දේශපාලනය වෙනස් කළ අතුරුමැතිවරණ විශේෂයෙන් වත්මන් සමාජ දේශපාලන ක්ෂේත්රය තුළ ද අද කතාබහට ලක් නොවන ශ්‍රී ලංකාවේ අතුරු මැතිවරණ ඉතිහාසයේ (1947 – 1988) පළමුවැනි අතුරු මැතිවරණය පැවැතියේ 1948 අප්‍රේල් 19 වැනිදා අවිස්සාවේල්ල ඡන්ද කොට්ඨාස වෙනුවෙනි. 03 August 2023
ආණ්ඩුවේ කන්තෝරු ගොළුබෙලි ගමන ලංකාවේ වර්තමාන ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කර ගැනීමට නොහැකිවීමයි. විදේශ ණය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නැතිව දැන් අර්බුදයකට මුහුණ දී සිටිමු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර ගැනීමට සැරසෙන්නේ ගෙවීමට තිබෙන ණය කල් දමා ගැනීම පමණකි. 03 August 2023
ජාතික සංස්කෘතිය රැකීම ජාතියේ වගකීමක් තමන් රචනා කළ ජාතික ගීය දේශපාලනඥයන්ට ඇවැසි පරිදි විකෘති කිරීම සම්බන්ධයෙන් කම්පාවට පත් ආනන්ද සමරකෝන් සූරීන් දිවි නසා ගත් බව ප්‍රකට කරුණකි. යම් හෙයකින් ඉතිහාසයේ එබඳු සිදුවීමක් නොවිණි නම් ආනන්ද සමරකෝන් දිවි නසා ගැනීමේ මාවත තෝරා ගනු ඇත්තේ ඉකුත් 30 වැනිදාය. 03 August 2023
රට අවුළුවා දේශපාලන වාසි ගන්නෝ නිදහසින් පසු ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීමට දැන් ශ්‍රී ලංකාව සමත් වී සිටී. පෝලිම් යුගය අවසන් වී, අවිනිශ්චිතතාවෙන් අත්මිදී, එදිනෙදා ජීවිතය පිළිබඳව ස්ථාවර බවකින් ද අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් ද යුක්තව යළිත් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගී තිබේ. 02 August 2023
ප්‍රංශ - ජපන් - ඉන්දීය සබඳතා වර්ධනය කරමු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් හමුවීම් සහ ප්‍රකාශ නිකුත් කිරීම් වලින් පසුගිය සතිය අපට වාසිදායක වූයේය. ඉන් එකක් වූයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා ශ්‍රී ලංකාවට සපැමිණීමයි. 02 August 2023
දහතුනේ බාලගිරි දෝෂය ඉන්දු - ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වූ 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් යළි සංවාද ඇතිවෙමින් තිබේ. 13 වැනි සංශෝධනය මේ වනවිට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. එහෙත් පුදුමය නම් අනෙක් සංශෝධන මෙන් නොව 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතිද්දීත් එය හරිහැටි ක්‍රියාත්මක නොවී පැවතීමය. 01 August 2023
වාහන 42 ක් අතුරුදන්වීමේ අරුම පුදුම සිද්ධිය තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42 ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 01 August 2023
දුෂණ විරෝධී පනතේ පසුබිම රාජ්යතන්ත්රයේ මෙන්ම පෞද්ගලික අංශයේද පවතින අල්ලස හා දූෂණය බොහෝ රටවල නීතියේ ආධිපත්‍ය බිඳ හෙලමින් ආර්ථික සංවර්ධනය විනාශ කරමින් රටවල් අගාධයට ඇදගෙනයාමට හේතුවක් වී ඇත. ලොව සෑම රටකම අඩුවැඩි වශයෙන් අල්ලස හා දූෂණය පැවතියත් ඒ ඒ රාජ්‍ය විසින් හඳුන්වාදී ක්‍රියාත්මක කරනු ලබන නීති රාමු තුළ දේශපාලනඥයන් සහ නිලධාරීන් ස්වකීය අවංකභාවය සනාථ කරමින් මෙම උවදුර අවම කර ගැනීමට සමත්ව ඇත. 31 July 2023
