හොර වෛද්ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්යවරයා රිමාන්ඩ් තීරූ බදු රහිත බලපත්ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛදවරයා රෝගී තත්වයක් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්ය වාර්තාව පිළිගත හැකි එකක් නොවන බව කොළඹ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයා ප්රමුඛ පංචපුද්ගල වෛද්ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය. 23 January 2025
ඇඟලුම් අපනයනයට හොඳ කලක් පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ. 23 January 2025
මේ වසරේ විදෙස් රැකියා අවස්ථා 3,40,000 ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. 23 January 2025
බහලුම් 2,458 ක් තවමත් හිරවෙලා නිෂ්කාශනය නොකළ බහාලුම් 2,458 ක් කොළඹ වරාය තුළ ඇති බවත් නැවතත් බහලුම් තදබදය නිර්මාණය වෙමින් පවතින බවත් රේගු මාධ්ය ප්රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 23 January 2025
පාස්පෝට් ලක්ෂ පහක් හදිසියේ මිලට ගනී විදේශ ගමන් බලපත්ර නිකුත් කිරීමේ අර්බුදයට පිළියමක් ලෙස විදේශමන් බලපත්ර ලක්ෂ පහක් හදිසියේ මිලදී ගැනීමට රජය තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 January 2025
මහ ජලකඳ මැද සිරවූ පාසල් බසයේ සිටි සිසුන් නාවික හමුදාව බේරා ගනියි මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු අද පෙරවරුවේ (23) සමත් වූහ. 23 January 2025
පහ ශිෂ්යත්ව ප්රතිඵල නිකුත් වේ 2024 පහ ශ්රේණියේ ශිෂ්යත්ව විභාගයේ ප්රතිඵල අද සවස නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසයි. 23 January 2025
මිනී මරන්න යතුරු පැදි දුන්න දෙකක් මාට්ටු මනුෂ්ය ඝාතන ඇතුළු සංවිධානාත්මක අපරාධ සඳහා කුලී පදනම මත ලබාදීමට සූදානම් කර තිබූ යතුරුපැදි තුනක් සමග පුද්ගලයන් දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 23 January 2025
අයිස් කිලෝ 11ක් සමග අයෙක් දැලේ මාලඹේ කහන්තොට මාවත ප්රදේශයේදී පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (22) සිදුකළ මෙහෙයුමකදී රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය කිලෝ 11 ක් ග්රෑම් 2 ක් සහ හොරායින් ග්රැම් 180 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 23 January 2025
මැති සබේ කෑම වේලේ ගණන් උස්සයි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ආහාර සඳහා දෛනිකව අය කළ ගාස්තුව රුපියල් 2000 ක් දක්වා රුපියල් 1550 කින් ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී අද (23) තීරණය කෙරිණ. 23 January 2025
අර්ජුන මහේන්ද්රන් අල්ලනවා කී ආණ්ඩුව අනුර යාපා අල්ලනවා ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය අනුර ප්රියදර්ශන යාපා අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්යවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතා අද (23) පැවසීය. 23 January 2025
ගිනි ගාණට සහල් වික්ක 20කට නඩු සහල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් සොයා කොළඹ දිස්තික්තය තුළ කළ වැටලීම් මාලාවකදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙදුන් 20 කට වැඩි සංඛ්යාවකට නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය. 23 January 2025
නිලඇඳුමින් සූර් වුණ සැරයන්ලා: පොලිසියෙන්ම වඩා ගෙන යයි රාජකාරී කරන අතරතුර නිලඇදුමෙන් පානදුර ප්රදේශයේ නිවෙසක බීමිතින් නිදා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුගෙන් එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවත් අනෙක් නිලධාරියා වෙනත් පොලිස් ස්ථානයට මාරු කර යවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 23 January 2025
වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි ශ්රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්ෂව සියයට 23ක වර්ධනයක් ප්රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය. 23 January 2025
’’මින් ඉදිරියට, ඇමති ආයතනවලට නිතර එනවා’’ නව රජයේ පත් කිරීම් සිදු කිරීමේ දී ඥාති සම්බන්ධතා හෝ හිතවත්කම් සැලකිල්ලට නොගන්නා බව තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා පැවසීය. 23 January 2025
ශිෂ්යත්ව ප්රතිඵල ඉක්මණින් දෙනවා ප්රශ්න කීපයක් පිටවීමෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවූ ශිෂ්යත්ව විභාගයේ (2024) ප්රතිඵල කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (23) පැවසුවාය. 23 January 2025
