ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වෙයි. 18 November 2024
ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය. 16 November 2024
ලොකුදුවට 43 ක් වෙනකල් මවුපියෝ වංසෙ කබල් ගාලා “නංගිට කැමැති කසාදයක් කර ගන්න ඉඩ හැරියා වගේම තමන්ටත් ඕනෑ කසාදයක් කර ගන්න ඉඩ හරින්නේ නෑ” යැයි වයෝවෘද්ධ යුවළක් නිවසේ තනිකර දමා ගොස් ඇතැයි කියන අපූරු දියණියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 15 November 2024
ටියුෂන් පෝස්ටර් ගහන්න ගිහින් අනූනවයෙන් බේරිලා මහ මැතිවරණ නිහඬ කාලයේදී ටියුෂන් ගුරාටයි ගෝලයන් රොත්තටයි කවදාවත්ම අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. 14 November 2024
ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා මැතිවරණ ප්රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප්‍රචාරය වූ පුවතක් මහනුවර නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 13 November 2024
නෑනාට ගැසූ මැසේජ් මාට්ටු වී බිරිඳ යකින්නියක් වෙලා තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරංචි විය. 12 November 2024
ඔත්තුව වැරදි අන්ද මන්ද වෙලා තරුණ හිමිවරුන් සහ තරුණ තරුණියන් පිරිසක් ගෙන ගොස් මැතිවරණ ප්රචාරණයේ යෙදුණේ යයි කියන තොරතුරකට අනුව එම පිරිස වැටලූ පොලිසියට අන්දමන්ද වීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. 11 November 2024
පුතයි ලේලියි වෙන් කරන්න ලක්ෂ ගණන් කපුවකුට පුදලා තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්‍රදේශයකින් වාර්තා වේ. 08 November 2024
හොරේ අල්ලන්න ගිහින් අතට තට්ටුවෙලා කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා වයඹට මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි. 07 November 2024
බිත්තර ගන්න ගිහින් බිත්තර “වී’’ වෙලා අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සොයා බැලීමේදී මෙසේ වාර්තා විණි. 06 November 2024
මහ රෑ පොලිසියට ලණු දී ඉල්ලන් කාලා එක එක්කෙනාට එක එක විනෝදාංශ තිබේ. ඒ ඒ විනෝදාංශය ඒ ඒ අයගේ රුචිකත්වය අනුව සිදුවේ. මේ අයගේ මේ විනෝදාංශයනම් අපි කවර කලෙකවත් නෑසුවෙමු. මේ ඒ අපූරු විනෝදාංශය පිළිබඳව අම්බලන්ගොඩ පොලිසියෙන් ඇසෙන කතාවකි. 05 November 2024
ගොයම් කැපිල්ලෙන් ගොවියා අමාරුවේ වැටිලා ඔහු ගොවි මහතෙකි. ඇයද ගෙවිලියක් මෙන්ම ගෘහනියකි. කුඹුරේ ගොයම් ටික පැහිලා නිසා හෙට කැපුවොත් හොඳයි ඔහු තම බිරියට කීවේය. 04 November 2024
රෑ බදුල්ලාට බියවී මනාලිය පෝරුවෙන් පැනලා සිරිත් විරිත්වලට අනුව මංගල චාරිත්‍ර සිදු කරන අතරවාරයේ දී මනාලිය මඟුල් පෝරුවෙන් පැන අම්මාගේ කරේ එල්ලී හඩා වැලපුනු පුවතක් හස්ති ශෛල පුරවරයෙන් අසන්නට ලැබුණි. 02 November 2024
වැඩේ ජෝන් බාස්ට ගිහින් මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ අපුරු සිදුවීමකි... ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ගමේ හැමෝම ඔහුට කියන්නේ ජෝන් බාස් කියා ය. 02 November 2024
මුදලාලිට ගතමනාවක් දී බිරිදගේ උගුලෙන් බේරිලා මුදලාලි භාර්යාව ඉදිරියේ නැති කළ නම්බුව මුදලාලි ලවාම භාර්යාව ඉදිරියේ දී යළිත් ඇති කර ගත්ත අයකු පිළිබඳව කතාවක් බද්දේගමින් අසන්නට ලැබේ. 02 November 2024
ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල් පුද්ගලයන්ගේ ඇඳුම් පැලඳුම් දෙස බලා ඔහුගේ තරාතිරම තීරණය කිරීමට ගිය තරුණ බස් කොන්දොස්තර මහතෙකුට සිදුවූ අපූරු පුවතකි. 02 November 2024
වැඩි තණ්හාවට ගිහින් අම්බානට ගුටිකාලා හැම දෙයකටම තණ්හාව මුල්කරගත් ගෙවිලියකට සිදු වූ අපූරු සිද්ධියක් අනුරාධපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 02 November 2024