රෝහල්වලට විදුලියවත් දෙන්න බැරිනම් ආණ්ඩු කුමකටද? ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය රෝගාතුරව මරණාසන්නව සිටින බව සෑහෙන කලක් පැරැණි ප්රවෘත්තියකි. මෙම අසාධ්‍ය ආතුරයාට ‘‘සේලයින්’’ හෝ ලැබීමේ සුවදායක පුවත අපේක්ෂාවෙන් සිටියද මෙරට ජනයා එතරම් වාසනාවන්ත නොවන බව ඉතා පැහැදිලිය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත් පත ඉකුත්දා වාර්තා කළේය. 31 July 2023
“බුදුදහම අපූරු ප්‍රායෝගික දර්ශනයක් ” - ස්ලාවෝයි ජිජෙක් “බොහෝ මිනිසුන් ඒකාධිපතියෙකු වැනි සුපිරි බලවතෙකුට යම් ගැඹුරු පාරභෞතික ප්‍රඥාවක් ඇති බව විශ්වාස කරනවා. ” 31 July 2023
සර්ව පාක්ෂික සමුළු එදා මෙදා ජනවාරිගික ප්රශ්නය විසඳීම යැයි ද රටේ සංහිඳියාව ඇති කිරීම යැයි ද විවිධ අවස්ථාවල දී විවිධාකාරයෙන් කියවෙන අරමුණක් සඳහා යැයි ඉකුත් බදාදා (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේ දී සර්ව පාක්ෂික රැස්වීමක් පැවැත් වීය. 29 July 2023
සර්ව පාක්ෂික සම්මුතියක් ගොඩනැගුවොත් රට ගොඩ ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්වපාක්ෂික සමුළුව පසුගිය බදාදා (26) පැවැත්විණි. ජනාධිපති කාර්යාලයේ දී පැවති එම රැස්වීමේ දී ජනාධිපතිවරයාට අමතරව පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නායකයන් සහ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් ද තම අදහස් ප්‍රකාශ කළ බව ද වාර්තා විය. 29 July 2023
දූෂණය : සමාජ කතිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරීන් 2022 වසරේ “විස්සයි විස්ස” ලෝක කුසලාන තරඟාවලියේ දී ක්‍රිකට් ආයතනයේ මුදලින් රංගන ශිල්පීනියන් රැගෙන ගිය බවට විද්‍යුත් හා සමාජ මාධ්‍ය මගින් පසුගියදා බරපතළ චෝදනා එල්ල විය. ඒ මේ සම්බන්ධයෙන් වන විගණන විමසුමක් පදනම් කරගෙන ය. 28 July 2023
කෝප් කමිටුවේ හෙළිවූ කරුණු රටත් දැනගන්න ඕනෑ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25 ක පමණ ව්‍යාපෘති නවයක් ලැබී ඇතත් අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව මෙතෙක් සලකා බලා හෝ නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 28 July 2023
වෘත්තිකයන් රට හැරයාමේ බේදවාචකය ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂවරයා එසේ කියා තිබෙන්නේ මේ ජූලි 19 වැනිදාය. ඒ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය මගින් සංවිධානය කරනු ලැබ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති සම්මන්ත්‍රණයකදීය. ඒ කියන නරක තත්ත්වය ඇතිවුවහොත් රටේ නිෂ්පාදන ධාරිතාව අඩුවී, ආර්ථික වර්ධනය පහත වැටී නව රැකියා බිහි නොවී ජනතාවගේ ආදායම් අඩු විය හැකි බවත් ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්යක්ෂවරයා කියයි. 27 July 2023