කොළඹ - මහනුවර මාර්ගය නිට්ටඹුවෙන් අවහිර වියහැකියි නිට්ටඹුව, ශ්රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස එක් මංතීරුවක් දෙකට බෙදා වාහන දෙපසට ධාවන කරන බව පොලිසිය පවසයි. 23 January 2025
සියලු කොටස් මිල ඒකක 17,000 පනී කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව අද (23) පසු කළේය. 23 January 2025
සෞඛ්ය දර්ශක හොඳ වී ඇත්තේ වෘත්තිකයන්ගේ කැපවීමෙන් ශ්රී ලංකාවේ ක්රියාත්මක නිදහස් සෞඛ්ය සේවාවේ ක්ෂේත්ර රාජකාරී ඉටුකරන සෞඛ්ය වෘත්තිකයන්ගේ මෙන්ම සියලු සෞඛ්ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 23 January 2025
විදෙස් ශ්රමිකයන්ගේ දරුවන්ට පාසල් උපකරණ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා වල නිරතව සිටින හා යලි දිවයිනට පැමිණි ශ්රමිකයින්ගේ දූ දරුවන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් ක්රියාත්මක කරන බව විශේෂ සේවා නියුක්ති කාර්යංශයය කියයි. 23 January 2025
අනුර ප්රියදර්ශනට, බිරියට ඇප ගංවතුරින් අවතැන් වූවන්ට වෙන් කළ මුදල් සාවද්ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය අනුර ප්රියදර්ශන යාපා, ඔහුගේ බිරිය ඇතුළු සිවු දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය මිට සුළු වේලාවකට පෙර නියෝග කළේය. 23 January 2025
සභාපති ධූරයට තරග වදින්න ශම්මි - ජයන්ත - සමන්ත පිටියට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ 2025-2027 කාලය සඳහා නිලධාරී මණ්ඩලය පත්කරගැනීමේ නිලවරණයේ සභාපති ධූරය සඳහා වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු තිදෙනෙක් නාමයෝජනා භාරදී තිබේ. 23 January 2025
සිඟිත්තිය සමඟ සොරකමේ ගිය කත ඇතුළු 4ක් මාට්ටු මාස 11 සිගිති දැරියක අත දරාගෙන සුපිරි වෙළඳසැල් වලින් දේපළ සොරා ගැනීමේ නිරත එකම පවුලේ තිදෙනෙකු ඇතුළු සිව් දෙනකු ඉංගිරිය කැට කඩැල්ල මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 23 January 2025
‘නිති විරෝධි දෙයක් බහාලුම්වල තිබුණොත් අපි වගකිම ගන්නවා‘ වරායේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවකින් තොරව පිටතට යැවූ බහාලුම්වල යම් නීති විරෝධී ද්රව්යයක් මෙරටට රැගෙන විත් තිබුණොත් එහි වගකීම රජයක් ලෙස අපි භාර ගන්නවා යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්ය අමාත්ය ජනිත කොඩිතුවක්කු මහතා පවසයි. 23 January 2025
හිටපු එස් අයි ‘අයිස්‘ සමඟ මාට්ටු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා අයිස් මත්ද්රව්ය සන්තකයේ තබාගෙන සිටි හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් පිළියන්දල හොරණ පාරේ නිවාඩු නිකේතනයක් ඉදිරිපිටදී ඊයෙ (22) රාත්රී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 23 January 2025
පාරේ ගිය යතුරුපැදිය හිටිහැටියේ ගිනි ගනි අනුරාධපුර ආයුර්වේද රෝහල ඉදිරිපිටදී අද (23) උදෑසන මාර්ගයේ ගමන් කරමින් තීබූ යතුරු පැදියක් හදිසියේම ගිනි ගැනීමෙන් යතුරු පැදිය සම්පූර්ණයෙන්ම විනාශයට පත් ව ඇතැයි පොලිසිය කියයි. 23 January 2025
ගුරුවරියගේ පහර කෑ සිසුවිය රෝහලේ පන්ති භාර ගුරුවරිය පහරදීමෙන් ඇදවැටුණ ආණමඩුව විදුහලක ශිෂ්යාවක් රෝහල් ගත කොට ඇතැ යි සිසුවියගේ පියා පැමිණිල්ලක් සිදු කර ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 23 January 2025
අනුර ප්රියදර්ශන - බිරිය අධිකරණයට රැගෙන එයි ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්යවරයකු වු අනුර ප්රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය. 23 January 2025
කරාපිටියේ රෝහලේ කාර්යමණ්ඩලයේ 74කට ඩෙංගු ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ සමාජිකයින් 74 දෙනෙකුට පමණ පසුගිය මාසය තුලදි ඩෙංගු රෝගය වැළදි ඇති බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්යක්ෂක විශේෂඥ වෛද්ය එස්.ඩී.යූ.එම් රංග මහතා පවසයි. 23 January 2025
ත්රී‘මලේ දුම්රිය තාක්ෂණ නිලධාරියා ඊ ටිකට් 92ක් සමග මාට්ටු ඇල්ල ඔඩිසි දුම්රියේ ඊ ටිකට්පත් 92 ක් වැඩි මුදලට අලෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන සිටි ත්රිකුණාමලය දුම්රිය ස්ථානයේ තාක්ෂණික නිලධාරියකු ඇතුළු දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. 23 January 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026