මල්ලී තමාගේ කමිසයක් ඇන්දේයැයි අයියා පොලිසියට පැමිණිලි කළේය. මේ අයියා කොළඹට නොදුරු නගරයක සිටියි. තමාගේ කමිස අඳින්නට එපා යැයි අයියා අවස්ථා කිහිපයකදීම මල්ලීට අවවාද කළේය. මල්ලී එය නොපිළිගත්තේය. දිනක් අයියා අසල්වැසි මළ ගෙදරක ගියේය. ටික වේලාවකින් මල්ලීද එහි අවේය. ඔහු ඇඳගෙන සිටියේ තමාගේ කමිසයක් බව දුටු අයියාට යකා නැග්ගේය. වහාම ඔහු මළ ගෙදරින් පිටත්වී ගියේය. එදින සවස මල්ලී සුපුරුදු පරිදි පාර අයිනේ වාඩිවී මිතුරන් සමඟ කතාබහ කරමින් සිටියේය. එතැනට ආ පොලිසියේ කොස්තාපල් වරයකු තමාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. ඒක විභාග කරන්න පොලිසියට එන්නැයි දැන්වීය. ඔහු අන්දමන්ද වී උඩබිම බැලූවේය. කාටවත් වරදක් නොකළ තමාට විරුද්ධව පැමිණිල්ලක් කළේ කවුදැයි ඔහු කල්පනා කළේය. ඔහු පොලිසියට ගියේ තමාට විරුද්ධව චෝදනාව කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. ඔහු පොලිසියේ පැමිණිලි විභාග කරන තැනට ගොස් තම අනන්‍යතාව හෙළි කළේය. ”ආ... ඔයාට විරුද්ධව පැමිණිල්ලක් තියනවා. කියන්නත් මොකද්ද වගේ, ඔයා අයියගේ කමිසයක් ඇඳගෙන ගියා කියලා පැමිණිල්ලක් ලැබුණා. පැමිණිල්ලක් ලැබුණාම එය විභාග කරන එක අපේ රාජකාරිය නිසයි එන්න කිව්වේ” පොලිසිය පැවැසීය. අනතුරුව අයියා මළෝ දෙදෙනාම කැඳවා සිද්ධිය සමථයට පත් කිරීමට පොලිසිය කටයුතු කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලො එක්ක රස්තියාවේ නොගිහින්, රස්සාවක් කරල ඔයත් අඳින්න ගන්න.
පවු වැඩේ. ඔන්න ඔහේ මල්ලිත් අන්දපුදෙන් ඒකයි සහෝදරකම
අනේ පව් වැඩේ
අයියාගේ ඔළුවේ අමාරුවක් ඇති.
සිතාගත නොහැකි පැමිණිල්ලක්. ඔහු සමහර විට මානසික රෝගයකින් පීඩා විදිනවා විය හැකියි
සහෝදර කම දන්නැති මෝඩ අයියෙක්