පකිස්ථාන මහකොමසාරිස් කෘෂි ඇමති හමුවෙයි පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජනරාල් ෆහීම් අසීස්(Faheem Aziz) මහතා සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී පැවැත්විණි. 07 August 2025
රෝහිතගේ ’’සුප්‍රීම් සැට්’’ එකට ආණ්ඩුවෙන් මුදල් නෑ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන ’සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය’ සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය 07 August 2025
ජනවසම පාළු ඉඩම් බදුදෙයි ජනවසම ඌන උපයෝජිත ඉඩම් බදු දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 07 August 2025
රටේ දරු උපත් අඩු වෙලා රටේ උපත් ප්‍රමාණය අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 07 August 2025
මිඩ් වයිෆ්ලාට මෝටර් සයිකල් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය. 07 August 2025
කෝපා මහා පුටුව කබීර් හෂිම්ට අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෝපා කමිටුවේ සභාපති ධූරය සදහා ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 07 August 2025
මැති ඇමැති 7ක් :ඇමැති ඥාතී 149 ක් අල්ලසට කොටු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු මැති ඇමැතිවරුන් හත් දෙනකු සහ දේශපාලඥයන්ගේ ඥාතීන් 149 දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 07 August 2025
ජනපතීන්ගේ තටු කැපෙන පනත අද මැති සබයට ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය. 07 August 2025
ඇමෙරිකා බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය. 07 August 2025
‘කුෂ්‘ සමඟ විදේශිකයින් තිදෙනා ගුවන්තොටෙිදී අල්ලයි රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද(07) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 07 August 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 August 2025
කුලී යතුරුපැදිකරුවකුට වෙඩි ප්‍රහාරයක් මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි. 06 August 2025
නුවර පෙරහරට සැකකටයුතු භාණ්ඩ ගෙන ආ පියා සහ දුව අත්අඩංගුවට මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක්, පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු අද(06) වන දා අත්අඩංගුවට ගෙන තිබේ. 06 August 2025
ව්‍යසන කළමනාකරණය ජාතික සභාව වසර 7කට පසු රැස් වෙයි ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවේ 14 වන සභා වාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (06) පස්වරුවේ පැවැත්විණි. 06 August 2025
දේශබන්දු ඉවත් කිරීම නීතිය සැමට එක සමාන බව තහවුරු කරන්නක් පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී පැවසූහ. 06 August 2025
තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේ දී රැස්විය. 06 August 2025
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කියයි. 06 August 2025
ක්‍රම -විධි කාරක සභා ලොකු පුටුව විජේසිරි බස්නායකට ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා තේරී පත්විය. 06 August 2025
උපාධිධාරින්ට ගුරු සිහිනය පෙන්වූ ගුරුවරියක් මාට්ටු සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. 06 August 2025
විදුලි පනත සම්මතයි රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 06 August 2025
සෞඛ්‍යයට 1408ක් බඳවා ගන්න යයි සීමාවාසික පුහුණූව අවසන් කළ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාතයාංශය පවසයි. 06 August 2025
ප්‍රාථමික ශ්‍රේණි වෛද්‍යවරු 1408 ක් ගන්න අයැදුම්පත් කැඳවයි සීමාවාසික පුහුණුව 2024.10.29 දිනට අවසන් කළ වෛද්‍යවරුන් 1408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 06 August 2025
විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ විදුලි බල සංශෝධන පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ හිටපු සාමාජිකයන් සංවිධානය කළ විරෝධතා පාගමන සහ උද්ඝෝෂණය මහරගමදි අද සවස පැවැත්වුණි. 06 August 2025
අලුත් විදුලි පනත හොඳ එකක් නෙමෙයි නව විදුලි පනත විදුලි බල ක්ෂේත්රය ශක්තිමත් කරන පනතක් නොවන බව ඉතා පැහැදිලි යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 August 2025
ඕස්ට්‍රේලියා අග්‍රාණ්ඩුකාර සමන්තා ලංකාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් (Samantha Joy Mostyn) මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (06) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියාය. 06 August 2025
හොර ගිනි අවි 08ක් අල්ලයි යුද හමුදාව සහ පොලිසිය දෛනිකව සිදුකරන මෙහෙයුමේදී අද (5) නීති විරෝධී ගිනි අවි 8ක්ද අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය පවසයි. 06 August 2025
අධ්‍යාපන අනුකාරක සභාව සියලු මන්ත්‍රීන්ට දොර අරියි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 06 August 2025
ධීවරයින්ගේ දිළිඳු බව නැති කරන්න නව ව්‍යාපෘතියක් දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබලගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය ඇක්වා ලයිව්ලිහුඩ් ව්‍යාපෘතිය (AquaLivelihood) හරහා මෙරට ධීවර පවුල් 800ත් 900ත් අතර ප්‍රමාණයකට ඍජුවම දරිද්‍රතාවෙන් මිදීමට අවස්ථාව ලැබෙනු ඇතැ’යි බලාපොරොත්තු වන බව ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා පැවසීය. 06 August 2025
සාගල CIDයෙන් පිටව යයි නීති විරෝධීව අත්පත් කරගත් බව කියන දේපොළක් සම්බන්ධනයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් ඇත. 06 August 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026