’’රටින් පොල් ගේන්නේ නෑ’’ රටින් පොල් ගෙන එන්නට රජය තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත හා ව්යවසාය සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22)පැවසීය. 22 January 2025
අනිල් භාරතී හඬ නිහඬ වෙයි මෙරට ජ්යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්රාප්ත විය. 22 January 2025
සෞඛ්යයට - ජනමාධ්යයට සහය දෙන බව ජුලී චංග් කියයි මෙරට සෞඛ්ය හා ජනමාධ්ය ක්ෂේත්රවල ඉදිරි ප්රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිනී ජූලි ජේ.චංග් මහත්මිය එකඟතාවය පළ කර තිබේ. 22 January 2025
බහරේනයත් සංචාරක වීසා රැකියාවලට වැට බඳියි බහරේන් රාජ්යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්යන්තර කටයුතු අමාත්යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 22 January 2025
මිනී මැරුම්- කුඩු වැඩි වෙලා මනුෂ්ය ඝාතන සහ නීති විරෝධී මත්ද්රව්ය ක්රියාකාරකම් වේගයෙන් වර්ධනය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 January 2025
රිදියගම සිංහ පැටවුන්ට නම් තබන්න අවස්ථාවක් අම්බලන්තොට රිදියගම සෆාරි උද්යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබිමට මහජනතාවට අවස්ථාව උදා කර ඇත. 22 January 2025
කොස් ගසට නැගී සිසුවා විදුලි සැර වැදී මරුට විශ්රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන් ඊයේ (21) මියගොස් ඇතැයි හුරීගස්වැව පොලිසිය කියයි. 22 January 2025
අර්චුනාගෙන් මෝසමක් පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අධිකරණයට මෝසකමක් මගින් ඉදිපත්වී තමන්ට එරෙහි චෝදනා විභාග කරන්නැයි අනුරාධුර අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 22 January 2025
කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5ක් ත්රිකුණාමල දිස්ත්රික්කයේ කින්නියා ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ඇ.ඩො මිලියන 10.5 ක මුදලක් වෙන් කළ බව මුදල් ක්රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශය පවසයි. 22 January 2025
ජල සෞඛ්ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්රජා වත්කම් කළමනාකරණ ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 January 2025
වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්රාත්තුවක් පිරිනමයි කොළඹ වරාය පුළුල් කිරීමේ ව්යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 22 January 2025
විද්යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්යා හා තාක්ෂණ අමාත්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඊයේ (21) ඉවත් කෙරිණ. 22 January 2025
අලුත උපන් බිළිඳා ළිඳකට දමලා තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි. 22 January 2025
එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. 22 January 2025
සමන් දේවාලයේ ඇත් දළ යුගළ දෙකක් අතුරුදන් රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු රත්නපුර සහකාර කොමසාරිස් පී.ඩී. නිහාල් මහතා රත්නපුර පොලිසියට පැමිණිලි කර ඇතිබව රත්නපුර පොලිසිය පවසයි. 22 January 2025
පළාත් කිපයකට අදත් තද වැසි නැගෙනහිර, උතුරු,උතුරු - මැද මධ්යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 22 January 2025
බ්රිතාන්යය ඉන්දියාව යටත් කරගෙන ඩොලර් බිලියන 64820ක් කොල්ල කාලා ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ 21 January 2025
දේව ප්රතිමා ඉස්සූ හිටපු සෙබලා ඇතුළු දෙකක් මාට්ටු පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . 21 January 2025
ඇමෙරිකාවේ ඉවත්වීම ගැන WHO නිවේදනයක් ඇමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බවත් ඒ පිළිබඳව නැවත ඇමෙරිකාව සිතා බලනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක සෞඛ්ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය. 21 January 2025
රතු වී ගැන හම්බන්තොට මැසිවිලි 2024 මහ කන්නයේ වි අස්වනු නෙළිම හම්බන්තොට දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල සුළු වශයෙන් ආරම්භ වුවත් රජය තවමත් සහල් සඳහා මිලක් නියම කර නැතැයි ගොවීහු පවසති. එවන් පසු බිමක රතු නාඩු අමු වි කිලෝවක් මේ දිනවල රුපියල් 165 ත් 170 අතර මිළකට විවිධ පුද්ගලයන් මිළදි ගැනිම සිදුකෙරේ. 21 January 2025
මාතර සහල් මඟඩියක් අල්ලයි දේශීය සහ ආනයනය කරන ලද කැකුළු සහල් පාලන මිල අභිබවා වැඩි මිලට අලෙවි කළ මාතර ව්යාපාරික ස්ථාන 23ක් වැටලූ බව පාරිභෝගික අධිකාරිය පවසයි . 21 January 2025
උද්ධමනය සෘණ 2.0 ක් දක්වා අඩුවෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමන අනුපාතය දෙසැම්බර් මාස සියයට සෘණ 2.0 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව අද ((21) නිවේදනය කළේය. 21 January 2025
ආසියා ශූරියට ඇමතිගෙන් මල් මිටක් දකුණු ආසියානු ප්රවීණයින්ගේ මලල ක්රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්රරත්න ක්රීඩිකාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සුබ පැතුම් පළ කළේය. 21 January 2025
ඕමානයේ සංචාරක වීසා රැකියා සඳහා දොරටු වසයි සංචාරක වීසා උපයෝගී කොටගෙන ඕමාන් රාජ්යයේ රැකියා සදහා පැමිණීමෙන් වලකින ලෙස එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඕමාන් රාජ්යයේ පොලිස් නිවේදනය උපුටා දක්වමින් නිවේදනය කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 21 January 2025
ජපන් යන ’’තරුණ නෞකාව’’ එරංග හමුවෙයි ජපානයේ ජගත් තරුණ නෞකා වැඩසටහන සඳහා සහභාගී වීමට නියමිත තරුණ තරුණියන් අද (21) තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර හමුවිය. 21 January 2025
’’ කියනකං ඉන්න එපා-යන්න’’ ’’කියනකං ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නේ’’ යැයි සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිවස සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය. 21 January 2025
ජනපති මැදුරුවලට කරන දේ කියයි රාජතාන්ත්රික කටයුතු සඳහා ජනාධිපති මන්දිර දෙකක් පමණක් පවත්වාගෙන යන බව කැබිනට් ප්රකාශක අමාත්ය නලින්ද ජයතිස්ස මහතාා පැවසීය. 21 January 2025
රු .370 බෙහෙත රු. 70,000 ගැනීම ගැන මැති සබේදී හෙට ප්රකාශයක් රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්ය ප්රකාශක, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදීපැවසීය. 21 January 2025
විදුලිසැර වැදී දාසයහැවිරිදි සිසුවා මරුට විදුලිසැර වැදීමකින් ගල්නෑව හුරීගස්වැව ප්රෙද්ශයේ වයස අවුරුදු 16 ක පාසල් සිසුවකු අද (21) පස්වරුවේ සිදුවූ මියගොස් ඇතැයි පොලිසිය කියයි. 21 January 2025
අර්චුනාට එරෙහි පොලිසියේ ඉල්ලීම අධිකරණය ප්රතික්ෂේප කරයි අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාදී බලහත්කාරය පා බැන තර්ජනය කළැයි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නොතීසී නිකුත් කරන්නැයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ ඉල්ලීමක් අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ප්රතික්ෂේප කළේය. 21 January 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026