IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවිත්

දකුණේ ප‍්‍රසිද්ධ නගරයකි. එහි ඇති කී‍්‍රඩා පිටිය ආසන්නයේ දෙවොලකි. මේ දෙවොලේ ප‍්‍රධානියා වන්නේද බවලතෙකි. ඇයගේ පුතා මත්කුඩුවලට ඇබ්බැහිව කටයුතු කරන බව ඇය පමණක් නොව දෙවොලෙන් ශාන්ති ලබාගැනීමට පැමිණෙන බොහෝ දෙනා ද දනිති. දෙවොලේ වැඩ අරඹන්නට පෙර බවලතිය විසින් විශාල ප‍්‍රමාණයේ පුජා වට්ටියක් දෙවියන් ඉදිරියේ  තැබීම සාමාන්‍ය සිරිතකි. මෙදින ද සුපුරුදු පරිදි පුජාවට්ටිය දෙවියන් ඉදිරියේ තැබූ බවලතිය වෙනත් වැඩකට එතැනින් ඉවත්ව ගියාය. ඒ අතරතුර දේවාලය තුළට රිංගා ගත්තේ ඇගේ පුතනුවන්ය. ඔහු ආවේ දේවාලයේ ඒ වනවිට එකතු  වූ මුදලින් කීයක් හෝ රැගෙන මත්කුඩු බීමට මුදල් සොයාගන්නටය. නමුත් එදින ඒ වනවිටත් දේවාලයට මුදල් එකතු වී නොතිබුණි. බවලතියගේ පුතාට කළ හැකි දෙයක් නොවුයෙන් පුජාවට්ටියේ තිබු ඉස්තරම් පලතුරු ටික සොරාගෙන පලා ගියේය.  සිය වැඩය නිමකොට දේවාලය වෙත ආ  බවලතිය  පුජා වට්ටියේ අඩුවක් ඇතැයි දැක ඒ දෙසෙ විමසිලිමත් විය. එවිට ඈ දුටුවේ විශාල වියදමක් දරා ගෙනවිත් තිබු ඉස්තරම් පලතුරු ටික කිසිවකු සොරගෙන ගොස් ඇති බවයි. ඇය දෙවියන් ඉදිරියේ පරලවිය. පූජා වට්ටියෙන්  පලතුරු සොරාගත් සොරාට දඬුවම් දෙන ලෙස ඉල්ලා මහහඬින් දෙවියන්ට කන්නලව් කළාය. කී‍්‍රඩාපිටියේ සිටි කිසිවකු මේ අතර දුවවිත් බවලතියට කීවේ පලි ගහන්න එපා පලතුරු ටික  හොරා ගත්තේ ඔහේගේ පුතායි.  බවලතිය පරලවීම නවතා දෙවියන් ඉදිරියේ වැඳ වැටුණේ අනේ දෙවියනේ මං පලි ගහපු ඒවා ඉල්ලා අස්කර ගන්න අවසර දෙන්න කියමිනි.



අදහස් (0)

දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවිත්

චාමර Tuesday, 03 January 2012 09:54 AM

මේ තමයි විහිලු

:       0       0

ආර්. ස්ටැනිස්ලෝව්ස් Friday, 30 December 2011 01:01 PM

අපෝ දෙයියනේ

:       0       0

චාමර Tuesday, 03 January 2012 10:00 AM

මේවා කාට කියන්නද දෙයියනේ

:       0       0

චන්ද්‍රරත්න Tuesday, 03 January 2012 09:58 AM

මේවට දෙවියො රැවටෙයිද?

:       0       0

අරුණ Friday, 30 December 2011 02:13 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ

:       0       0

යකා Tuesday, 03 January 2012 11:41 AM

ළදුනි ඔහු දෙවගනකි

:       0       0

සිරිමල් දුණුවිල Friday, 30 December 2011 03:34 PM

මෝඩකමට බෙහෙත් නැත

:       0       0

ලකී Friday, 30 December 2011 05:03 PM

මිනිසුන් දැන්වත් හිතන්න පුරුදු වුණොත් හොදයි

:       0       0

ලෙෆර්ඩ් Saturday, 26 January 2013 08:34 AM

දෙයියො ඉදීද ඕවගෙ තැනක එක එක්කෙනාගේ පදේට නට නටා..!(නු)

:       0       0

samantha Saturday, 31 December 2011 12:02 AM

මේ වට තමා කියන්නේ දෙයියෝ කියලා

:       0       0

සුනිල් Saturday, 31 December 2011 08:08 PM

දෙවියනි ඔබ කොහෙද?

:       0       0

දේශප්‍රිය Monday, 02 January 2012 02:43 PM

අපට පිස්සු නුඹ නාඩන්

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 258 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 889 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 580 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 591 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 186 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 214 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 86 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 785 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 543 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site