හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු අද(31) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 December 2024
බැක්ටීරියා ඖෂධයක් ගේන ලංසුව පකිස්ථානයට බැක්ටීරියා ප්රතිකාරක ඖෂධයක් වන මෙරපනම් එන්නත් ග්රෑම් 1න් වයල් 900,000 ක් සැපයීම සඳහා වන ප්රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
බුද්ධිමය දේපළ පනතේ නියෝග පාර්ලිමේන්තුවට භූගෝලීය දර්ශක ලියාපදිංචිය සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ප්රකාශයට පත් කරනු ලැබූ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
ලංකාදීප FT හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ ලංකාදීප FT අතිරේකය හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ ඔබ අතට පත් කිරීමට විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. 31 December 2024
උසස් පෙළ ප්රතිඵල අප්රේල් මස උසස් පෙළ විභාගයේ ප්රතිඵල ලබන අප්රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (31) පැවසීය. 31 December 2024
හපුතලේදී වෑන් රථයක් ගල් කන්දක ගැටී දෙකක් මරුට හපුතලේ උඩ විහාරගලදී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන ගල් කන්දක අද (31) හැපීමෙන් එහි ගමන් ගත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දස දෙනකු පමණ බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව හපුතලේ පොලීසිය කියයි. 31 December 2024
සජිත් මන්මෝහන් සිංට සොව පළ කරයි ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ අභාවය සම්බන්ධයන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී අද(31) දිනයේ සිය ශෝකය පළ කළේය. 31 December 2024
’’රට ගිය ඇත්තෝ’’ ගැන වගතුග එළියට ශ්රි ලාංකේය ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ 2024 වර්ෂයේදී බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 31 December 2024
සහල් මෙට්රික්ටොන් 79000ක් එයි ආනයන බලපත්ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (31) වන විට ආනයනික සහල් මෙට්රික්ටොන් 79000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්ය ප්රකාශක, අතිරේක රේගු අධ්යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 31 December 2024
පොලිසියේ යූටියුබ් නාලිකාවට සයිබර් ප්රහාරයක් පොලිසියේ යූටියුබ් නාලිකාවටත් රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියටත් අද (31) සයිබර් ප්රහාරයක් එල්ලවී ඇත. 31 December 2024
ලංකාවේ විනිවිද බව ගැන UN එකට වාර්තාවක් ශ්රී ලංකාවේ පළමු ද්විවාර්ෂික විනිවිදභාවය පිළිබඳ වාර්තාව දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට වානේ ගබඩාවක් රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සඳහා දෙමහල් වානේ ව්යූහ ගබඩාවක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
වේයන්ගොඩ පොලීසියේ ගින්නක් වේයන්ගොඩ පොලිස් ස්ථානයේ අබිලි ද්රව්ය ගොඩ ගසා තිබූ කාමරයක අද( 31) දහවල් ඇති වූ ගින්නකින් එම ගබඩාවේ තිබූ සියලු අබිලි ද්රව්ය හා පැරණි ලිපි ලේඛන විනාශයට පත් වී ඇති බව පොලීසිය කියයි. 31 December 2024
හදවත් රකින්න බේතක් ගේන්න ලංසු කැඳවයි ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහා වන ප්රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
’’රාජ්ය සේවය කප්පාදු කරන්නේ නෑ’’ රාජ්ය සේවක කප්පදුවක් සිදුකිරීමට රජයට කිසිදු බලාපොරොත්තුවක් නැති බව සෞඛ්යා ජනමාධ්ය අමාත්ය කැබිනට් ප්රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 31 December 2024
උද්ධමනය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට මුදල් ප්රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය (Headline Inflation) අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
වී ගබඩා සංකීර්ණය වසා දමලා වසර දහයකට ඉහතදී ඉදි කරනු ලැබූ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණයෙහි වී ගබඩා කර ඇත්තේ කන්න තුන හතරකදී පමණක් වන අතර ඉන් ලැබෙන එකම ප්රයෝජනය ප්රදේශයේ ජනතාව ඇවිදීමේ මං තීරුවක් වශයෙන් භාවිතා කිරීම පමනක් බව මරදගහමුල ව්යාපාරිකයෝ කියති. 31 December 2024
සෞදියේ නිල සංචාරයකට සිරියානු විදේශ ඇමැති සූදානම් සෞදි අරාබියේ නිල සංචාරයක් සිදු කරන්න යැයි ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා කුමරු කළ ආරාධනය පිළිගත් බවත් එය තමාගේ ප්රථම නිල විදෙස් සංචාරය වනු ඇති බවත් සිරියානු විදේශ කටයුතු අමාත්ය අසාද් හසන් අල්-ෂිබානි ප්රකාශ කළේය. 31 December 2024
සිසුවා පැහැරගෙන බැංකු පොතේ මුදල් කොල්ල කාලා කහටගස්දිගිලිය ප්රදේශයේ සිට අනුරාධපුර නගරයට පෞද්ගලික උපකාර පන්තියකට සහභාගී වීම සඳහා පැමිණි සිසුවෙකු හට පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කර කාර් රථයක දමා ගෙන ගොස් රුපියල් 67000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සැකකරුවන් දෙකක් කාර් රථයක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 31 December 2024
ඔඩපණ ණය දිගටම දෙන්න කැබිනට් අනුමැතිය වී මිලදී ගැනීම සඳහා මීට පෙර ක්රියාත්මක කරන ලද ඔඩපණ ණය යෝජනා ක්රමය 2024/25 මහ කන්නයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
සිරියාවේ මහ බැංකු අධිපති ධුරය පළමු වරට කාන්තාවකට සිරියානු මහ බැංකුවේ අධිපති ධුරය ප්රථම වතාවට කාන්තාවක් පත් කිරීමට එරට නව පාලකයින් කටයුතු කර ඇත. එලෙස නව මහා බැංකු අධිපති ධුරය සඳහා පත්කර ඇත්තේ මීට පෙර සිරියානු මහ බැංකු නියෝජ්ය අධිපති ධුරයේ කටයුතු කළ මේසා සබ්රීන්ය. 31 December 2024
දුෂණ විරෝධී පනත සංශෝධනය කරයි දුෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
නව වසර උදාවෙද්දී ලෝක ජනගහනය බිලියන 8ක් නව වසර උදාවන හෙට (01) දිනයේ ලෝක ජනගහනය බිලියන 8.09ක් වනු ඇතැයි ඇමෙරිකානු ජන සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත. 31 December 2024
විසර්ජන පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය 2025 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
රාජ්ය සේවයට බඳවා ගැනීම් ගැන බලන්න කමිටුවක් රාජ්ය සේවයේ බඳවා ගැනීම් ක්රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
තාත්තාගේ- සහෝදරයාගේ පොලු පහරින් අයෙක් මරුට පියා සහ බාල පුතා එක් වි වැඩිමල් පුතාට මුගුරුවලින් පහර දි ඝාතනය කර ඇති බව පුඩළුඔය පොලිසිය පැවසිය. 31 December 2024
රාජ්ය ආයතන ගැන පැමිණිලි විමර්ශනයට වෙනම ඒකකයක් රාජ්ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්යාංශ වල විමර්ශන ඒකක පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
රජයේ මුද්රණාලයාධිපති පත් කිරීමට කැබිනට් අනුමැතිය රජයේ මුද්රණාලයාධිපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
මුලතිව් ගුවන් හමුදා කඳවුර රඳවාගැනීමේ මධ්යස්ථානයක් කරයි ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්යස්ථානයක්” ලෙස ප්රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30) දින නිකුත් කරනු ලැබීය. 31 December 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026