වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි විශ‍්‍රාමිකයෙක් මහත් අසීරුවට පත්විය. බිරිඳ ද විශ‍්‍රාමිකය. ලොකු පුතා වෙනත් පෙදෙසක රැකියාව කරයි. වැඩිමහල් දියණිය නිවසේ සිට රැකියාවකට යයි. බාලම දියණිය උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. නිවසට වී කම්මැලිකමේ සිටිනා මේ විශ‍්‍රාමිකයාට නිවසේ එක් මුල්ලක තිබූ ලිපිගොනු මිටියක් හමුවිය. එම ලිපි ගොනු මිටිය නිවස පිටුපසට රැගෙන ගිය ඔහු ඒවා එකින් එක ගසා දමමින් පරීක්‍ෂා කරන්නට විය. මීට වසර තිස් පහකට පමණ ඉහත රැකියාවට ගිය මුල් යුගයේ ඔහුට ලැබුණු ලිපි රැසක් එහි විය. එම ලිපි කියවීම ඔහුට මහත් සතුටක් ගෙන දෙන්නක් විය. ඇතැම් ලිපි බොඳවී ගොසිනි. තවත් ලිපි දිරාපත්වී ගොසිනි. මේ ලිපි අතර තිබූ තවත් ලිපියක් ඔහුගේ අතට පත්විය. හැට විය ඉක්මවා තිබුණ ද ඔහුට ඒ අත් අකුරු හොඳින් මතකය. එය දිගු පෙම් හසුනකි. රැකියාවට ගිය මුල් යුගයේ සිය පෙම්වතිය ඇතුළු පිරිසක් සමගින් දුම්රියෙන් බදුල්ල බලා ගිය ගමනක විස්තර එහි තිබුණි. ඔහුට සියුම් සතුටක්ද දැණුනි. ඔහු යළිත් ඒ ලිපිය මුල සිටම කියවන්නට විය. සැමියා බොහෝ වේලාවක් මහත් ආශාවෙන් කියවන මේ ලිපි මොනවාදැයි දැන ගැනීමට බිරිඳ ද එහි ආවාය. ඇය ද ලිපියට එබී එය කියවන්නට විය. මොහොතකින් ඇගේ යක්‍ෂයා ආරූඪ විය. ඇයට කෝපය දරාගත නොහැකිය. ”අරකිගෙ හොර ලියුම් තාමත් රහ කර කර කියවනවා” තල් අත්තට බොරළු ගසන්නාක් මෙන් සැමියාට දොස් නගන්නට වූවාය. වහාම එම ලිපි ලේඛන සියල්ල ගිනි තැබූ ඇය දින ගණනාවක් යනතුරුම සැමියාට දෙස් දෙවොල් තැබුවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට ගියි කියලා ඒවා අමතක වෙන්නේ නෑ.
ඒ කාලේ කරපුව මතක් වෙනවා ඇති
අනේ පවු
අපි වයසට ගියත් ආදරය වයසට යන්නේ නෑ
60 පැන්නත් වදුරා ගහේ
මිල්ටන් මල්ලවආරච්චිගේ යුගය. ඒ කාලේ කොතැනකහෝ ආදර කතාවක් නම් එතන අනිවාර්යෙන්ම මිල්ටන් මල්ලවආරච්චිගෙ සිංදු කෑල්ලක් හරි ඇති
හැට පැන්නත් වදුරා බිමින් යන්නෑ කියන්නෙ ඕකට තමයි
අතීතිය සුන්දරය
වයසට ගියන් ආදරය සුන්දරයි.