දූෂණ විරෝධයේ සිංගප්පූරු ආදර්ශය සති කිහිපයක් පුරා දැඩි කතාබහකට ලක්වූ දූෂණ විරෝධී පනත සංශෝධනවලට යටත්ව පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කරගනු ලැබීය. වෙනත් පනත් කෙටුම්පතක් මෙන් නොව මෙම පනතට ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් ඉදිරිපත් වූ සංශෝධන සමඟ එය සම්මත කෙරුණේ වාර්තාගත සංශෝධන 190 ක් සමඟ වීම සුවිශේෂී සිදුවීමක් විය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද සංශෝධන 28 ක් නිර්දේශ කර තිබිණි. 27 July 2023
ශ්‍රී ලංකා - ඉන්දීය සබඳතාවල යථාර්ථය අසල්වැසි ඉන්දියාව මේ වන විට ලොව වැඩිම ජනගහනයක් ඇති රට ද භූමි ප්‍රමාණය අනුව ලොව විශාලතම රටක් ද ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ද සහිත රටක් බවට පරිවර්තනය වී තිබේ. බොහෝ රටවල් ඉන්දියාව සමග ආර්ථික සම්බන්ධතා පුළුල් කර ගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. එයට හේතුව ඉන්දියාව සතුව පවත්නා ලොව විශාලම ජනගහනයෙන් යුතු වෙළෙඳපොළයි. 26 July 2023
බස් සේවාවේ ප්‍රමිතිය විශේෂ අවධානයට ගනිමු බලපත්‍ර කොන්දේසි කඩ කළ බස් රථ 58ක් සඳහා නොබෝදා දඩ නියම කළ බව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා අප පුවත්පතට ඉකුත් දා ප්‍රකාශ කළේය. අධික ගාස්තු අය කිරීම, ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යාම, මාර්ග නීති උල්ලංඝණය කරමින් බස්රථ ධාවනය ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම බස්රථ සඳහා දඩ නියම කළ බව ද සභාපතිවරයා සඳහන් කළේය. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව යටතේ ලියා පදිංචි ප්‍රදේශවල බස්රථ ඉලක්ක කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් කළ බවත් ඉදිරි කාලයේ දී තව 26 July 2023
අද - හෙටට කල්දැමීමේ ආදීනව ආර්ථිකය රටේ ප්රමුඛ මාතෘකාවය. ඒ සම්බන්ධව විවේචන, චෝදනා අඩුවක් නැත. ඒ සියල්ල මධ්‍යයේ ආර්ථිකයේ පවත්නා යථාර්ථය ගෙනහැර දක්වන අය ද සිටිති. ආර්ථිකයේ වත්මන් තත්ත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙන්නකි. අද තත්ත්වය දෙස බැලිය යුත්තේ, ගෙවුණු දෙවසරක කාලය පිළිබඳ අවබෝධයකින් යුතුවය. 25 July 2023
මන්දපෝෂණය පිටුදැකීමට ඉක්මනින් පිළියම් යොදමු ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 05ට අඩු දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වෙමින් තිබේ. එක් වාර්තාවකින් දැක්වෙන්නේ ශ්‍රී ලාංකික දරුවන්ගෙන් සියයට 15.1ක් මන්දපෝෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටින බවය. එය ආසියානු කලාපයේ මන්දපෝෂණයට ගොදුරු වූ එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ ප්‍රතිශතය වන සියයට 8.9ට අනුව ඉහළ අගයකි. එසේම ගෝලීය වශයෙන් සැලකීමේදී ද ශ්‍රී ලංකාවේ මන්දපෝෂණ තත්ත්වය පවතින්නේ ඉහළ මට්ටමක බවද පෙනී යයි. 25 July 2023
මුල්‍ය අරමුදලේ කොන්දේසි කොහොමද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සඳහා අනුමත කළ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය නිදහස් කිරීමට අදාළව පළමු ප්‍රගති සමාලෝචනය සැප්තැම්බර් මාසයේදී පැවැත් වේ. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සම්පූර්ණ කර තිබිය යුතුය. 24 July 2023