සහෝදරකමට ඡන්ද පොලු තියලා පසුගියදා පැවති ඡන්ද විමසීමේ දී තම තැපැල් ඡන්ද පමණක් නොව කාර්යාලයේ හිතවතුන් කිහිප දෙනකුගේ තැපැල් ඡන්දද තම ඥාති සහෝදරයාට ලබා දුන් බව පවසමින් අපේක්ෂකයාගේ නිවසට පැමිණ ප්‍රයිඩ්රයිස් දෙකක්ද ගෙන්වාගෙන අනුභව කර ආපසු ගිය තම ඥති සහෝදරයා හා බිරිය පවා තැපැල් ඡන්ද දී නැති බව අපේක්ෂකයාට සැක හැර හෙළි වීමෙන් පසු ඥාතීත්වය පවා වළ පල්ලට ගිය අපූරු පුවතක් දකුණේ ඡන්ද පොරයේදි වාර්තා වේ. 02 November 2024
අපල දුරුකරන්න සල්ලි ගත් කපුවාට තමන්ගේ පුතාත් ගොඩගන්න බැරි වෙලා විෂම වූ සමාජයක් මැද නොමඟට යන එකම පුතා සුමඟට ගැනීම සඳහා දේවාලයකට ගිය මවුපිය යුවළකට අසල්වැසි නිවසට කපු මහතා පැමිණෙන කාරණාව අසා එම නිවැසියන්ට දෙලොව රත්වූ පුවතක් රජරටට අයත් කලාවැව අවට ගමකින් අසන්නට ලැබුණි. 01 November 2024
මනාලියගේ පුටු මාරුවෙන් මාමණ්ඩියගේ කොන්ද කැඩිලා අලුත කැන්දන් ආ මනාලිය නිවැසියන්ගේ සිත දිනාගැනීමට ගොස් තිබුණු හොඳත් නැතිකර ගත් පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් අසන්නට ලැබේ. 31 October 2024
පොතක හැංගූ පන්දහසේ කොළ බෝතල් පත්තර කඩයෙන් මතුවෙලා අබලි ද්‍රව්‍ය එකතු කරන්නාගේ අතට ආ වාසනාව සාක්කුවට දාගන්න නොදුන් අයකු පිළිබඳව අලුත් කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 30 October 2024
පැරණි පෙම්වතා අල්මාරියේ සගවලා මවුපියන් විසින් කරදුන් යෝජිත විවාහය නීරස වූ තරුණ බිරිඳ සිය පැරණි පෙම්වතා නිවසට ගෙන්වාගෙන අල්මාරියේ සඟවාගෙන සිටියදී සැමියාගේ පවුලේ සාමාජිකයන්ට හසුවීමේ අපූරු කතාවක් දකුණු පළාතේ පොලීසියකින් වාර්තාවේ. 29 October 2024
හිනා වෙන්න එපා. විපතක්නේ වෙලා තියෙන්නේ ට්‍රැක්ලන්තේ අලුත්ම තත්වේ ගැන කතා කරන්න ගියොත් ඉතින් ආණ්ඩු පෙරලිලා මොන මොන දේවල් සිද්ද වුණත් ට්රැක්වාසීන්ගේ කිසි වෙනසක් නෑ. අව්වට වේලි වේලි, වැස්සට තෙමි තෙමි සුපුරුදු පරිදි ජීවිතය ගෙවාගෙන යනවා. 28 October 2024
මියගිය සැමියාට පොලිසියෙන් කෝල් එකක් ඇවිත් වසර දෙකකටත් පෙර මියගිය තම සැමියා ඉකුත් සතියේ මැදියම් රැයක තනියම පොලිස් මාර්ග බාධකයකින් වාහනයක් පදවාගෙන යාම සම්බන්ධව පොලිසියෙන් පසු විපරමක් කළ අරුම පුදුම කතාවක් පිළිබඳව පුවතක් වයඹ පළාතෙන් අසන්නට ලැබුණි. 28 October 2024
පෙම්වතා හොරෙන් ගෙන්වාගෙන ආච්චිගෙන් පොලු පහර කාලා පෙම්වතියගේ නිවසට ගොස් කතා බහ කරමින් සිටින අවස්ථාවේ දී තරුණයකුට දොර පොල්ලකින් පහර දී ඇතැයි කියන අපූරු වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 25 October 2024
පොහොර සල්ලි සූදුපොළට පුදලා මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවු අපුරු සිදුවීමකි. හෙතෙම ගොවි මහතෙකි. කුඹුරු ගොවිතැන මෙන්ම ගොඩ ගොවි තැනද කර ගෙන ගියේය. දිනක් සිය බිරිඳට පැවැසුවේ කුඹුරට පොහොර දැමිය යුතු බවයි. එහෙත් තමන් අත ඊට අවශ්‍ය මුදල් නොමැති බව ඔහු සඳහන් කළේය. 24 October 2024
කෙස් ගහකට නැන්දම්මයි ලේළියි ඇරගෙන ගොටුකොළ සම්බෝලයේ තිබුණු කෙස් ගසක් නිසා නැන්දම්මා ලේළිය කෙහෙවලු පටලවා ගත් අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 23 October 2024
මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත් ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ. 22 October 2024
බිරින්දෑවරුන් මාරුකරගෙන මඟුලත් කැඩිලා සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියකට පැමිණිලි කිරිමේ සිද්ධියක් වාර්තාවේ. 21 October 2024
මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක් නාරම්මල නගරයෙන් අසන්නට ලැබුණි. 19 October 2024
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026