’’මේ අවුරුද්ද ලංකාවට ජය වෙයි- හෝටල් හදන්න එන්න’’ මේ වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ තිහක් පැමිණේ යැයි අපේක්ෂා කෙරෙන බැවින් නව හෝටල් ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට මාලදිවයින් ආයෝජකයන්ට මහඟු අවස්ථාවක් පවතින බවද ජනපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ දී පැවසීය. 31 July 2025
රජයේ නළදරු ගැබ් ගැන්වීම සාර්ථකයි නළදරු තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමේ දරු ප්‍රසූතිය අද (31) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි. 31 July 2025
ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 225 වැනි සංවත්සරය වෙනුවෙන් හෙට (1) සිට මාර්ගගත ක්‍රමයට ගෙවීම් කර ඉඩම් සිතියම් නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි.ජී.ඥාණතිලක මහතා පැවසීය. 31 July 2025
කාන්තා මන්ත්‍රී සංසදයට පාට පක්ෂ බේද නෑ දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 31 July 2025
දූෂණ මඩින්න ජනපති ලේකම් ආයතන ලොක්කන්ට වගකීම් පවරයි රාජ්‍ය-පෞද්ගලික ආයතන ප්‍රධානීන් ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා සැලැසුමක් සකස් කළ යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා දැනුම් දුන්නේය. 31 July 2025
කඩු පිහි රැගෙන විත් කැලණියේ ස්පා ආයතනයක් කොල්ලකාලා කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේ සම්බාහන ආයතනයකට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි තිදෙනකු මුදල් අයකැමිගේ බෙල්ලට කඩුවක් තබා ලාච්චුවේ තිබූ රුපියල් 60000 ක මුදලක් සහ ජංගම දුරකතන දෙකක් කොල්ලකා පලාගොස් ඇති බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. 31 July 2025
’’සෙමෙන් එහෙත් ස්ථාවරව රට හදනවා’’ සෙමින් එහෙත් ස්ථාවරව ලංකාව ගොඩ නඟමින් මුහුණ දී තිබෙන අභියෝගවලින් රටත් ජනතාවත් මුදා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාල දිවයිනේදී පැවසීය. 31 July 2025
බොරු රට රැකියා පෙන්වා වංචා කළ ලක්ෂ 1994ක් යළි අයිතිකරුවන්ට මේ වසරේ ගෙවුණු මාස හතේ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතන වලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් අයකර දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 31 July 2025
රෝහිතගේ දියණියට ඇප ආන්දෝලනයකට තුඩු දුන් එකලස් කරන ලද ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජීප් රථයක් විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රි දියණියක වූ රොෂෙල් මෙලනී අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. අයි .හෙට්ටිවත්ත මහත්මිය නියම කළාය. 31 July 2025
මාරවිල කාන්තාව ඝාතනයට දෙකක් අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ආරවුලක් මත මාරවිල මරඳ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සිටි කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් දෙදෙනකු ඊයේ (30) අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. 31 July 2025
රාජ්‍ය සේවා වැටුප් විෂමතා ගැන බලන්න අනුකාරක සභාවක් රාජ්‍ය සේවයේ දැනට පවතින වැටුප් විෂමතා හා ඊට සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ අනු කාරක සභාවක් පත් කෙරිණි. 31 July 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 31 July 2025
මවන්න බෑ: රට හදන්න කල් දෙන්න රට හැදීමට යම් කාලයක් අවශ්‍ය බවත් විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කළේය 31 July 2025
හිරගෙදර ලොකු පුටු මාරුවක් බන්ධනාගාර කොමසාරිස්වරුන් සිවු දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින් නව රාජකාරි පවරනු ලැබ ඇත . 31 July 2025
අලි මිනිස් ගැටුම මඩින්න සජිත්ගෙන් වැඩ පිළිවෙළක් විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය 31 July 2025
