- සංචාරක ව්‍යාපාරය හරහා වැවිලි සමාගම්වල ආදායම් මාර්ග විවිධාංගීකරණය කළ හැකියි
|
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ |
වැවිලි කර්මාන්තය නිෂ්පාදන පරිමාව වැඩි කිරීමේ ප්‍රවේශයෙන් ඉවත් වී, වැඩි අගය නිර්මාණය කරන නිෂ්පාදන හා සේවා වෙත යොමුවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ අනුව වතු සංචාරක ව්‍යාපාරය වැවිලි සමාගම්වල ආදායම් මාර්ග විවිධාංගීකරණය කළ හැකි නව අවස්ථාවක් ලෙසද ඒ මහතා හඳුන්වා දෙයි.
පසුගියදා කොළඹදී පැවැත් වුණු ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.
“වැවිලි කර්මාන්තය ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්නය තවදුරටත් නිෂ්පාදන ප්‍රමාණය පමණක් නෙමෙයි. අද අප විමසිය යුත්තේ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද යන්න පමණක් නොව, එය කොතරම් කාර්යක්ෂමව නිෂ්පාදනය කරනවාද, කොපමණ අගයක් නිර්මාණය කරනවාද සහ තවත් වසර 10කින් හෝ 20කින් ගෝලීය වෙළෙඳපොළේ අප කොතරම් තරගකාරී වනවාද යන්නයි,” යැයි මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.
එසේම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ආදායම 2024 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2025 වසරේදී ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බවද ආචාර්ය වීරසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබේ.
මේ අතර, දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව පාරිසරික ගැටලුවක් පමණක් නොව, ආර්ථික හා ආයෝජන ගැටලුවක් ලෙසද සලකා බැලිය යුතු බවද ඒ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
එසේම නැවත වගා කිරීම, වගා පුනරුත්ථාපනය සහ වාරිමාර්ග සංවර්ධනය සඳහා ව්‍යුහගත දිගුකාලීන මූල්‍ය පහසුකම් අවශ්‍ය බවද ඔහු පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd