රජරට දුෂ්කර පැත්තකි. හිරු ද අවරට ගොස් සිටියේය. ගොවිතැන් කටයුතු හමාරයේ මවුපියන් ද ගෙදර ආහ. දියණියගේ වයස විස්සකි. පෙම්වතාගෙන් ඇමතුමක් ලැබිණි. එවැනි ඇමතුමක් ආ විට ඇවිදිමින් සිනාසෙමින් සතුටු සයුරේ ගිලෙමින් ඇය පිළිතුරු දෙන්නීය. දුරකතන සමාගමෙන් තර බිලක් ආවත් ඇයට එය දැණෙනුයේ මාසය අන්තිමටය. ඇය කෙතරම් වෙලා දුර අල්ලාප සල්ලාපයේ යෙදුණේ දැයි කිවහොත් නොදැනුවත්වම සැතැපුම් බාගයක් දුර ගොස් සිටියාය. වේලාව රාත‍්‍රි අටට පමණ ඇත. ඈත සුදු රෙදි කඩක් සුළෙඟ් හෙල්ලෙද්දී ඇය මරහඬ තැලූවාය. ඈත සිටි පෙම්වතා සමග කතාව ද විසන්ධි විය. ගැමියෝ පොලූ මුගුරු රැගෙන එහි දිව ආහ. දක්නට ලැබුණේ සොහොන් පිටිය අසල බිරන්තට්ටු වී සිටි තරුණියකි. ”පෙම් පුවත” සඟවා ගැනීමට ඇය ගත් උත්සාහය ගැමියන්ගේ හරස් ප‍්‍රශ්න නිසා අසාර්ථක විය. නිවෙසට කැඳවාගෙන ආ ඇයට පිරිත් කියා නූල් බැඳ ශාන්තිකර්මයක් ද කළ බව වාර්තා වෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආලය අන්ධයි කියන්නෙ ඕක නොවැ... එහෙම උනාම හොල්මංවත් පේන්නෙ නෑ...
තරුණ විසේනෙ
හොඳ වෙලාවට හොල්මනක්දැකල හරි නැවතුනේ
ඔයින් ගියා මදැයි.
පෙම්වතා කලුකුමාරයාද දන්නේ නෑ