පරිපාලන ඇමතිගෙන් රාජ්‍ය සේවයට පණිවිඩයක් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැති බවත් ජනතාව පැතු දේශය ගොඩනැගීමෙහි ලා රාජ්‍ය නිලධාරින් ගනුලබන ඕනෑම යහපත් නිවැරදි තීරණයක් වෙනුවෙන් රජය පෙනීසිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය 31 July 2025
’’ අපි බත් පිඟානවත් හරියට බෙදා ගන්න දන්නැති ජාතියක්’’ “අපි අපේ බත් පිඟානවත් හරියට බෙදාගන්න දන්නේ නැති ජාතියක් යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 31 July 2025
මාස 6 ට 34 ක් අල්ලස් දැලේ: පොලිසියේ 10 ක් ඒ අතර පොලිස් නිලධාරීන් 10 ක්, අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් 5 ක් සහ සිවිල් පුද්ගලයන් 6 දෙනකු ඇතුළු සැකකරුවන් 34 දෙනකු පසුගිය මාස 6 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 31 July 2025
දහම් පාසල් විෂය මාලාවත් අලුත් කරයි දහම් පාසල් අධ්‍යාපන විෂය මාලාවද ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. 31 July 2025
පොලිස් සේවයට ලලනාවෝ දාහක් පොලිස් දෙපාර්තමේන්තුවට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 31 July 2025
අතහැරපු ගොඩනැගිලි සරසවි හෝස්ටල්වලට අතහැර දමන ලද රජයේ ගොඩනැගිලි විශ්ව විද්‍යාල නේවාසිකාගාර සඳහා යොදා ගැනීමට රජය තීරණය කර ඇත. 31 July 2025
දැව සංස්ථාව කෝටි 25ක් පිනට දීලා රාජ්‍ය දැව සංස්ථාවේ සේවකයන් සේවක අර්ථ සාධක අරමුදලට ගෙවිය යුතු දායක මුදලක් එම සංස්ථාව ගෙවීම හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇති බව රජයේ විගණකාධිපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුව) දැනුම් දුන්නේය. 31 July 2025
රිය අනතුරින් බිරිය මරුට :සැමියා රෝහලට මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවළක් ගමන්ගත් යතුරුපැදියක් අනතුරට පත් වීමෙන් බිරිද එම ස්ථානයේම මියගොස් යතුරු පැදිය ධාවනය කළ සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කළ බව ගිනිගත්හේන පොලිසිය කියයි. 31 July 2025
ත්‍රිකුණාමල ප්‍ර.ස.හිටපු සභාපතිවරයෙක් ගිනි අවියක් සමඟ අල්ලයි බලපත්‍ර නොමැති නිති විරෝධි ගිනි අවියක් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේ ශිය සභා වේ හිටපු සභාපතිවරයෙක් සහ ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුලදි අත් අංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 31 July 2025
මාලදිවයින් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට මාලදිවයින් රාජ්‍ය සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 31 July 2025
අධිවේගේ හැපුණු රාජ්‍ය ඇමතිගේ බලශක්ති ජීප්රිය ගැන විමර්ශනයක් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලබාගෙන තිබූ බලශක්ති අමාත්‍යාංශයට අයත් ජීප් රථයක් කොළඹ මාතර දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කිලෝමීටර් 88 R සහ 88.1 R ප්‍රදේශයේදී පසුගිය වසරේදී අනතුරට ලක්ව අලාභ හානිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 31 July 2025
පළාත් කිහිපයකට වැසි ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 July 2025
කොස්ගොඩ තරුණයකු වෙඩි තබා මරයි කොස්ගොඩ දූවේමෝදර අද (31)අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයකු මියගොස් ඇති බව කොස්ගොඩ පොලීසිය කියයි. 31 July 2025
ඇමෙරිකා ජාතික වෙසක් උත්සවයට උපරිම සාහාය ලබන වසරේදී අමෙරිකාවේ ප්‍රථම වතාවට පැවැත්වෙන ජාතික වෙසක් දින සැමරීම සදහා ශ්‍රී ලංකා රජයේ උපරිම සහාය ලබාදෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. 30 July 2025
60 වසරක මිතුදම සමරන්න ජනපති පැළ සිටුවයි මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී විය. 30 July 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026