ඇඟලුම් කර්මාන්තයේ ගැටලු ප්‍රායෝගිකව විසඳමු මෙරට ඇඟලුම් කර්මාන්තයට කොවිඩ් කාලයේ සිටම ලබා ඇත්තේ නරක දසාවකි. කොවිඩ් බලපෑම් හේතුවෙන් මාස කිහිපයකට මෙරට ඇඟලුම් කර්මාන්තයේ දොර වැසෙන තරම් තත්ත්වයක් උදා විය. ඒ සමඟ එතෙර රටවලින් ලැබෙමින් තිබූ ඇණවුම් සිඳී ගියේය. 24 July 2023
සිංහරාජ අඩවියේ කෑල්ල කෑල්ල යැයි කියූ සැනින් ඔබට වෙනස් අදහසක් ඇති විය හැකිය. එහෙත් මේ කියන්නේ සිංහරාජයය ආසන්නයේ ඇති කෑල්ලක් ගැනය. 24 July 2023
ඉන්දියාවේ නාඩි අල්ලන දේශපාලනය පසුගිය වසරේ ජූලි 20 වැනිදා දිවුරුම්දීමේදී ජනාධිපති ධුරය භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා ඉන් හරියටම වසරක් පිරෙන මේ වසරේ ජූලි 20 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. 22 July 2023
වෘත්තියේ ගරුත්වය රැකීම හැම වෘත්තිකයකුගේම වගකීමක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මහතා පළ කළ බලගතු ආදර්ශය මෙම තීරුවෙන් අපි උත්කර්ෂයට නැංවීමු. ඒ ජාතියේ අනාගතය තනන ගුරුවරුන්ගේ ආදර්ශ මේ අඳුරු මව්බිමට ප්රදීපාගාරයක්ම වන හෙයිනි. අප එහිදී අවධාරණය කළේ මේ රට පතිරූප දේශයක් බවට පත් කිරීමට නම් එබඳු බලගතු ආදර්ශ පොකුරු පිටින් ලැබිය යුතු බව ය. 22 July 2023
අභියෝගවලටත් අභියෝග කළ නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට ඊයේ 20 වැනිදා වසරක් සපිරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 21 July 2023
රාජ්‍යය හිස මතට කඩා දැමීම ප්‍රීතිමත්, ගෞරවනීය පරිපූර්ණ ජීවිතයක් ගතකිරීමේ අයිතිය මේ රටේ පොදු මහා ජනතාවට අහිමි කොට බොහෝ කල් ය. එහි වගකීම භාරගත යුත්තේ කිසිදු එවැනි වගකීමකට වග නොවෙන පාලක පරිපාලක සහ ව්‍යාපාරික පන්තිය යි. දැන් වන විට ජීවිතය නොව පණනල රැක ගැනීම පවා අහිමි කරමින් සිටින පාලක පරිපාලක සහ ව්‍යාපාරික පන්තියක් රට තුළ බලවත් වී ඇත. 21 July 2023
හෝමාගමින් වාර්තා වූ උතුම් සත් ක්‍රියාව දුගඳ හමන, කෝපය අවුළුවන සුළු පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සමයක මනුෂ්‍යත්වය අරුත්බර ගන්වන පුවත් විරළ වශයෙන් හෝ වාර්තා වේ. අප පුවත්පත ඉකුත්දා එබඳු පුවතක් වාර්තා කළේය. පුවත විදුහල්පතිවරයකුගේ අසිරිමත් ආදර්ශයක් සම්බන්ධයෙනි. 21 July 2023
ජනතාව රවටන මොනවාද මේ මූල්‍ය වංචා මිනිස් අවශ්‍යතා සහ වුවමනා අසීමාන්තික බවත් එක් වුවමනාවක් සපුරාගත් කල්හි තවෙකක් පැන නඟින බවත් නිරායාසයෙන්ම සිදු වන්නකි. ඒ නිසාවෙන් ම කුමන ආකාරයේ සමාජ/අධ්‍යාපන මට්ටමක්, තනතුරක් හෝ තරාතිරමක් නියෝජනය කළ ද ඔබ ඕනෑම ආකාරයක අවශ්‍යතාවක හෝ වුවමනාවක ගොදුරක් වීමට ඉහළ සම්භාවිතාවක් ඇත. 20 July 2023
ඡන්ද ක්‍රමය වෙනස් කරමුද? පවතින ඡන්ද ක්‍රමය අනුව පාර්ලිමේන්තුවට තෝරා ගනු ලබන මන්ත්‍රී සංඛ්‍යාව 225කි. ඡන්ද ක්‍රමයෙන් හා ඒ ඒ පක්ෂ ලැබූ ඡන්ද ප්‍රතිශතය මත ජාතික ලැයිස්තුවෙන් පත් කරන මන්ත්‍රී සංඛ්‍යාවත් සමගයි එම මන්ත්‍රීවරුන් 225ක් වශයෙන් තේරී පත් වන්නේ. 20 July 2023
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026