කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස තිබුණේ ගාල්ලේය. අවසන් කටයුතු යෙදී ඇත්තේ පස්වරු තුනටය. අපි වරුවක් වැඩ කර වරු බාගයක් නිවාඩු ගනිමු මෙහෙන් දහවල් 1ට ගියත් සවස 3 ට අධිවේගී මාර්ගෙන් ගාල්ලට යන්න විනාඩි ගණනයි යන්නේ” ඔවුන්කතා කර ගත්තේ එලෙසිනි. කතා කර ගත් පරිදි පිරිස එක්වූයේ කොටුවේ දුම්රියපළ ළඟටය. කුලියට ගත් වෑන් රිය ද නියමිත වේලාවට එතැනට ආවේය. නමුත් පොඩි ගැටලූවකට තිබුණේ වෑන් රියේ අසුන් ගත හැකි පිරිසට වඩා වැඩියෙන් හතර දෙනකු ගමනට පැමිණ සිටීමයි. ”ආසන ගණනට වඩා නම් අරන් යන්න බෑ. අධිවේගී පාරේ මාර නීති. ගණනට විතරයි පටවන්න පුළුවන්” වෑන් රියේ රියැදුරා ද බර බරේ දාන්නට පටන් ගත්තේ පිරිස වැඩි බව දුටු විටය. මළ ගෙදරට සියල්ලන්ටම යන්නත් ඕනෑය. හතර දෙනෙකු මහ මග දමා යන්නත් බැරිය. මේ ගැටලූව අස්සේ එතැන නතර කළේ මාතර බලා යන සුඛෝපභෝගී බසයකි. ”ආ අපි අර බසයේ එන්නම්. ඔය ගොල්ලො වෑන් එකේ එන්න. අපි ඕනෑ නම් ටිකක් පරක්කු වෙයි. කමක් නෑ ඔයගොල්ලො මේ බව ඒ අයට කියන්නකෝ” යැයි කී හතර දෙනෙක් ”ඉන්ටර්සිටියට” දුව ගොස් එහි අසුන් ගත්හ. අධිවේගී මගෙන් යාමට සිටි අය ඇස්වාට්ටුව හරහා තිඹිරිගස්යාය, නුගේගොඩ, මහරගම ඔස්සේ කොට්ටාවට යන්නට වූහ. කෙසේ හෝ පස්වරු එකට කොටුවෙන් පිටත් වූ වෑන් රිය කිරුළපන, නුගේගොඩදී වාහන තදබදයට හසුවී පමා විය. දෙල්කදින් යළිත් වාහන තදබදයට මැදිවිය. මේ අය කොට්ටාව අධිවේගී පිවිසුමට ළඟා වද්දී පස්වරු 2.30ත් පසුවී තිබිණි. ඉන්ටර්සිටියේ ගිය හතර දෙනා මළ ගෙදරට ගොස් වටපිට විපරම් කරමින් සෙවුවේ අධිවේගයෙන් පැමිණි අයයි. මක් නිසාද යත් මේ වන විට ඔවුන් එතැනට පැමිණ බොහෝ වේලාවක් ගත වන්නට ඇතැයි ඔවුන් සිතු නිසාය. එහෙත් ඒ අය පැමිණි වෑන් රිය අසලකවත් නැති බව දුටු ඔවුහු දුරකතන ඇමතුමක් දුන්නේ ඔවුන්ගේ ප‍්‍රමාදයට හේතුව දැන ගැනීමටය. ”අපි තාම මග එනවා. තව විනාඩි පහළොවක් විස්සක් විතර යයි” ඒ ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර විය. ලැබුණු පිළිතුරින් අන්දමන්ද වූ සිවු දෙනා ”ඒ මොකද පරක්කු වුණේ” යැයි විමසූහ. හාවගෙයි ඉබ්බගෙයි තරගෙ වගේ යැයි ද කීහ. ”පරක්කු නැන්ද? දිගටම වාහන තදබදේ. ඔවුහු පිළිතුරු දුන්හ. කොළඹ සිට පැයෙන් ගාල්ලට යන්න ඕනෑ නම් කොට්ටාවේ පදිංචිවෙලා ඉන්න ඕනෑ. නැත්නම් වාත වේගයක් වෙනවා” යැයි අධිවේගයේ යමින් ඔවුහු අර හතර දෙනාට පිළිතුරු දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගවල යන් හොද පුරුද්දක් තියෙන්න ඕනා. මම අවුරුදු 20 ක් සවුදි අරාබියේ වාහන පදවන අයෙක්. අපේ රියැදුරන්ට පුහුණුවක් ලබා දිය යුතුයි
ඉන්ටර්සිටියේ ගාල්ලට යෑම පණ එපා කියා යන ගමනක්.
සවුදි අරාබිය රියැදුරන් මතට තිත,අපේ රියැදුරන් තිතට මත.
අපේ පොඩි පාරවලුත් හදන්න වෙයි
ජයී කියන විදියට ඉන්ටර්සිටියේ ගාල්ලට යෑම පණ එපා කියා යන ගමනක් වෙන්නෙ මොකද ? මමත් අවුරුදු 10 ක ටත් වැඩි කාලයක් හැම සතියෙම කොලඹ සිට මාතර ඉන්ටර්සිටි වල ආව ගියා. අපිට නම් පන එපා උනේ නෑ .
මමත් අවුරුදු 5කට වඩා විතර ගාල්ල කොලඔ ඉන්ටර්සිටියේ ගියා. ඒත් ජයී කියන දෙයක් නම් මාත් දන්නේ නැහැ. ජයීට හයිවේ එකේ බස් පර්මිට් එකක්වත් ලැබිලද දන්නේ නැහැ
හැමදේම හොදටයි වෙන්නෙ
මේ ලිපියේ අන්තර්ගතය හොදයි. මේ කතාව සම්පූර්ණ ඇත්ත. මම මාසයකට සැරයක් මාතර යන්නේ මේ අධිවේගී මාර්ගයෙන්. මට කොළඹ ඉදන් කොට්ටාවට යන්නේ හරියටම පැය 1.5-2.5 අතර කාලයක් පමණයි. ඉතින් මොන හයිවේ තිබ්බත් රු. 400 යක් ගෙවල මම මාතර යනකොට ගාලුපාරේ යන අය මාතර ගිහින්.
ව්‍යවහාර සිංහලයේ එන ඒ යෙදුම මා පාවිච්චි කළේ ඒ ගමනේ ඇති භයානක කම දැක්වීමට පමණකි. අධිවේගී ගමන උසස් කිරීමට හෝ ඉන්ටර්සිටි ගමන පහත් කිරීමට මම එයින් අදහස් නොකලෙමි. නගර, ගමිමාන අතරින් වැටී ඇති ගාලුපාරේ දෙපසින් යන මගීන්ගෙන්ද, ඉදිරියෙන් එන රථ වාහනවලින්ද, දහසක් අනිකුත් කරදරවලින්ද, තම වාහනය බේරා ගෙන රිය පැදවීමට දක්ෂ ඉන්ටර්සිටි රියදුරුන්ට ප්‍රශංසා කළ යුතුයි. චතුර සහ රමන්ත අයිති වන්නේ ගාලු පාරේ යන වාසනාවන්තයින් කණ්ඩායමටය.
කොට්ටාවෙ ඉදලා කොළඹට වෙනම පාරක් හදන්න පුලුවන්නෙ
කොළඹ ඉදන් කොට්ටාවට එන්න ඔනේ බොරැල්ල, බත්තරමුල්ල හරහා. ටිකක් කලින් කොට්ටව එන්න පුලුවන් එතකොට