයේ සහ සෞඛ්‍යයේ පාලනය නැවත ඔබේ අතට ගැනීමයි.
දියවැඩියා තත්ත්වය පාලනය කිරීම යනු ඔබ ආහාරයට ගන්නා දේ සීමා කිරීමම පමණක් නොවේ; එය වඩාත් බුද්ධිමත් ලෙස නිවැරදි ආහාර තෝරා ගැනීම පිළිබඳ කාරණයකි. අද වන විට, ක්‍රියාශීලීව සහ උද්යෝගයෙන් ජීවිතයට මුහුණ දීමට අවශ්‍ය පෝෂණය සහ ශක්තිය ලබා දෙන අතරම, රුධිරයේ සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට නිවැරදි ආහාර උපකාරී වන ආකාරය පිළිබඳව අප පෙරටත් වඩා හොඳින් දැනසිටීමට හැකියාව ලැබී ඇත.
කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී බොහෝ දෙනෙක්ට ආහාර සීමා කිරීමට සිදුවීම නිසා ඔවුන්ට අත්‍යවශ්‍ය වන පෝෂණය අහිමි වී යන අතර, එමඟින් ඔවුන් ක්ෂය වූ, දුර්වල සහ වෙහෙසකර ස්වභාවයකට පත්වේ. එවන් තත්ත්වයන්හිදී ඔවුන් පෝෂණීය පානයන් (supplements) වැනි විසඳුම් හරහා අතිරේක පෝෂණය ලබාගත යුතු අතර එහිදී සිය තෝරාගැනීම නිවැරදිව සිදු කිරීමට ඔවුන් සැළකිලිමත් විය යුතුය.
දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන් විශේෂයෙන්ම තමන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිෂ්පාදන තෝරා ගැනීමටත්, රුධිරයේ සීනි මට්ටමට අවම බලපෑමක් එල්ල කරන බව තහවුරු කෙරෙන Low GI (අඩු ග්ලයිසීමික් දර්ශකය) සංකේතය සහිත නිෂ්පාදන පිළිබඳව සැලකිලිමත් වීමටත් වගබලා ගත යුතුය. දියවැඩියා තත්ත්වයට ගැළපෙන පෝෂණීය තේරීම් රැසක් අද වන විට ලබා ගැනීමට ඇති බැවින්, දියවැඩියාව කළමනාකරණය කිරීම යනු ඔබ විඳින ජීවිතය අතහැර දැමීම නොව, වඩාත් සුදුසු සහ යහපත් තේරීම් වෙත යොමු වීමයි.
(2025 දී ප්‍රකාශිත SLHAS 2018–19 සමීක්ෂණ තොරතුරු සහ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd